මිරෝ – Miro ඔබේ පරිගණකය ඉන්ටර්නෙට් රූපවාහිණියක් කරගන්න

මිරෝ (Miro) කියන්නේ දෘෂ්‍ය ධාවකයක් වගේම ඉන්ටර්නෙට් වීඩියෝ මෙන්ම රූපවාහිණි සේවාවන් හා සම්බන්ධ වීමත් එකම අතුරුමුහුණතකින් ලබා ගැනිමේ පහසුකම සපයන මෘදුකාංගයක්.

මෙයින් ඉතා ඉක්මනින් යූ ටියුබ්, ගූග්ල් වීඩියෝ වැනි සේවාවන් බොහොමයකටම එකවර සම්බන්ධ විය හැකියි. ඉතින් දෘෂ්‍ය ගොනු සඳහා සෙවුම් යන්ත්‍රයක් ලෙසත් මිරෝ භාවිතා කල හැකියි. එසේම යූ ටියුබ් වැනි සේවාවන් මගින් ලබාදෙන ෆ්ලෑෂ් වීඩියෝ පරිගණකයේ සුරැකීමටත් මෙයට හැකියි. නොයෙකුත් ඉන්ටර්නෙට් වීඩියෝ චැනල හා සම්බන්ධ වීමේ හැකියාවත් මෙහි තිබෙනවා.

ෆෙඩෝරා සඳහා මිරෝ ස්ථාපනය “sudo yum install Miro” විධානය දීමෙන් කල හැකියි.

ලිනක්ස් වලදී නම් මිරෝ දෘෂ්‍ය ගොනු ධාවනය සඳහා භාවිතා කරන්නේ GStreamer හෝ Xine යාන්ත්‍රණයයි. ඉතින් ඔබට මිරෝ වල උපරිම ක්‍රියාකාරීත්වය සඳහා මේ ඉහත පහසුකමුත් ස්ථාපනයට සිදුවේවි. වැඩි විස්තර සඳහා, ලිනක්ස් සඳහා දෘෂ්‍ය ධාවක ස්ථාපනය ගැන සටහනක් මෙතනින් බලන්න.

Totem-Xine, Mplayer, RealPlayer සහ VLC

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>