Rar, Ace සහ 7z සම්පීඩිත ගොනු දිගහැරීම

සමහර අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙනවා zip වලට අමතරව, rar, ace, 7zip වැනි ක්‍රම වලින් සම්පීඩිත ගොනු දිගහැරීමට. ඉතින් ග්නොම් වල අපි භාවිතා කරන ෆයිල් රෝලර් (file roller) මගින් මේ ගොනු දිගහැරීමට හැකිද?

පුලුවන්, නමුත් ප්‍රථමයෙන් මේ සඳහා unrar, unace සහ p7zip යන විධාන පෙල මෙවලම් පිහිටුවා ගත යුතුයි. මේකයි දියයුතු විධානය:

“sudo yum install unrar unace p7zip”

unrar සහ unace යනු විවෘත මෘදුකාංග නොවන නිසා ඒවා ස්ථාපනයට නම් RPMFusion මූලය සක්‍රීය කර තිබිය යුතුයි.

එසේම ඔබට මේ ස්ථාපනයෙන් පසුව එවින්ස් (Evince) මගින් .cbr කොමික් බුක් (Comic Books) නැරඹීමේ හැකියාවත් ලැබෙනවා.

17 thoughts on “ෆෙඩොරා 10 උපදෙස්

ප්‍රතිචාරයක් ලබාදෙන්න