ආයුබෝවන්, RPM Fusion

දැන් ඔබේ ෆෙඩෝරා, රෙඩ්හැට් හෝ CentOS පරිගණකයට නැතිවම බැරි ලිව්නා (livna) සහ freshrpm මූල සහ dribble මූල එක්වීමෙන් තැනුනු RPM Fusion මූලය සක්‍රීයයි. මෙමගින් livna සහ freshrpm එකවර භාවිතා කිරීමේදී පැනනැගුනු ගැටළු විසඳෙනවා. ඔබ ලිවනා හෝ freshrpm මූලය නිවැරදිව පිහිටවා…

ෆෙඩෝරා 9 සහ ෆෙඩෝරා 8 updates නැවතත් සක්‍රීයයි.

දැනට මාසයක් පමණ නැවතී තිබූ ෆෙඩෝරා 9 සහ ෆෙඩෝරා 8 updates දැන් නැවතත් සක්‍රීයයි. මෙම updates ඔබේ පරිගණකයට ලැබීම අදියර දෙකකින් සිදුවනු ඇති. ප්‍රටමයෙන්ම යම් මූල (yum repositories) fedora-updates-newkeys යනුවෙන් හැඳින්වෙන නව මූලයකට යාවත් වන අතර දෙවනුව අනෙකුත් මුදුකාංග සහ…

දත්ත සිල්ලර මිලට ගන්න ඔබට සහනයක්

ඔබත් ඔබේ ජංගම දුරකථනයේ GPRS, EDGE හෝ 3G සබඳතාව මගින් ඉන්ටර්නෙට් සැරිසරන්නෙක්ද? නිතරම නොකලත් හදිසි අවස්ථා වලදී මෙසේ කිරීමට සිදු වනවා නොවේද? ඉතින් ඔබ ජංගම දුරකථනයේම ඇති බ්‍රව්සරය භාවිතා නොකොට එය පරිගණකයට සම්බන්ධ කොට ඉන්ටර්නෙට් පිරික්සන අවස්ථාත් ඇති. නමුත් මෙලෙස…

ඔබටත් නිරවුල්, සරල දිසි-දිවැවුමක් ඇවැසිද?

ඔබ දැනටමත් දන්නවා ඇති mplayer කියන්නේ අනේකවිධ ඇසි-දිසි ගොනු දිවැවිය හැකි මුදුකාංගයක් කියලා. ඉතින් මේ mplayer විධාන පෙල මෙවලම කෙලින්ම භාවිතා නොකොට අපි mplayer-gui එක සමග තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අපේ පහසුවට. රූපය: mplayer-gui හැබැයි මේ mplayer-gui වල මූණත්තහඩුව සහ…

Xgnokii – තවත් ජංගම දුරකථන හා සබැඳි විය හැකි මුදුකාංගයක්

කලින් ලිපියේ කිවු Gammu වලට සමාන තවත් මුදුකාංගයක් තමයි Xgnokii . මෙය ග්නොකි gnokii නම් වූ විධාන පෙල මෙවලමට GUI එකක් ලෙස ක්‍රියා කරනවා. පිහිටුවාගැනීමට “sudo yum install xgnokii” විධානය දෙන්න.

නොකියා 3110, Wammu සහ සිංහල යුනිකේත

මාත් අළුත් දුරකතථනයක් මිලදී ගත්තා (Nokia 3110c). ඉතින් මා කලින් භාවිතා කල දුරකථනයේ ඇති අංක සහ කෙටි පාණිවුඩ නව දුරකථනයට ලබා ගැනීමට මා භාවිතා කලේ වැමු Wammu යි. මෙම මුදුකාංගය බොහොමයක් ජංගම දුරකථන සඳහා සහාය දක්වනවා. (මා සාර්ථකව Nokia 3110…

ස්කයිපි පල්ස්ඔඩියෝ සහ ෆෙඩෝරා

ස්කයිපි ගැන මා මීට කලිනුත් කතා කලා ඔබට මතක ඇති. ඉතින් ස්කයිපි ලිනක්ස් එක්ක පල්ස්ඔඩියෝ පටලැවෙන බව මා මීට කලිනුත් කීවා. මෑතකදී ස්කයිපි අළුත වුනා 2.0.0.72 වෙළුමට. මෙහි මා දුටු වෙනසක් නම් ශ්‍රව්‍ය උපාංග (Sound Devices)  යටතේ, ප්‍රදාන ප්‍රතිදාන සැකසුම්…

ටොටම් එක්ක යූ-ටියුබ්

යූ-ටියුබ් සලරුවක් බාගත නොකර අපේ දෘෂ්‍ය ධාවකයෙන්ම බලන්න පුලුවන් නම් හරිම අගෙයි නේද? ඉතින් මේ පහසුකම ටොටම් වල දැනටමත් තිබෙනවා. කල යුත්තේ ටොටම් යූ-ටියුබ් ප්ලගිනය පිහිට්වීමයි. මෙමගින් ඔබට යූ ටියුබ් අඩවිය තුල සලරූ සෙවීමටද පුලුවන්. ඔබට මීට වඩා පහසුකම් අවශ්‍ය…