ආයුබෝවන්, RPM Fusion

දැන් ඔබේ ෆෙඩෝරා, රෙඩ්හැට් හෝ CentOS පරිගණකයට නැතිවම බැරි ලිව්නා (livna) සහ freshrpm මූල සහ dribble මූල එක්වීමෙන් තැනුනු RPM Fusion මූලය සක්‍රීයයි. මෙමගින් livna සහ freshrpm එකවර භාවිතා කිරීමේදී පැනනැගුනු ගැටළු විසඳෙනවා.

ඔබ ලිවනා හෝ freshrpm මූලය නිවැරදිව පිහිටවා ඇත්නම් RPM Fusion මූලය ස්වයංක්‍රීයවම පිහිටවාගැනීමට

sudo yum update

විධානයෙන් හැකියි.

එසේ නැත්නම් පහත විධාන දීමෙන් RPM Fusion මූලය පිහිටවා ගන්න.

sudo rpm -Uvh http://download1.rpmfusion.org/free/fedora/rpmfusion-free-release-stable.noarch.rpm

sudo rpm -Uvh http://download1.rpmfusion.org/nonfree/fedora/rpmfusion-nonfree-release-stable.noarch.rpm

දැන් ඉතින් mplayer, xine, vlc වැනි ඔබේ ප්‍රියතම මුදුකාංග පිහිටවීම අසුරු සැනෙකින් කරගත හැකිවෙයි.

ෆෙඩෝරා 9 සහ ෆෙඩෝරා 8 updates නැවතත් සක්‍රීයයි.

දැනට මාසයක් පමණ නැවතී තිබූ ෆෙඩෝරා 9 සහ ෆෙඩෝරා 8 updates දැන් නැවතත් සක්‍රීයයි. මෙම updates ඔබේ පරිගණකයට ලැබීම අදියර දෙකකින් සිදුවනු ඇති. ප්‍රටමයෙන්ම යම් මූල (yum repositories) fedora-updates-newkeys යනුවෙන් හැඳින්වෙන නව මූලයකට යාවත් වන අතර දෙවනුව අනෙකුත් මුදුකාංග සහ ඒවායේ අනන්‍යතාව තහවුරු කරන gpg-keys යාවත් වෙනු ඇති.

මේ මාසයක් පමණ updates නැවතීමට මුල් වූ තොරතුරු සහ නව udates-newkeys මූලය ගැන වැඩි විස්තර මෙතැනින් ලබාගත හැකියි.

https://www.redhat.com/archives/fedora-announce-list/2008-August/msg00012.html

https://fedoraproject.org/wiki/Enabling_new_signing_key

http://rhn.redhat.com/errata/RHSA-2008-0855.html

දත්ත සිල්ලර මිලට ගන්න ඔබට සහනයක්

ඔබත් ඔබේ ජංගම දුරකථනයේ GPRS, EDGE හෝ 3G සබඳතාව මගින් ඉන්ටර්නෙට් සැරිසරන්නෙක්ද? නිතරම නොකලත් හදිසි අවස්ථා වලදී මෙසේ කිරීමට සිදු වනවා නොවේද? ඉතින් ඔබ ජංගම දුරකථනයේම ඇති බ්‍රව්සරය භාවිතා නොකොට එය පරිගණකයට සම්බන්ධ කොට ඉන්ටර්නෙට් පිරික්සන අවස්ථාත් ඇති.

නමුත් මෙලෙස ජංගම දුරකථනය පරිගණකයට අමුණාගෙන කිලෝ බයිටයකට ශත දෙක බැගින් ගෙවා gmail, facebook,  වැනි අඩවියක පිටු කිහිපයක් සැරිසැරූ විට ගෙවිය යුතු මිල ගැනත් ඔබ දන්නවා නේද?

ඔබ Opera Mini භාවිතා කර ඇති. Opera Mini කියන්නේ සැහැල්ලු MIDP 2 බ්‍රව්සරයක්. වෙබ් පිටු දිස්වන්නේ, ප්‍රථමයෙන් Opera Mini සර්වර් එකක් මගින් ඉතා අඩු දත්ත ප්‍රමාණයක් ලැබෙන ලෙස හැඩගැස්වීමෙන් පසුවයි. මේ කියන්නේ Opera Mini ඔබේ පරිගණකයේ විශාල තිරයකින් (1024 x 768 වැනි) යුතුව දිවැවිය හැකි ආකාරයකුයි. වාසිය නම් මෙහිදී ඔබ බාගත කරන්නේ ඉතා අඩු දත්ත ප්‍රමාණයක් වීමයි. උදාහරණයක් ලෙස BBC, CNN වැනි අඩවියක මුල් පිටුව 1024 x 768 විභේදනයේදී වුවද කිලෝ බයිට 50ක් 60ක් පමණක් වැය කිරීමෙන් බලා ගත හැකියි. එසේම මේ පිලියම ඔබේ CDMA හෝ ඇනලොග් මොඩම සම්බන්ධතාව මන්දගාමී වේලාවලදීත් ප්‍රයෝජනවත් වේවි.

මේ සඳහා ප්‍රථමයෙන්ම JRE එකක් පිහිටුවා ගාන්න. ෆෙඩෝරා වලට නම් මේ ලිපිය බලන්න. ඉන්පසු MicoEmulator නම් J2SE මත MIDP2.0 එම්‍යුලේට් කරන මෙවලම පිහිටුවා ගන්න. ඉන්පසු කල යුත්තේ නවතම Opera Mini Advanced MIDP2 මුදුකාංගය බාගත කර, එය MicoEmulator හරහා ධාවනය කරවීමයි. ( java -jar microemulator.jar)

මෙහිදී MicoEmulator වල Optiions-> Select Device ලෙස ගොස් Resizeable Device එක තෝරා ගන්න. (මේ Device ගොනු ඔබට MicoEmulator මෙවලම සමගම ලැබෙනවා) ඉන්පසු  එහි දකුණු පහත කෙලවරේ ඇති Resize බොත්තම මගින් 1024 x 768 වැනි ඉහල විභේදනයක් තෝරා ගන්න.

රූපය: MicoEmulator,  Resizeable Device එකක් සමග 1024 x 768 විභේදනයෙන්

රූපය: MicoEmulator,  Large Device එකක් සමග 320 x 240 විභේදනයෙන්

ඔබටත් නිරවුල්, සරල දිසි-දිවැවුමක් ඇවැසිද?

ඔබ දැනටමත් දන්නවා ඇති mplayer කියන්නේ අනේකවිධ ඇසි-දිසි ගොනු දිවැවිය හැකි මුදුකාංගයක් කියලා. ඉතින් මේ mplayer විධාන පෙල මෙවලම කෙලින්ම භාවිතා නොකොට අපි mplayer-gui එක සමග තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අපේ පහසුවට.

රූපය: mplayer-gui

හැබැයි මේ mplayer-gui වල මූණත්තහඩුව සහ හැඩ වැඩ ග්නොම් සමග හොඳින් අනුගත වන බවක් පේන්නේ නැහැ. ඉතින් මේකට විසඳුම තමයි gnome-mplayer. මේ නම් අනෙකුත් ග්නොම් මුදුකාංග වගේම සරල නිරවුල් යෙදුමක්.

රූපය: gnome-mplayer

mplayer, mplayer-gui සහ gnome-mplayer යන යෙදුම් සියල්ලම පිහිටවීම සඳහා ප්‍රථමයෙන්ම ලිවනා මූලය සක්‍රීය කරගත යුතුයි.

දැන් පහත විධාන දෙන්න.

“sudo yum install mplayer gnome-mplayer mplayer-gui”

Xgnokii – තවත් ජංගම දුරකථන හා සබැඳි විය හැකි මුදුකාංගයක්

කලින් ලිපියේ කිවු Gammu වලට සමාන තවත් මුදුකාංගයක් තමයි Xgnokii . මෙය ග්නොකි gnokii නම් වූ විධාන පෙල මෙවලමට GUI එකක් ලෙස ක්‍රියා කරනවා.

පිහිටුවාගැනීමට “sudo yum install xgnokii” විධානය දෙන්න.

නොකියා 3110, Wammu සහ සිංහල යුනිකේත

මාත් අළුත් දුරකතථනයක් මිලදී ගත්තා (Nokia 3110c). ඉතින් මා කලින් භාවිතා කල දුරකථනයේ ඇති අංක සහ කෙටි පාණිවුඩ නව දුරකථනයට ලබා ගැනීමට මා භාවිතා කලේ වැමු Wammu යි. මෙම මුදුකාංගය බොහොමයක් ජංගම දුරකථන සඳහා සහාය දක්වනවා. (මා සාර්ථකව Nokia 3110 සහ LG KG200 යන දුරකථන මෙයට සම්බන්ධ කළා)

රූප: වැමු තිරපිටපත්

වැමු පිහිටවීමට “sudo yum install wammu” විධානය දෙන්න.

තවදුරටත් ඔබ භාවිතා කරන්නේ USB රැහැනක් සහිත දුරකථනයක් නම් ෆෙඩෝරා වල ඔබේ පාරිශීලක ගිණුම (User Account)  uucp කාණ්ඩයට එක් කිරිමටත් වග බලාගන්න. (පහත රූපය බලන්න)

නව දුරකථනය ගැන

මා මෙය මිලදී ගැනීමට හේතුවූ කරුණු:

  • අඩු මිල
  • MIDP යෙදුම්, අතුරු මුහුණත සහ xHTML බ්‍රව්වසරය සිංහල සහාය දැක්වීම
  • pop3, imap, smtp, xHTML, WAP2.0, MIDP2.0 සහාය
  • YahooGo සහ Gmail වැනි MIDP යෙදුම් ඉතා හොඳින් වැඩ කිරීම
  • සබඳතා සමමුහෘතකරණය contact syncronization ( ZYB හෝ ඩයලොග් මගින්)

පහත දැකවෙන්නේ මගේ නව දුරකථනයේ මුහුණත සහ xHTML බ්‍රව්වසරය සිංහල පෙන්වන අයුරුයි.

ස්කයිපි පල්ස්ඔඩියෝ සහ ෆෙඩෝරා

ස්කයිපි ගැන මා මීට කලිනුත් කතා කලා ඔබට මතක ඇති. ඉතින් ස්කයිපි ලිනක්ස් එක්ක පල්ස්ඔඩියෝ පටලැවෙන බව මා මීට කලිනුත් කීවා.

මෑතකදී ස්කයිපි අළුත වුනා 2.0.0.72 වෙළුමට. මෙහි මා දුටු වෙනසක් නම් ශ්‍රව්‍ය උපාංග (Sound Devices)  යටතේ, ප්‍රදාන ප්‍රතිදාන සැකසුම් සඳහා දැන් පල්ස්ඔඩියෝ පහසුකමත් තිබෙනවා. ( ස්කයිපි 2.0.0.68 වෙළුමේ නම් මා කලේ පල්ස්ඔඩියෝ අක්‍රීය කර ස්කයිපි භාවිතාවයි. )

මාත් බොහොම සතුටින් පහත රූපයේ දැකවෙන පරිදි සියළුම ප්‍රදාන සහ ප්‍රතිදාන සැකසුම් පල්ස්ඔඩියෝ වලට හරවා පරීක්ෂණ ඇමතුමක් ( skype test call ) ගැනීමට උතසාහ කලා.

ශ්‍රව්‍ය ග්‍රහණයේ ප්‍රශ්නය

මෙසේ කල විට මයික්‍රෆෝනය තුලින් ශ්‍රව්‍ය ග්‍රහණය කරන බවක් නම් පෙනුනේ නැහැ. ශබ්ද පරිමා පාලකය විවෘත කර ඇමතුමක් ගැනීමට උත්සාහ කල විට පෙනුනේ ඇමතුම ගන්නා විගසම ශ්‍රව්‍ය ග්‍රහණය ස්වයංක්‍රීයවම නිහඬ ( audio capturing is automatically muted) වන බවයි. පහත රූපය බලන්න. ඉතින් ශබ්දය ග්‍රහණය වන්නේ කෙසේද?

නමුත් පල්ස්ඔඩියෝ අක්‍රීය කර සියළුම ප්‍රදාන සහ ප්‍රතිදාන සැකසුම් default කල විට නම් පෙර පරිදිම ස්කයිපි නිවැරදිව ක්‍රියා කලා. පහත රූපය බලන්න.

පල්ස්ඔඩියෝ ෆෙඩෝරා වලින් ඉවත් කරන්නේ නැතුව අක්‍රීය කිරීමට

පල්ස්ඔඩියෝ ෆෙඩෝරා වලින් ඉවත් කරන්නේ නැතුව අක්‍රීය කිරීමට නම් “etc/alsa/alsa.conf” ගොනුවේ ඇති “/etc/alsa/pulse-default.conf” යන පෙල අක්‍රීය කරන්න. පහත රූපය බලන්න.

නමුත් පල්ස්ඔඩියෝ සමග ස්කයිපි ක්‍රියා නොකරන්නේ ඇයි.

පල්ස්ඔඩියෝ සමග ස්කයිපි ක්‍රියා නොකරවානම් ස්කයිපි සමග පල්ස්ඔඩියෝ ප්‍රදාන ප්‍රතිදාන සැකසුම් ඇත්තේ ඇයි? ගැටළුව ඇතතේ ස්කයිපි වල නොව වෙන තැනක බව තේරුනේ පසුවයි.

පල්ස්ඔඩියෝ පරිශීලක කාණ්ඩ

එනම් අප භාවිතා කරන පරිශීලක ගිණුම (user account) pulse, pulse-access, pulse-rt යන කාණ්ඩ (groups) වලට එක් කල යුතුයි. මේ සඳහා පහත රූපයේ දැක්වෙන ලෙස system-config-users ක්‍රියාත්මක කර ඔබව ඉහත කාණ්ඩ වලට එක් කර ගන්න.

ධ්වනි ගුණය සහ ප්‍රොසෙසර භාවිතාව

දැන් ඉතින් ස්කයිපි පල්ස්ඔඩියෝ සමගත් ක්‍රියා කරනවා. නමුත් ශබ්දයේ ගුණාත්මක බව නම් ALSA අල්සා වලට වඩා සෑහෙන්න අඩුයි. එමෙන්ම ශ්‍රව්‍ය ග්‍රහණය සඳහා ප්‍රොසෙසරය මුළුමනින්ම පාහේ වැය වෙනවා. පහත රූපය බලන්න ස්කයිපි සහ පල්ස්ඔඩියෝ හරි හරියට මගේ අසරණ ප්‍රොසෙසරය භාවිතා කරන හැටි.

ඉතින් මේකටත් විසඳුමක් තිබෙනවා. එනම් පහත රූපයේ ආකාරයට ශ්‍රව්‍ය ප්‍රදාන සැකැස්ම (HDA Intel (hw:Intel:0) ලෙස ) සකසා ගැනීමයි. (මා හිතහනවා ඔබත් භාවිතා කරන්නේ Intel High Defintion Audio බසයක් සහිත පරිගණකයක් කියා)

මේ පියවරවල් අනුගමණය කලොත් ඔබටත් දැන් ඉතින් පල්ස්ඔඩියෝ අක්‍රීය නොකර ස්කයිපි භාවිතා කල හැකි වෙයි.

ෆෙඩෝරා සඳහා ස්කයිපි මූලය (Repository)

ඔබට දැන් ස්කයිපි මූලයක් ෆෙඩෝරා සඳහා පිහිටවිය හැකියි. ඒ සඳහා “skype.repo” නාම් ගොණුවක් “/etc/yum/repos.d/” වල අරඹන්න.

“sudo gedit /etc/yum/repos.d/skype.repo”

දැන් පහත පෙල එම ගොනුවට එක් කරන්න
[lang=’bash’]
[skype]
name=Skype Repository
baseurl=http://download.skype.com/linux/repos/fedora/updates/i586/
gpgkey=http://www.skype.com/products/skype/linux/rpm-public-key.asc

[/lang]

දැන් “sudo yum install skype” විධානය දීමෙන් ස්කයිපි පිහිටවිය හැකියි.

ටොටම් එක්ක යූ-ටියුබ්

යූ-ටියුබ් සලරුවක් බාගත නොකර අපේ දෘෂ්‍ය ධාවකයෙන්ම බලන්න පුලුවන් නම් හරිම අගෙයි නේද?

ඉතින් මේ පහසුකම ටොටම් වල දැනටමත් තිබෙනවා. කල යුත්තේ ටොටම් යූ-ටියුබ් ප්ලගිනය පිහිට්වීමයි. මෙමගින් ඔබට යූ ටියුබ් අඩවිය තුල සලරූ සෙවීමටද පුලුවන්.

ඔබට මීට වඩා පහසුකම් අවශ්‍ය නම් (සලරූ අඩවි කිහිපයක් එකවර සෙවීම ආදී) මිරෝ භාවිතා කිරීමට පුලුවන්.

ටොටම් යූ-ටියුබ් ප්ලගිනය පිහිටවාගැනීමට පහත විධානය දෙන්න.

“sudo yum install totem-youtube”

ලිව්නා මූලය සක්‍රීය කරන්න. (ෆෙඩෝරා 9 සඳහා නම්)

“sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-9.rpm”

ඔබ භාවිතා කරන්නේ totem-gstreamer නම්  gstreamer-plugins-bad,  gstreamer-plugins-ugly හා gstreamer-ffmpeg පිහිටවා ගැනීමටත් අමතක කරන්න එපා.

ඔබ භාවිතා කරන්නේ totem-xine නම්  xine-lib-extras සහ xine-lib-extras-nonfree පිහිටවා ගන්න.

දැන් ඉතින් ටොටම් ආරම්භ කර (Applications->Sound and Video->Movie Player) Edit->Plugins වෙත ගොස් යූ-ටියුබ් ප්ලගිනය සක්‍රීය කරන්න.