Sopcast සමගින් p2p TV

sopcast යනුවෙන් හැඳින්වෙන්නේ p2p TV පහසුකම සපයන මුදුකාංගයකුයි. ඔබට sopcast වලින් රූපවාහිණි නාලිකා නැරඹීමට අවශ්‍ය නම් පලමුවෙන්ම කල යුත්තේ sopcast linux වෙළුම බාගත කර ගැනීමයි.

http://www.sopcast.com/download/

ඉහත පුරුකේ ඇති “sp_auth.tgz” යන SopCast 3.0.1 for Linux ගොනුව බාගත කරන්න.

“wget http://download.sopcast.cn/download/sp-auth.tgz”

දෙවනුව sopcast ලිනක්ස් වෙළුම සඳහා අවශ්‍ය “compat-libstdc++-33” පිහිටවා ගන්න

“sudo yum install compat-libstdc++-33″

දැන් එය ඔබේ පරිගණකයේ  සාමාන්‍යයෙන් මුදුකාංග  ස්ථාපනය වෙන තැනකට දිගහැර ගන්න.

“sudo tar -xvzf sp-auth.tgz -C /usr/share/”

මෙහිදී ස්ථාපනය වන ප්‍රධානම ගොනුව වන්නේ “sp-sc-auth” යනුවෙන් හැඳින්වෙන විධාන පෙල මෙවලමයි. මේ ගොනුව ඔබේ ධාවන පෙතට (executable path) එක් කර ගන්න. මෙහිදී අප ඊලඟට පිහිටවීමට යන gsopcast නැමැති GUI මෙවලම මේ ගොනුව හඳුන්වන්නේ “sp-sc” නමින් බැවින් පහත විධානය දීමෙන් අපට “/usr/bin/sp-sc”  යන Symbolic Link එක නිමැවිය හැකියි.

“sudo ln -s /usr/share/sp-auth/sp-sc-auth /usr/bin/sp-sc”

Gsopcast GTK අතුරු මුහුණත

දැන් ඇත්තේ ඉහත පිහිටවූ sopcast විධාන පෙල මෙවලම සඳහා GNOME හෝ KDE  අතුරු මුහුණතක් දමා ගැනීමයි. gsopcast යනුවෙන් හැඳිනෙවෙන ග්නොම් අතුරු මුහුණතක් පිහිටවා ගැනීමට නම් පහත අඩවියෙන් මුදුකාංග මූල ගෙන ඒවා compile කල යුතුයි. මේ සඳහා ඔබ මුදුකාංග සංවර්ධන මෙවලම් පිහිටවා ගත යුතුයි.

http://code.google.com/p/gsopcast/

නමුත් ඔබට එසේ කිරීම ගැටළු සහගතයි නම් මවිසින් සකස් කරන ලද RPM හෝ SRPM ගොනු පහත සබැඳි වලින් ලබා ගැනීමට පුලුවන්.

gsopcast-040-1.fc10.i386.rpm

gsopcast-040-1.fc10.src.rpm

දැන්:

“sudo rpm -Uhv gsopcast-040-1.fc10.i386.rpm”

දීමෙන් gsopcast ස්ථාපනය කර ගත හැකියි. gsopcast මගින් පෙරනිමියෙන් යොදා ගන්නා දෘෂ්‍ය ධාවකය වන්නේ mplayer යි. එය ඔබට අවශ්‍ය නම් “config” ටැබ් එක හරහා වෙනස් කර ගත හැකියි.

වර්ඩ්ප්‍රෙස් සිංහල සහාය!

වරඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කරන අතරතුරේම අපේ මලින්ත ඇතුලු සහෘදයන් විසින් සැකසූ වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදයත් ස්ථාපිත කළා. මේ සටහන වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදක කණ්ඩායමට සුභ පැතීමටයි.

WordPress Upgrade

මෙවර නම් වර්ඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කිරීම සිදුකලේ WordPress Automatic Upgrade ප්ලගිනය මගිනුයි. පෙර වතාවලදී මේ ප්ලගිනයේ ගැටළු ඇති වුවත් මෙවර නම් යාවත්වීම සාර්ථකව සිදු වුනා.

ෆෙඩෝරා 10 – 2

ෆෙඩෝරා 10 DVD එක නම් කරදරයකින් තොරව ලබා ගත්තා. ගතවී තිබුණේ පැය 6 ක පමණ වෙලාවක්.

නමුත් ඊයේ සිටම මා උත්සාහ කළේ ෆෙඩෝරා 10 ට preupgrade තුලින් යාවත් වීමටයි. ගැටළුව වූයේ ෆෙඩෝරා 9 හි දැනටම ස්ථාපිත වී ඇති preupgrade තුලින් ෆෙඩෝරා 10 ට යාවත් වීම සඳහා පහසුකමක් නොමැති වීමයි.

මේ ගැටළුව fedora mailing list එකේහිද කිහිප වාරයක්ම පසුගිය පැය කිහිපය තුල මතුවී තිබුනා. මෙයට දැනට ඇති විසඳුම වන්නේ ඔබ පහත පුරුකට ගොස් නවතම preupgrade බාගත කර ඉන්පසු ෆෙඩෝරා 10 Cambridge වෙතට යාවත් වීමයි.

[lang=bash]

wget http://koji.fedoraproject.org/packages/preupgrade/1.0.0/1.fc9/noarch/preupgrade-1.0.0-1.fc9.noarch.rpm
sudo yum localinstall –nogpgcheck preupgrade-1.0.0-1.fc9.noarch.rpm
[/lang]
දැන් විධාන පෙලේ preupgrade විධානය දීමෙන් ෆෙඩෝරා 10 Cambridge වෙතට යාවත් විය හැකියි. කෙසේ වුවත් මේ ගැටළුව අද දවස ඇතුලතම විසඳෙයි කියලා තමයි මා නම් හිතන්නේ.

ෆෙඩෝරා 10

දැන් ෆෙඩෝරා 10 ඔබට ලබා ගැනීමට හැකියි. උපරිම වේගයෙන් බාගත කිරීමට torrent ම භාවිතා කරන්න.

http://torrent.fedoraproject.org/

මේ මා මගේ  2M ADSL සබැඳියේ උපරිම වේගයෙන් torrent මගින් fedora බාගත කරන අයුරුයි.

ඔබ දැනටමත් ෆෙඩෝරා භාවිතා කරනවා නම් අවශ්‍ය මුදුකාංග පමණක් බාගත කර ෆෙඩෝරා 10 ට යාවත් වීම සඳහා preupgrade භාවිතා කරන්න. ෆෙඩෝරා 9 සහ preupgrade සඳහා ලියූ සටහනක් මෙතැන තිබෙනවා.

https://linux.wellassa.org/2008/06/fedora-9-preupgrade.html

පරිගණක කිහිපයක ඇති ලිපි ගොනු Synchronize කර ගන්නේ කෙසේද?

ඔබ සමහරවිට පරිගණක එකකට වඩා වැඩි ගණනක් භාවිතා කරනවා විය හැකියි. උදාහරණයක් විදිහට ඔබේ කාර්යාලයීය පරිගණකය. ඔබේ නිවසේ පරිගණකය සහ ඔබේ ජංගම පරිගණකය. ඉතින් මේ සෑම පරිගණකයකම පාහේ ඔබේ ලිපි ගොනු තිබෙනවා.

මෙහිදී පැන නගින ගැටළුව තමයි මේ එක් එක් පරිගණකයේ ඇති ලිපි ගොනු සමාන නොවීමි. සමහර විට ඔබ නිවසේ ඇති පරිගණකයේ සැකසූ ලිපියක් ඔබට කාර්යාලයයේදී අවශ්‍ය විය හැකියි. සමහර විට ඔබ කාර්යාලයේදී යාවත් කල ලිපියක නවතම වෙළුම ඔබේ නිවසේ ඇති පරිගණකයේ නැතුව ඇති.

ඉතින් මේ ගැටළුවට පිලියමක් විදිහට අප සමහර දෙනෙක් කරන්නේ සියළුම ලිපි ගොනු  flash-drive (සැනෙලි ධාවකයක්) තුල තබා ගැනීමයි. හැබැයි මේ flash-drive එකක ඇති ලිපි ගොනු පරිගණක වලට පිටපත් කිරීමට බොහෝ විට අපට අමතක වනවා. එසේම මෙය එක් එක් ගොනුව පිරික්සමින් කල යුතු කාර්යයක්. උදාහරණයක් විදිහට ඔබේ flash-drive එකේ මෙන්ම පරිගණකයේත් යාවත් වූ ලිපි ගොනු ඇත්නම් මේ කාර්යය ඉවාසීමෙන් කළයුතු කාලය ගතවන කාර්යයක්. ඉතින් මේකට විසඳුම සියළුම ලිපි ගොනු flash-drive එකේ පමණක් තබා ගැනීමද? (ඔබේ flash-drive එක අස්ථානගතවීමට හෝ ක්‍රියා විරහිත වීමට හැකියිනේ)

මෙහිදී තමයි යුනිසන් (Unison File Synchronizer) ඔබේ පිහිටට එන්නේ. ප්‍රථමයෙන්ම යුනිසන් (Unison File Synchronizer) ස්ථාපිත කරගන්න. මේ සඳහා පහත විධානය දෙන්න.

“sudo yum install unison”

flash-drive එකක් මගින් ලිපි ගොනු Synchronize කිරීම

  1. ප්‍රථමයෙන්ම ඔබට Synchronize කිරීමට අවශ්‍ය සියළුම ලිපි ගොනු පිලිවලකට සකසාගන්න. දැන් ඔබේ සියළුම ලිපි ගොනු /home/%username%/Documents වැනි folder එකක තහිබිය යුතුයි.
  2. දැන් මේ folder එක ඔබේ flash-drive එකටත් පිටපත් කරගන්න. මේ අවස්ථාවේදී ඔබේ සියළුම ලිපි ගොනු ඔබේ පරිගණකයේ මෙන්ම ඔබේ flash-drive එකේත් තිබෙනවා.
  3. දැන් Application-> Accessories->Unison File Synchronizer මගින් යුනිසන් ආරම්භ කරන්න
  4. .

  5. ඉහත රූපයේ පරිදි root එක ලෙස ඔබ කලින් සැකසූ folder එක ලබාදෙන්න.
  6. ඉන්පසු ලැබෙන පහත දැක්වෙන සංවාද කවුළුවෙන් ඔබේ flash-drive එක තුල කලින් සැකසූ folder එක ලබාදෙන්න
  7. ඔබ සියළු පියවර නිවැරදිව කලා නම් පහත දැක්වෙන සංවාද කවුළුව ලැබිය යුතුයි.
  8. මෙතැන් සිට ඔබේ flash-drive එක සහ පරිගණකය synchronize කිරීම ඉතා ලෙහෙසියි. ලිපි ගොනු වෙනස් වීමකින් පසුව නැවැතත් යුනිසන් ධාවනයේදී ඔබේ flash-drive හි ඇති නවතම ලිපි පරිගණකයටත්, පරිගණකයේ ඇති නවතම ලිපි flash-drive එකටත් හුවමාරු කල හැකියි. පහත රූපය බලන්න. මේ synchronize කිරීම කිරීමට පෙර ඔබට අවශ්‍ය නම් එක් එක් ගොනුව යාවත් කර යුතු දිශාව වෙනස් කල හැකියි.
  9. මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු එක් කරුණක් නම් ඔබේ flash-drive එක ext3 ලෙස හෝ ntfs ලෙස format කර තිබිය යුතුයි. (fat32 වල සීමා නිසා භාවිතා කළ නොහැකියි)
  10. දැන් ඔබේ අනෙක් පරිගණකයේත් මේ උපදෙස්ම පිලිපැදීමෙන් එයත් ඔබේ flash-drive එක සමග sync කර ගත හැකියි.

ඔබේ පුළුල් පරාස සබඳතාව සහ SSH හරහා ලිපි ගොනු Synchronize කිරීම

ඔබට හොඳ ඉනටර්නෙට් සබඳතාවක් ඇති පරිගණක දෙකක් sync කිරීමට flash-drive එකක් භාවිතා නොකරම කළ හැකියි. මෙහිදී ඔබේ පරිගණක වල ssh server, ssh client සහ Unison ස්ථාපනය වී තිබිය යුතුයි. (ෆෙඩෝරා වල නම් ssh පෙරනිමියෙන්ම සක්‍රීයයි). දැන් ඔබ කළ යුතු වෙනස වන්නේ ඉහත පස්වන පියවරේ එන සංවාද කවුළුව පහත අයුරින් සැකසීමයි. ඔබ ADSL සබඳතාවක් භාවිතා කර ලැබෙන්නේ dynamic ip address එකක් නම් ඔබට dynamic DNS සපයන්නෙක්ගේ (උදා: dynDNS) පිහිට ලබා ගත හැකියි.

විදිලිය සුරකිමු! කොළ පාටින් හිතමු!!

මේ කියන්න යන්නේ ඔබේ විදිලිය බිලෙන් යම් ප්‍රමාණයක් හරි අඩු කර ගන්නා ආකාරයක් ගැනයි. එමෙන්ම මෙමගින් ඔබට, ඔබේ නිවසේ carbon foot print එකත් යම් ප්‍රමාණයකින් හරි අඩු කර ගැනීමට හැකිවේවි. (කොළ පාටින් හිතමු කියල, think green කියන යෙදුම වචනාර්ථයෙන්ම සිංහලට පෙරලුවේ මේ කාබන් ෆුට් ප්‍රින්ට් එක ගැන හිතලයි)

ඉතින් අර මායියා 5xxx කොටසේ (විදිලිබල මණ්ඩල රූපවාහිණී දැනිවීමේ) යන විදිහට නිවසේ ඇති විදිලි පහන් වලට වෙඩි තියන්න පෙර මේ කියන්න යන දේ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක හොඳයි.

පරිගණකයක විදිලි බලය පරිභෝජනය සැලකූවිට එය මොනිටරය සහ CPU (uP + PSU + mother board + etc..) එක ලෙස වෙන් කල හැකියි. මෙහිදී මා කථා කරන්නේ මේ CPU එකෙහි විදිලි බල පරිභෝජනය ප්‍රශස්ත මට්තමක තබා ගන්නා අයුරුයි.

(more…)