RPMFusion මූලය සක්‍රීය කිරීම

System->Administration-> Add/Remove Software මගින් පෙරනිමියෙන් ස්ථාපනය කල හැක්කේ ෆෙඩෝරා නිල මෘදුකාංග පමනයි. මේවා නොයෙකුත් ආයතන වල බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය නොවන සැබෙවින්ම නිදහස් හා විවෘත මූල මුදුකාංග වලට පමණක් සීමා වෙනවා. ඉතින් ප්‍රතිඵලය තමයි ඔබට ෆෙඩෝරා වල පෙරනිමියෙන් අඩු තරමේ  mp3 ගොනුවක් වත් ධාවනය කළ නොහැකි වීම. මේ ගැටළුවට පලමුවරට ෆෙඩෝරා භාවිතා කරන බොහෝ දෙනෙක් මුහුණ පානවා. නමුත් මේ සඳහා ඉතා පැහැදිලි සරල විකල්පයක් තිබෙනවා. එනම් තෙවන පාර්ශවීය මුදුකාංග මූලයක් ස්‍ථාපනය කර ගැනීමයි.

ඉතින් තෙවන පාර්ශවීය මෘදුකාංග ස්ථාපනය සඳහා RPMFusion ( http://rpmfusion.org/ ) වැනි මුදුකාංග මූලයක් (software repository) යම් සඳහා සක්‍රීය කලයුතු වෙනවා.  ෆෙඩෝරා 10 නම් RPMFusion ස්ථාපනයට rpmfusion-free-release-stable.noarch.rpm සහ rpmfusion-nonfree-release-stable.noarch.rpm යන rpm බහාලුම් ඔබේ පද්ධතියේ ස්ථාපනය කරගත යුතුයි.

RPMFusion යනු කලින්  Dribble, Freshrpms, and rpm.livna.org යනුවෙන් හැඳින්වුනු මුදුකාංග මූල තුනක් සංයෝජනයෙන් ෆෙඩෝරා පරිශීලකයන්ගේ උපරිම ප්‍රයෝජනය සඳහා තැනුනු මුදුකාංග මූලයක්.

sudo rpm -Uvh http://download1.rpmfusion.org/free/fedora/rpmfusion-free-release-stable.noarch.rpm
sudo rpm -Uhv http://download1.rpmfusion.org/nonfree/fedora/rpmfusion-nonfree-release-stable.noarch.rpm
sudo rpm --import /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-rpmfusion-*

17 thoughts on “ෆෙඩොරා 10 උපදෙස්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.