ශ්‍රව්‍ය දෘෂ්‍ය ධාවක ස්ථාපනය

ඔබට ලිනක්ස් වල පෙරනිමියෙන්ම පිහිටා ඇති Totem Movie Player මගින් සියළුම ශ්‍රව්‍ය දෘෂ්‍ය ගොනු ධාවනය කල හැකියි ඒ සඳහා අවශ්‍ය කේතක (codecs) පිහිටවා ගතහොත්. Totem පෙරනිමියෙන් භාවිතා කරන්නේ Gstreamer ලෙසින් හැඳින්වෙන multimedia backend එකයි. මේ සඳහා අවශ්‍ය කේතක ස්ථාපනයට පහත විධාන දෙන්න.

“sudo yum install gstreamer-plugins-ugly gstreamer-plugins-bad gstreamer-ffmpeg”

එමෙන්ම මේ Totem Movie Player එක Xine යනුවෙන් හැඳින්වෙන multimedia backend එකක් සමගත් ඉතා හොඳින් ක්‍රියා කරනවා. මේ Xine backend එක සඳහා ඔබට Windows codecs වුවත් ස්ථාපනය කිරීමට පුළුවන්. Totem Movie Player එක Xine සමග භාවිතා කිරීමට පහත විධාන දෙන්න.

“sudo yum install totem-xine xine-lib-extras xine-lib-extras-freeworld

Windows codecs ස්ථාපනයට පහත විධාන දෙන්න

[lang=bash]
wget http://www.mplayerhq.hu/MPlayer/releases/codecs/all-20071007.tar.bz2
sudo mkdir -p /usr/lib/codecs
sudo tar -jxvf all-20071007.tar.bz2 –strip-components 1 -C /usr/lib/codecs/
[/lang]

Gstreamer  multimedia backend වෙනුවට xine backend භාවිතාව සඳහා පහත විධානය දෙන්න.
“sudo totem-backend -b xine”

මීට අමතරව Winamp වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන Audacious සහ Rhythmbox පිහිටවා ගැනීමට පහත විධාන දෙන්න

“sudo yum install rhythmbox audacious audacious-plugins-freeworld*”

ඔබ KDE භාවිතා කරනවා නම් Amarok ස්ථාපනය කර ගන්න

“sudo yum install amarok amarok-extras-freeworld xine-lib-extras-freeworld”

ඒ වගේම vlc සහ mplayer ස්ථාපනයටත් අමතක කරන්න එපා

“sudo yum install vlc mplayer mplayer-gui gnome-mplayer

17 thoughts on “ෆෙඩොරා 10 උපදෙස්

  • @ශාකුන්තල
    ඔව්, සැබවින්ම!
    මා නිවසේ හා කාර්යාලයීය පරිගණකවල මෙලෙස සකසා ඇති මුත් (මගේ පරිගණකය අසලට කිසිවෙක් ලංවීමට ඇති බිය නිසා :D) මෙය අනාරක්‍ෂිතයි. මා ඉහත උපදෙස්මාලාවෙන් NOPASSWD:ALL ඉවත් කරන්නනම්.
    ස්තුතියි ශාකුන්තල

  • ඔබගෙ මෙම ලිපි පෙල මුලින්ම අගය කලයුතුය. මමත් ෆෙඩෝරා භාවිතා කරමි, නමුත් දැනට වැඩියෙන් භාවිත කරන්නෙ වින්ඩොස්ය. මම ෆෙඩෝරා 9 භාවිත කලෙමි, දැන් නම් භවිතා කරන්නෙ ෆෙඩෝරා 10යි. මට ඇති ප්‍රශ්නයනම් මගේ මොඩමය ෆෙඩෝරා වල පිහිටුව ගැනිමට නොහැකි වීමයි. මම මීට පෙර ෆෙඩෝරා 9 සමඟ මගේ Cඪ්Mඇ දුරකතනය හරහා අන්තර්ජාල පහසුකම ලබාගතිමි. පසුව මම Sළ්ඨ් බ්‍රොඅඩ්බන්ඩ් සම්බන්දතාවය ලබා ගතිමි, එහිදි භාවිත වන ඵ්‍රොලින්ක් 9601 මොඩමය පිහිටුවගැනීමට උත්සහයක් දැරිමි. නමුත් එහි දී ඇති උපදෙස් මගෙ දැනුම් සීමාවෙන් පිට බව මට හැගේ. මේ හේතුව නිසා මෘදුකාංගයක් පිහිටුව ගැනිමට යාමේ දි බොහෝ අපහසුතවයට පත්වේ.
    කරුණාකර හැකි නම් මාහට මේ සඳහා උපකාරයක් ලබාදෙන්න

  • ජාල සැකසුම් කලමනාකරණය සඳහා Fedora 10 හි දී (සහ NetworkManager භාවිතා වන අනෙක් distroවලදී ද) system-config-network (සහ එහි අනෙක් ආකාර Eg: system-config-network-tui, etc.) යොදා ගැනීම එතරම් සුදුසු නැත. NetwokManager නිමවා ඇත්තේ system-config-network වෙනුවට යොදාගැනීමටයි. මේ දෙකම වරින් වර භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය ගැටලු සහගත හා/හෝ පැටලුම් සහගත විය හැක. Fedora 10 හි දී NetworkManager Applet එක භාවිතය දිරිගැන්වෙන්නේ එනිසායි. තවද, NetworkManager වලදී පහසුවෙන් සම්බන්ධතා / පෙර සැමසුම් පවත්වාගෙන යා හැකියි. එමෙන්ම Fedora 10වල ලැබෙන්නේ නවතම NetworkManager නිකුතුවකි. ඉතින් Desktop පරිශීලකයන්ට අත පුච්චා නොගෙන ජාල සම්බන්ධතා කලමනාකරණය කරගන්න මා නම් යෝජනා කරන්නේ NetworkManager.

    Servers සඳහා නම් මේ දෙකෙන් system-config-network(-tui) වඩා උචිත බව මගේ හැහීමයි.

    ලිපිය නම් බොහොම අගෙයි. 🙂 ඔහොම යං!

  • @ගවීන්
    ඔව් ගවීන්, මා ජාල සැකසුම් කලමනාකරණය සඳහන් කොටසට NetworkManager හරහා ජාල කලමනාකරණය ගැන විස්තරත් එක් කරන්නම්. ඒ විස්තර නොමැතිව ලිපිය අසම්පූර්ණ බව මටත් හැඟෙනවා. රැහැන් රහිත ජාල සමග ලැප්ටොප්/ඩෙසක්ටොප් පරිගණක භාවිතා කරන්නෙකුට නම් NetworkManager අත්‍යාවශ්‍යයිනේ!

    ඒ වැරැදීම පෙන්වාදීම ගැන බෙහෙවින්ම ස්තුතියි. 😉

    මා නම් තාමත් කැමති system-config-network එකට තමයි. 🙂

    ඒ නිසා තමයි මා Services ගැන සඳහන් කොටසේ කිව්වේ ස්ථිර ජාල සැකසුම් භාවිතා කරන්නන්ට NetworkManager අක්‍රීය කර network සේවාව සක්‍රීය කරන ලෙස.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.