ජීවිත සමග සෙල්ලම් කිරීම

ගණිතය ඉගෙනගැනීමේදී අපි ඉගෙනගන්නා අති විචිත්‍ර අංගයක් තමයි සෛලීය ස්වයංකරණය (Cellular Automation). ඉතින් මේ ගණයට වැටෙන ක්‍රීඩාවක් තමයි ජෝන් කොන්වේ නැමැති ගණිතඥයා විසින් නිර්මාණය කල  “ජීවිතය” නැතහොත් “ජීවන කෙළිය” (“Life” or  “The Game of Life”) ක්‍රීඩාව. මේක ක්‍රීඩාවක් ලෙසම  හැඳින්වීමට බැහැ. මක්නිසාද යත් මෙය ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් නැති නිසා. කිසිවෙක් දිනන්නේ හෝ පරදින්නේත් නැහැ.

අප ජීවිතයත් සමග ක්‍රීඩා කරන්නේ අථත්‍ය ද්විමාන අවකාශයක් තුලයි. අප මේ අවකාශය  ඍජුකෝණික දැලක අකාරයෙන් බැඳුනු සෛල වලින් සෑදී ඇතැයි සලකනවා. මේ සෛල වල ඉපැදීම, මියයාම හෝ පැවැත්ම තීරණය වන්නේ ඉතා සරල රීති පද්ධතියකිනුයි.

(more…)

Marble ලෝක ගෝලය සහ සිතියම් පොත

KDE ව්‍යාපෘතියේ අධ්‍යාපනික මුදුකාංග අතර ප්‍රධාන තැනක් ගන්නා Marble යනුවෙන් හැඳින්වෙන්නේ ලෝක සිතියම් විදහා දක්වන මුදුකාංගයකුයි. මේ මුදුකාංගය අනෙකුත් KDE ව්‍යාපෘතියේ අධ්‍යාපනික මුදුකාංග සමගම ස්ථාපනය කර ගැනීමට නම්

sudo yum install kdeedu විධානය දීමෙන් පුලුවන්. නමුත් ඔබට KDE හෝ KDE Library පිහිටවා ගන්නේ නැතුව Marble හි Qt මගින් පණගන්වන වෙළුමක් පිහිටවා ගත හැකියි. මෙහිදී ඔබ බාගත කල යුත්තේ අඩු දත්ත ප්‍රමාණයකුයි. එමෙන්ම ඔබ GNOME පමණක් භාවිතා කරනවා නම් මේ Marble-Qt වෙළුම ඔබට කදිමට ගැලපෙනවා.

ඔබ කළ යුත්තේ sudo yum install marble-qt විධානය දීම පමණයි. (ප්‍රථමයෙන් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග මූලය ඔබ පිහිටවා ගත යුතුයි.)

marble

LiVES සමගින් ඇසි දිසි සැකසුම

LiVES Video Editor මුදුකාංගය ෆෙඩෝරා 10 සඳහා දැන් ඔබටත් ලබා ගැනීමට පුලුවන් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග මූලයෙන්. ඔබ දැනටමත්  “වෙල්ලස්ස ලිනක්ස්” පිහිටවා ගෙන නැත්නම්

sudo rpm -Uhv http://download.wellassa.org/fedora/10/i386/wellassa-linux-release-stable.noarch.rpm

විධානය දෙන්න. ඉන්පසුව sudo yum install lives විධානය දීමෙන් LiVES Video Editor මුදුකාංගය පිහිටවා ගත හැකියි.

වැඩි විස්තර සඳහා මෙතන බලන්න

https://linux.wellassa.org/2008/12/wellassa-linux-repo.html

lives

වෙල්ලස්සටත් මුදුකාංග මූලයක්!

දැන් “වෙල්ලස්ස ලිනක්ස්” ෆෙඩෝරා /යම් මුදුකාංග මූලය (Yum Software Repository) සක්‍රීයයි. මෙමගින්  ඔබට ෆෙඩෝරා සහ RPMFusion නිල මුදුකාංග මූල වල නොමැති, නමුත් මවිසින් වැදගත් යයි සිතන විවෘත හා නිදහස් මුදුකාංග සමහරක් ලබා ගත හැකියි. එසේම නිල මුදුකාංග මූල වල ඇති නමුත් නිසියාකාරව යාවත් නොවූ සමහර මුදුකාංගත් මේ “වෙල්ලස්ස ලිනක්ස්” ෆෙඩෝරා මුදුකාංග මූලය හරහා ලබා දීමටයි අදහස් කරන්නේ!

දැනට මෙහි මුදුකාංග ඇත්තේ මූලික වශයෙන් ෆෙඩෝරා 10 වෙළුමහි i386 ආකෘතිය සඳහා හා සුළු වශයෙන් ෆෙඩෝරා 11 හි x86_64 ආකෘතිය සඳහා පමණයි. මෙහි ඇති සියළුම මුදුකාංග,  source tar ball වලින් ෆෙඩෝරා සඳහා compile කර ඇති නිසා උපරිම කාර්යක්ෂමතාවක් අපේක්ෂා කල හැකියි.

මෙම source tar ball, compile කර RPM බහාළුම් බවට හැරවීමේදී සමහර විට අවශ්‍ය dependencies සඳහන් කිරීමට මග හැරී තිබීමට පුලුවන්. ඉතින් ඔබ මේ මුදුකාංග ස්ථාපනය කර dependency ගැටළු වලට මුහුණදුනහොත් කරුණාකර නැවත මා හට දන්වන්න.

දැනට මේ “වෙල්ලස්ස ලිනක්ස්” මූලයේ ඇති මුදුකාංග මේ පුරුකෙන් බලා ගත හැකියි. එමෙන්ම සෑම මුදුකාංගයකම SRPM ගොනුද ඔබට ඊත පහත ඇති පුරුකෙන් ලබා ගත හැකියි.

http://download.wellassa.org/fedora/10/i386/repoview/

http://download.wellassa.org/fedora/10/SRPMS/repoview/

http://download.wellassa.org/fedora/11/x86_64/repoview/

ස්ථාපනය

“වෙල්ලස්ස ලිනක්ස්” මූලය ඔබේ පරිගණකයේ පිහිටවා ගැනීමට පහත විධානය දෙන්න.

ෆෙඩෝරා 10 සඳහා

sudo rpm -Uhv http://download.wellassa.org/fedora/10/i386/wellassa-linux-release-stable.noarch.rpm

ෆෙඩෝරා 11 සඳහා

sudo rpm -Uhv http://download.wellassa.org/fedora/11/noarch/wellassa-linux-release-stable.noarch.rpm

දැන් ඔබට සාමාන්‍ය ලෙස yum මගින් හෝ packagekit මගින් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග ස්ථාපනය කල හැකියි.

උදාහරණ:

Gsopcast මගින් P2P TV බලන්න පහත විධානය දෙන්න

sudo yum install gsopcast

බෝංචි කඩනවා වගේ මුදුකාංග දියත් කරන launchy පිහිටවා ගැනීමට

sudo yum install launchy

“වෙල්ලස්ස ලිනක්ස්” මගින් මුදාහැරෙන මුදුකාංග ගැන වැඩි විස්තර පසුව පවසන්නම්. එතෙක් මේ මුදුකාංග අතුරින් වැදගත්ම මුදුකාංගය ලෙස මා සලකන TrueCrypt දාලා බලන්න.

sudo yum install truecrypt