දැන් “වෙල්ලස්ස ලිනක්ස්” ෆෙඩෝරා /යම් මුදුකාංග මූලය (Yum Software Repository) සක්‍රීයයි. මෙමගින්  ඔබට ෆෙඩෝරා සහ RPMFusion නිල මුදුකාංග මූල වල නොමැති, නමුත් මවිසින් වැදගත් යයි සිතන විවෘත හා නිදහස් මුදුකාංග සමහරක් ලබා ගත හැකියි. එසේම නිල මුදුකාංග මූල වල ඇති නමුත් නිසියාකාරව යාවත් නොවූ සමහර මුදුකාංගත් මේ “වෙල්ලස්ස ලිනක්ස්” ෆෙඩෝරා මුදුකාංග මූලය හරහා ලබා දීමටයි අදහස් කරන්නේ!

දැනට මෙහි මුදුකාංග ඇත්තේ මූලික වශයෙන් ෆෙඩෝරා 10 වෙළුමහි i386 ආකෘතිය සඳහා හා සුළු වශයෙන් ෆෙඩෝරා 11 හි x86_64 ආකෘතිය සඳහා පමණයි. මෙහි ඇති සියළුම මුදුකාංග,  source tar ball වලින් ෆෙඩෝරා සඳහා compile කර ඇති නිසා උපරිම කාර්යක්ෂමතාවක් අපේක්ෂා කල හැකියි.

මෙම source tar ball, compile කර RPM බහාළුම් බවට හැරවීමේදී සමහර විට අවශ්‍ය dependencies සඳහන් කිරීමට මග හැරී තිබීමට පුලුවන්. ඉතින් ඔබ මේ මුදුකාංග ස්ථාපනය කර dependency ගැටළු වලට මුහුණදුනහොත් කරුණාකර නැවත මා හට දන්වන්න.

දැනට මේ “වෙල්ලස්ස ලිනක්ස්” මූලයේ ඇති මුදුකාංග මේ පුරුකෙන් බලා ගත හැකියි. එමෙන්ම සෑම මුදුකාංගයකම SRPM ගොනුද ඔබට ඊත පහත ඇති පුරුකෙන් ලබා ගත හැකියි.

http://download.wellassa.org/fedora/10/i386/repoview/

http://download.wellassa.org/fedora/10/SRPMS/repoview/

http://download.wellassa.org/fedora/11/x86_64/repoview/

ස්ථාපනය

“වෙල්ලස්ස ලිනක්ස්” මූලය ඔබේ පරිගණකයේ පිහිටවා ගැනීමට පහත විධානය දෙන්න.

ෆෙඩෝරා 10 සඳහා

sudo rpm -Uhv http://download.wellassa.org/fedora/10/i386/wellassa-linux-release-stable.noarch.rpm

ෆෙඩෝරා 11 සඳහා

sudo rpm -Uhv http://download.wellassa.org/fedora/11/noarch/wellassa-linux-release-stable.noarch.rpm

දැන් ඔබට සාමාන්‍ය ලෙස yum මගින් හෝ packagekit මගින් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග ස්ථාපනය කල හැකියි.

උදාහරණ:

Gsopcast මගින් P2P TV බලන්න පහත විධානය දෙන්න

sudo yum install gsopcast

බෝංචි කඩනවා වගේ මුදුකාංග දියත් කරන launchy පිහිටවා ගැනීමට

sudo yum install launchy

“වෙල්ලස්ස ලිනක්ස්” මගින් මුදාහැරෙන මුදුකාංග ගැන වැඩි විස්තර පසුව පවසන්නම්. එතෙක් මේ මුදුකාංග අතුරින් වැදගත්ම මුදුකාංගය ලෙස මා සලකන TrueCrypt දාලා බලන්න.

sudo yum install truecrypt

වෙල්ලස්සටත් මුදුකාංග මූලයක්!

5 thoughts on “වෙල්ලස්සටත් මුදුකාංග මූලයක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.