ඔබේ පරිශීලක ගිණුමට (user account) sudo පහසුකම ලබා දෙන්න

ෆෙඩෝරා ස්ථාපනයෙන් පසු මා කල පලමු දේ නම් මගේ සාමාන්‍ය User Account එක sudoers ගොනුවට ඇතුල් කිරීමයි. එවිට root ලෙස දියයුතු විධාන මගේ සාමාන්‍ය account එකෙන්ම දිය හැකි වෙනවා. මේ සඳහා root ලෙස ලොග් වී පහත විධානය දිය යුතුයි.

echo ‘username ALL=(ALL) ALL’ >> /etc/sudoers

username යන්නට ඔබේ username එක භාවිතා කරන්න. ඔබ sudo හරහා විධානයක් දීමේදී මුරපදය (password)  ඇතුල් කරන ලෙස ඉල්ලා සිටි විට ලබාදිය යුත්තේ ඔබේ මුරපදයයි. (root ගේ මුරපදය නොවේ). sudo භාවිතා කිරිමේදී තවත් වාසියක් නම් ඒ හරහා කරන පරිපාලන කටයුතු ඔබේ system log එකට ඇතුලත් වීමයි. “Application->System Tools -> System Log” තුලින් මේවා පිරිකසිය හැකියි.

17 thoughts on “ෆෙඩොරා 10 උපදෙස්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.