මේ කියන්න යන්නේ ඔබේ විදිලිය බිලෙන් යම් ප්‍රමාණයක් හරි අඩු කර ගන්නා ආකාරයක් ගැනයි. එමෙන්ම මෙමගින් ඔබට, ඔබේ නිවසේ carbon foot print එකත් යම් ප්‍රමාණයකින් හරි අඩු කර ගැනීමට හැකිවේවි. (කොළ පාටින් හිතමු කියල, think green කියන යෙදුම වචනාර්ථයෙන්ම සිංහලට පෙරලුවේ මේ කාබන් ෆුට් ප්‍රින්ට් එක ගැන හිතලයි)

ඉතින් අර මායියා 5xxx කොටසේ (විදිලිබල මණ්ඩල රූපවාහිණී දැනිවීමේ) යන විදිහට නිවසේ ඇති විදිලි පහන් වලට වෙඩි තියන්න පෙර මේ කියන්න යන දේ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක හොඳයි.

පරිගණකයක විදිලි බලය පරිභෝජනය සැලකූවිට එය මොනිටරය සහ CPU (uP + PSU + mother board + etc..) එක ලෙස වෙන් කල හැකියි. මෙහිදී මා කථා කරන්නේ මේ CPU එකෙහි විදිලි බල පරිභෝජනය ප්‍රශස්ත මට්තමක තබා ගන්නා අයුරුයි.

අප අතීතයේදී නම් පරිගණකයක හෝ පරිගණකයකට සම්බන්ධ උපාංගයක ක්‍රියාකාරීත්වය මැන්නේ එයට යම් කිසි කාර්යයක් කොපමණ ශීඝ්‍රතාවයකින් කල හැකිද යන්නෙන් පමණයි. උදාහරණ:

Processor Performance : MIPS, FLOPS etc..
RAM Peromance: MBytes/S
Network peripherals: mbps
Storage Devices: MBytes/S

නමුත් දැන් දැන් පරිගණකයක හෝ උපාංගයක ක්‍රියාකාරීත්වය මනින්නේ එයට යම් කිසි කාර්යයක් කොපමණ ශීඝ්‍රතාවයකින් ඒකක ක්‍ෂමතාවයක් යටතේ කළ හැකිද යන්න මතයි. (Not just performance, but performance per watt). මේ නිසා නවතම microprocessors, RAMs, GPUs, NICs, Hard Disks වගේ සෑම උපාංගයක්ම මේ ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් ඉහත දැකවූ performance metrics සැමකටම /Watt යන්නත් එක් විය යුතුයි. උදාහරණයක් විදිහට දැන් Processor Performance මනින්නේ  FLOPS/Watt වලිනුයි.

පරිගණක පද්ධතියක ක්‍රියාකාරීත්වය (performance) තවමත් Moore’s Law අනුගමනය කරමින් ඉහල යන අතරම, ශක්ති පරිභෝජනයත් ඉහල යානවා. මේ නිසා තමයි පසුගිය කාලවල පරිගණකයක,  processor, video card මෙන්ම ප්‍රධාන පුවරුවේ ඇති  north bridge චිපයේ පවා අති විශාල තාප අවශෝෂක (heat sink) දක්නට ලැබුණේ.  මේ තාප අවශෝෂක වල ප්‍රමාණය විශාල වීමෙන් (සමහර ඒවා වාහනයක විකිරකයක් (radiator) වගෙයි. සමහරු ද්‍රව නයිට්‍රජන් පවා භාවිතා කරනවා) කියවෙන්නේ එම processor/chip අති විශාල ශක්ති පරිභෝජනයක් කරන බවයි. මුල් කාලවල මේ ශක්ති පරිභෝජනයක් ගැටළුවක් නොවුණත් දැන්නම් එය සැබෑ ගැටළුවක්. එනිසා දැන් නිෂ්පාදකයන් උත්සාහ කරන්නේ මේ performance/Watt යන්න ඉහල නංවා ගැනීමටයි. ඒ වගේම මේ කාර්යය සෑහෙන දුරකට සාර්ථක වී තිබෙනවා.

මේ performance/Watt සාර්ථකත්වයේ ප්‍රතිඵල ඔබට ලොව සුපිරම පරිගණක (super computers) 500 ගැන විස්තර සපයන www.top500.org වලින්ම බලාගත හැකියි. එනම් ලොව සුපිරම පරිගණකය වන IBM Blade cluster එකක් මත ධාවනය වන, ලිනක්ස් මගින් පණ පොවන, Roadrunner ලොව වඩාත්ම හරිත (greenest) එනම් performance/Watt වැඩිම පරිගණකයයි. ඔබට මේ ලොව වඩාත්ම හරිත, සුපිර පරිගණක පිලිබඳ විස්තර ලබා ගැනීමට www.green500.org තුලින් පුලුවන්.

ඉතින් අපි ඉදිරි ලිපියකදී මේ හරිත පරිගණනය (green computing) සඳහා එක් එක් පරිගණක දෘඩාංග සහාය දක්වන අයුරුත්, ඒ සඳහා මුදුකාංග සහාය දක්වන අයුරුත් විශේෂයෙන්ම ග්නු/ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මේ සඳහා දක්වන සහාය ගැනත් කථා කරමු.

ඉදිරියේදී කථා කිරීමට අදහස් කරන මාතෘකා:

  • Intel සහ AMD හි හරිත පරිගණනය සහාය. (Centrino, speed step, cool’n quiet etc.., )
  • ACPI, processor c-states, p-states, suspend සහ hybernation
  • ලිනක්ස් tickless කර්නලය,  www.lesswatts.org, powertop සහ acpi කර්නල මොඩියුල
  • GNOME හි ශක්ති කලමනාකරණය.
  • අථත්‍යකරණය (virtualization) සහ thinclient හරිත පරිගණනයේදී භාවිත වන අයුරු.

කවුරුද අකමැති තමන්ගේ විදිලිය සඳහා යන පිරිවැය අඩු කරගන්න! රැඳී සිටින්න!

විදිලිය සුරකිමු! කොළ පාටින් හිතමු!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.