ස්කයිපි (Skype) අලුත් වෙලා

ස්කයිපි ලිනක්ස් අලුත් වෙලා 2වැනි වෙලුමට. දැන් වෙබ්කෑම් සහායත් දක්වනවා. ඉන්ටර්නෙට් ඇමතුම් වල තත්වය වින්ඩෝස් වලට සමානයි. ලිනක්ස් භාවිතා කරන්නන්ට ඇති හොඳම ඉන්ටර්නෙට් ඇමතුම් ලබාගත හැකි මෘදුකාංගය දැන් ඉතින් අවිවාදයෙන්ම ස්කයිපි තමයි. ස්කයිපි ස්ථාපනයට ප්‍රථමයෙන් ස්කයිපි භාවිතා කරන QT4 ලයිබ්‍රරිය…

මිරෝ – Miro ඔබේ පරිගණකය ඉන්ටර්නෙට් රූපවාහිණියක් කරගන්න

මිරෝ (Miro) කියන්නේ දෘෂ්‍ය ධාවකයක් වගේම ඉන්ටර්නෙට් වීඩියෝ මෙන්ම රූපවාහිණි සේවාවන් හා සම්බන්ධ වීමත් එකම අතුරුමුහුණතකින් ලබා ගැනිමේ පහසුකම සපයන මෘදුකාංගයක්. මෙයින් ඉතා ඉක්මනින් යූ ටියුබ්, ගූග්ල් වීඩියෝ වැනි සේවාවන් බොහොමයකටම එකවර සම්බන්ධ විය හැකියි. ඉතින් දෘෂ්‍ය ගොනු සඳහා සෙවුම්…

ෆෙඩෝරා වලට Download Manager (බාගත පරිපාලක)

ලිනක්ස් සඳහා ඔබ භාවිතා කරනා බාගත පරිපාලකය කුමක්ද? මගේ ප්‍රියතම මෙවලම් දෙකක් තමයි ඩවුන් දෙම් ඕල් (DownThemAll!) සහ මල්ටිගෙට් (Multiget) මෙයින් ඩවුන් දෙම් ඕල් කියන්නේ ෆයර්ෆොක්ස් එක්ස්ටෙන්ෂන් එකක්. මෙය ෆයර්ෆොක්ස් 2 සමග මෙන්ම ෆයර්ෆොක්ස් 3 බීටා 3 සමගත් හොඳින් ක්‍රියා…

ඉන්ටර්නෙට් රේඩියෝ – BMPx සහ ලාස්ට්.එෆ්.එම්

පුළුල් පරාස ඉන්ටර්නෙට් සම්බන්ධතාත් සමග ඉන්ටර්නෙට් එකෙන්ම ගුවන්විදිලිය ශ්‍රවණයත් රූපවාහිණිය නැරඹීමත් දැන් වැඩිවෙලා තිබෙනවා. මේ සටහන් කරන්නේ ඉන්ටර්නෙට් රේඩියෝ සහ සංගීතය ගැනයි. ෆෙඩෝරා වාගේම අනෙකුත් ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහාත් ඉතා ජනප්‍රිය ශ්‍රව්‍ය ධාවක දෙකක් තමයි ඇමරොක් (Amarok) සහ රිදම්බොක්ස් (Rythmbox).…

DVD රිප් කරමු – K3B සහ k9copy

කාලෙකට පසුව නැවතත් සටහනක් තබන්නේ DVD රිප් කිරීම නැතහොත් DVD එකක් MPEG-4 දෘෂ්‍ය කේතනයකට හරවා දෘඩ තැටියේ සුරැකීම ගැනයි. මෙහිදී ලිනක්ස් වලින් DVD එකක් DIVX, XVID හෝ ISO MPEG-4 වලට හරවාගැනීම ගැන සලකමු. වින්ඩෝස් වලදී නම් මේ දේ කරගැනීමට අනේකවිධ…

බිට් ටොරන්ට් සහ ලිනක්ස්

සම-සම ජාලකරණයේ (peer to peer networking) වඩාත්ම ජනප්‍රිය භාවිතය තමයි බිට්ටොරන්ට්. ලිනක්ස් සඳහා ඇති සේවාලාභී බිට්ටොරන්ට් මෘදුකාංග (BitTorrent Clients) රාශියක් අතරින් මා ෆෙඩෝරා සඳහා භාවිතා කරන මෘදුකාංග ගැන සටහනක් තැබිමයි මේ කරන්නේ. ෆෙඩෝරා වල ග්නොම් සඳහා පෙරනිමියෙන්ම ස්ථාපනය වී ඇති…

VirtualBox – මගේ ප්‍රියතම අතථ්‍ය යන්තරේ

ඔබ ලිනක්ස් සඳහා ඇති අතථ්‍ය යන්ත්‍ර (Virtual Machines) ගැන උනන්දුවක් දක්වනවාද? අතථ්‍ය යන්ත්‍රයක් කිව්වාම බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ VMware, Qemu වැනි විසඳුම් තමයි. වින්ඩෝස් සඳහා නම් Microsoft Virtual PC ත් තියෙනවා. නවතම ක්‍ෂුද්‍රසකසන (Microprocessors) අතථ්‍යකරණ සහාය දෘඩාංග මට්ටමින්ම (Hardware Virtualization)…

ගූගල් ඩෙස්ක්ටොප් – සෙවුම් සහ දිවැවුම්

වසර 2004 දි විතර කරලියට ආව ගූග්ල් ඩෙස්ක්ටොප් සෙවුම් යන්ත්‍රය වින්ඩෝස් සඳහා නම් ඉතාම ජනප්‍රියයි. කොතරම් ජනප්‍රිය වුනාද කියනවනම් මයික්‍රොසොෆ්ට් සමාගමටත් ඔවුන්ගේ සාම්ප්‍රදායික සෙවුම් යාන්ත්‍රණය වෙනුවට වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් සර්වර් 2008 සමග මීට ක්‍රියාකාරීත්වයෙන් සමාන වින්ඩෝස් සර්ච් නම් මෙවලමක්…