Marble ලෝක ගෝලය සහ සිතියම් පොත

KDE ව්‍යාපෘතියේ අධ්‍යාපනික මුදුකාංග අතර ප්‍රධාන තැනක් ගන්නා Marble යනුවෙන් හැඳින්වෙන්නේ ලෝක සිතියම් විදහා දක්වන මුදුකාංගයකුයි. මේ මුදුකාංගය අනෙකුත් KDE ව්‍යාපෘතියේ අධ්‍යාපනික මුදුකාංග සමගම ස්ථාපනය කර ගැනීමට නම්

sudo yum install kdeedu විධානය දීමෙන් පුලුවන්. නමුත් ඔබට KDE හෝ KDE Library පිහිටවා ගන්නේ නැතුව Marble හි Qt මගින් පණගන්වන වෙළුමක් පිහිටවා ගත හැකියි. මෙහිදී ඔබ බාගත කල යුත්තේ අඩු දත්ත ප්‍රමාණයකුයි. එමෙන්ම ඔබ GNOME පමණක් භාවිතා කරනවා නම් මේ Marble-Qt වෙළුම ඔබට කදිමට ගැලපෙනවා.

ඔබ කළ යුත්තේ sudo yum install marble-qt විධානය දීම පමණයි. (ප්‍රථමයෙන් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග මූලය ඔබ පිහිටවා ගත යුතුයි.)

marble

  1. මම දැක්කා KDE වින්ඩෝස් සදහා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ද?

  2. KDE පදනම් වී ඇත්තේ Qt cross platform toolkit එක මත නිසා මේ දේ කරන්න පුලුවන්. දැනට KDE මුදුකාංග බොහොමයක Windows වෙළුම් තිබෙනවා.
    මේවා දමාගැනීමට ලෙහෙසියෙන්ම පුලුවන් KDE Installer එක හරහා

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>