වර්ඩ්ප්‍රෙස් සිංහල සහාය!

වරඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කරන අතරතුරේම අපේ මලින්ත ඇතුලු සහෘදයන් විසින් සැකසූ වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදයත් ස්ථාපිත කළා. මේ සටහන වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදක කණ්ඩායමට සුභ පැතීමටයි.

WordPress Upgrade

මෙවර නම් වර්ඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කිරීම සිදුකලේ WordPress Automatic Upgrade ප්ලගිනය මගිනුයි. පෙර වතාවලදී මේ ප්ලගිනයේ ගැටළු ඇති වුවත් මෙවර නම් යාවත්වීම සාර්ථකව සිදු වුනා.

විදිලිය සුරකිමු! කොළ පාටින් හිතමු!!

මේ කියන්න යන්නේ ඔබේ විදිලිය බිලෙන් යම් ප්‍රමාණයක් හරි අඩු කර ගන්නා ආකාරයක් ගැනයි. එමෙන්ම මෙමගින් ඔබට, ඔබේ නිවසේ carbon foot print එකත් යම් ප්‍රමාණයකින් හරි අඩු කර ගැනීමට හැකිවේවි. (කොළ පාටින් හිතමු කියල, think green කියන යෙදුම වචනාර්ථයෙන්ම සිංහලට…

ෆෙඩෝරා 8 සිට ෆෙඩෝරා 9 වෙත preupgrade තුලින්

ෆෙඩෝරා 9 අළුත්ම නිකුතුව නිකුත් වුනේ පසුගිය මැයි 13 වැනිදායි. මදක් පමා වී වුණත් මේ සටහන ලියන්නේ ෆෙඩෝරා 9 ස්ථාපනය කිරීමේදී ප්‍රයෝජනවත් විය හැකි නිසයි. අළුත් විශේෂාංග ගණනාවක් සමගම එන ෆෙඩෝරා 9 පිහිටුවාගැනීමට ඇති පහසුම ක්‍රමය නම් ෆෙඩෝරා -9 DVD…

Ubuntu (උබුන්ටු) 8.04 – ෆෙඩෝරා භාවිතා කරන්නෙක්ගේ ඇසින්

මාත් උබුන්ටු 8.04 බීටා ඩෙස්ක්ටොප් වෙළුම ස්ථාපනය කලා. ආරම්භයේදීම සිතට නැගුන දෙයක් තමයි මේ වෙළුමේ හැඩ වැඩ අතින් නම් උබුන්ටු 7.10 ට වඩා වැඩි වෙනසක් නැතිබව. මේ ඔවුන්ගේ දිගු කාලීන සහාය දක්වන වෙළුම නිසා මා මීට වඩා වෙනසක් බලාපොරොත්තු වුනා.…

මේ වියුණ ගැනයි

අපි බොහෝ දෙනෙක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති ගැන අසා තිබෙන මුත් භාවිතා කරන්නන් නම් අඩුයි. ඉතින් මේ වියුණේ අරමුණ තමයි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයෙන් පසු තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගන්නේ කෙසේද කියන එක ගැන සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලින් භාවිතා කල…