ෆෙඩෝරා 8 මෙහෙයුම් පද්ධතියේ පෙරනිමියෙන් පිහිටුවා ඇත්තේ IcedTea නම් වූ ජාවා පද්ධතියකුයි. මෙය සන් සමාගම මගින් විවෘත මෘදුකාංගයක් ලෙස එලිදැක්වූ OpenJDK මූලාශ්‍ර කොට නිමවූවක්. මෙම ජාවා පද්ධතිය මීට පෙර තිබූ GNU gcj ට වඩා සම්පූර්ණ වුවත් බොහොමයක් ජාවා මෘදුකාංග ධාවනයට Sun ජාවා පද්ධතියම අවශ්‍ය වෙනවා. එසේම ඔබ ජාවා මෘදුකාංග නිමවනවා නම් Sun ජාවා පද්ධතිය අත්‍යාවශ්‍ය වෙනවා.
ජාවා පිහිටුවීමට ප්‍රථමයෙන් ජාවා බ්‍රව්සර් ප්ලගින් එක සඳහා අවශ්‍ය compat-libstdc++-33 පිහිටුවා ගන්න. මේ සඳහා පහත විධානය දෙන්න.
sudo yum install compat-libstdc++-33
සන් ජාවා ෆෙඩෝරා වල පිහිටුවීමට දෙවනුව ඔබ කලයුත්තේ සන් ජාවා බාගත කිරීමයි. සන් ජාවා අඩවියෙන් Java SE JDK1.6 හෝ නවතම එකලස බාගත කරගන්න.
මෙහිදී Linux RPM in self-extracting file යන ගොනුව බාගත කරගන්න. දැන් ග්නොම් අග්‍රය (Gnome Terminal) විවෘත කර ඔබ ඉහත ගොනුව බාගත කල ස්ථානයේ සිට පහත විධාන දෙන්න. (ඔබ බාගත කල ගොනුව අනුව විධාන වෙනස් කිරීමට වගබලාගන්න)
sudo chmod a+x jdk-6u3-linux-i586-rpm.bin sudo ./jdk-6u3-linux-i586-rpm.bin
දැන් අවශ්‍ය වන්නේ අප පිහිටවූ ජාවා පද්ධතිය මෙහෙයුම් පද්ධතියේ පෙරනිමියෙන්ම ක්‍රියාත්මක වන ලෙස සැකසීමයි. මේ සඳහා පහත විධාන දෙන්න.
sudo /usr/sbin/alternatives --install /usr/bin/javac javac /usr/java/latest/bin/javac 2 sudo /usr/sbin/alternatives --install /usr/bin/java java /usr/java/latest/bin/java 2 sudo /usr/sbin/alternatives --config javac sudo /usr/sbin/alternatives --config java
ස්ථාපනය නිවැරදිදැයි බැලීමට පහත විධාන දී ඔබ පිහිටවූ සන් ජාවා වර්ශන් එක පිරික්සන්න.
java -version javac -version
ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ ජාවා සක්‍රීය කිරීමට පහත විධානය දෙන්න
“sudo cd /usr/lib/mozilla/plugins”
“sudo ln -s /usr/java/latest/jre/plugin/i386/ns7/libjavaplugin_oji.so”
ඉන්පසු ප්‍රධාන මෙනුවේ System->Preferences->Java ක්‍රියාත්මක කර ජාවා පාලක පුවරුව (Control Panel) ලබාගත හැකියි.
දැන් ඉතින් ඔබට සීතල IcedTea එකක් වෙනුවට උණු ජාවා එකක් රසවිඳින්න පුලුවන්.