Skip to content

ෆෙඩොරා 10 උපදෙස්

Network සැකසුම්

ඔබේ Network Settings (ip, dns, gateway, netmask) ආදිය සකස් කිරීමට මෙන්ම ඔබේ පරිගණකයේ hostname එක සකස් කිරීමටත් ඔබ යා යුතතේ System->Administration->Network වෙතයි. මෙහිදී “system-config-network” ලෙස හැඳින්වෙන GUI මෙවලම භාවිතයෙන් ඔබේ ethernet එක මෙන්ම මොඩමයක් (dialup) වුවත් සකසා ගත හැකියි.

නව dialup සබඳතාවක් සකසා ගැනීමට මේ සටහනුත් උපකාර වෙයි.

CDMA සහ ජංගම දුරකථන ලිනක්ස් සමග සම්බන්ධ කරමු

ලිනක්ස් සහ HDA මෝඩම්

ඔබ proxy server එකක් භාවිතා කරනවා නම් “System->Preferences->Internet and Network->Network Proxy” වෙත ගොස් එය සකස් කර ගැනීමට පුලුවන්.

17 thoughts on “ෆෙඩොරා 10 උපදෙස්

  1. Pingback: ෆෙඩෝරා ලිනක්ස් සටහන් » Blog Archive » ෆෙඩෝරා උපදෙස් මාලාව

  2. සමීර ශාකුන්තල says:


    NOPASSWD:ALL

    මෙයින් අදහස් වෙන්නේ මගේ ගිණුමේ ටර්මිනලයේ සිට ඕනෑම වෙලාවක රහස්පදය නොමැතිව ඕනෑම දෙයක් කළහැකි බව ද? එනයින් මෙය අනාරක්ෂිතයි නොවේද?

    පිළිතුරු සැපයීම
  3. ප්‍රසාන් says:

    @ශාකුන්තල
    ඔව්, සැබවින්ම!
    මා නිවසේ හා කාර්යාලයීය පරිගණකවල මෙලෙස සකසා ඇති මුත් (මගේ පරිගණකය අසලට කිසිවෙක් ලංවීමට ඇති බිය නිසා :D) මෙය අනාරක්‍ෂිතයි. මා ඉහත උපදෙස්මාලාවෙන් NOPASSWD:ALL ඉවත් කරන්නනම්.
    ස්තුතියි ශාකුන්තල

    පිළිතුරු සැපයීම
  4. කිසංක says:

    ඔබගෙ මෙම ලිපි පෙල මුලින්ම අගය කලයුතුය. මමත් ෆෙඩෝරා භාවිතා කරමි, නමුත් දැනට වැඩියෙන් භාවිත කරන්නෙ වින්ඩොස්ය. මම ෆෙඩෝරා 9 භාවිත කලෙමි, දැන් නම් භවිතා කරන්නෙ ෆෙඩෝරා 10යි. මට ඇති ප්‍රශ්නයනම් මගේ මොඩමය ෆෙඩෝරා වල පිහිටුව ගැනිමට නොහැකි වීමයි. මම මීට පෙර ෆෙඩෝරා 9 සමඟ මගේ Cඪ්Mඇ දුරකතනය හරහා අන්තර්ජාල පහසුකම ලබාගතිමි. පසුව මම Sළ්ඨ් බ්‍රොඅඩ්බන්ඩ් සම්බන්දතාවය ලබා ගතිමි, එහිදි භාවිත වන ඵ්‍රොලින්ක් 9601 මොඩමය පිහිටුවගැනීමට උත්සහයක් දැරිමි. නමුත් එහි දී ඇති උපදෙස් මගෙ දැනුම් සීමාවෙන් පිට බව මට හැගේ. මේ හේතුව නිසා මෘදුකාංගයක් පිහිටුව ගැනිමට යාමේ දි බොහෝ අපහසුතවයට පත්වේ.
    කරුණාකර හැකි නම් මාහට මේ සඳහා උපකාරයක් ලබාදෙන්න

    පිළිතුරු සැපයීම
  5. ගවීන් says:

    ජාල සැකසුම් කලමනාකරණය සඳහා Fedora 10 හි දී (සහ NetworkManager භාවිතා වන අනෙක් distroවලදී ද) system-config-network (සහ එහි අනෙක් ආකාර Eg: system-config-network-tui, etc.) යොදා ගැනීම එතරම් සුදුසු නැත. NetwokManager නිමවා ඇත්තේ system-config-network වෙනුවට යොදාගැනීමටයි. මේ දෙකම වරින් වර භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය ගැටලු සහගත හා/හෝ පැටලුම් සහගත විය හැක. Fedora 10 හි දී NetworkManager Applet එක භාවිතය දිරිගැන්වෙන්නේ එනිසායි. තවද, NetworkManager වලදී පහසුවෙන් සම්බන්ධතා / පෙර සැමසුම් පවත්වාගෙන යා හැකියි. එමෙන්ම Fedora 10වල ලැබෙන්නේ නවතම NetworkManager නිකුතුවකි. ඉතින් Desktop පරිශීලකයන්ට අත පුච්චා නොගෙන ජාල සම්බන්ධතා කලමනාකරණය කරගන්න මා නම් යෝජනා කරන්නේ NetworkManager.

    Servers සඳහා නම් මේ දෙකෙන් system-config-network(-tui) වඩා උචිත බව මගේ හැහීමයි.

    ලිපිය නම් බොහොම අගෙයි. 🙂 ඔහොම යං!

    පිළිතුරු සැපයීම
  6. ප්‍රසාන් says:

    @ගවීන්
    ඔව් ගවීන්, මා ජාල සැකසුම් කලමනාකරණය සඳහන් කොටසට NetworkManager හරහා ජාල කලමනාකරණය ගැන විස්තරත් එක් කරන්නම්. ඒ විස්තර නොමැතිව ලිපිය අසම්පූර්ණ බව මටත් හැඟෙනවා. රැහැන් රහිත ජාල සමග ලැප්ටොප්/ඩෙසක්ටොප් පරිගණක භාවිතා කරන්නෙකුට නම් NetworkManager අත්‍යාවශ්‍යයිනේ!

    ඒ වැරැදීම පෙන්වාදීම ගැන බෙහෙවින්ම ස්තුතියි. 😉

    මා නම් තාමත් කැමති system-config-network එකට තමයි. 🙂

    ඒ නිසා තමයි මා Services ගැන සඳහන් කොටසේ කිව්වේ ස්ථිර ජාල සැකසුම් භාවිතා කරන්නන්ට NetworkManager අක්‍රීය කර network සේවාව සක්‍රීය කරන ලෙස.

    පිළිතුරු සැපයීම
  7. Malshan says:

    I haven’t used yum a single time…………….. anyway i have installed many of those programs you mentioned above. Thanks for the help you’re doing for fedora….. (building RPM’s)

    පිළිතුරු සැපයීම
  8. සමන් says:

    කියන්න වදන් නෑ.ඉදිරියටත් දහස් ගනනකට ප්‍රයෝඡනවත් වේවි !
    මගේ ඉල්ලීම UBUNTU 8.10 ගැනත් පැහැදිලි ලස්සන ලිපියක් ඉක්මනින්ම ලියන්න.

    පිළිතුරු සැපයීම
  9. Shiroshan Randika says:

    ආයේ ෆෙඩෝරා DVDs බෙදාහරින්න පටන් ගත්තම මගේ මේලිපිනයටත් එකක් එවන්න.කලින්ම ඒ
    Shiroshan Randika
    245/C
    Uswetakeiyawa
    Sri Lanka

    කලින්ම ඕඩර් කලාම හරි නේද?

    පිළිතුරු සැපයීම
  10. Shiroshan Randika says:

    ආයේ ෆෙඩෝරා DVDs බෙදාහරින්න පටන් ගත්තම, මගේ මේ ලිපිනයටත් එකක් එවන්න.
    Shiroshan Randika
    245/C
    Uswetakeiyawa
    Sri Lanka

    කලින්ම ඕඩර් කලාම හරි නේද?

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *