වර්ඩ්ප්‍රෙස් සිංහල සහාය!

වරඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කරන අතරතුරේම අපේ මලින්ත ඇතුලු සහෘදයන් විසින් සැකසූ වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදයත් ස්ථාපිත කළා. මේ සටහන වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදක කණ්ඩායමට සුභ පැතීමටයි.

WordPress Upgrade

මෙවර නම් වර්ඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කිරීම සිදුකලේ WordPress Automatic Upgrade ප්ලගිනය මගිනුයි. පෙර වතාවලදී මේ ප්ලගිනයේ ගැටළු ඇති වුවත් මෙවර නම් යාවත්වීම සාර්ථකව සිදු වුනා.

ෆෙඩෝරා 10 – 2

ෆෙඩෝරා 10 DVD එක නම් කරදරයකින් තොරව ලබා ගත්තා. ගතවී තිබුණේ පැය 6 ක පමණ වෙලාවක්. නමුත් ඊයේ සිටම මා උත්සාහ කළේ ෆෙඩෝරා 10 ට preupgrade තුලින් යාවත් වීමටයි. ගැටළුව වූයේ ෆෙඩෝරා 9 හි දැනටම ස්ථාපිත වී ඇති preupgrade තුලින්…

ෆෙඩෝරා 10

දැන් ෆෙඩෝරා 10 ඔබට ලබා ගැනීමට හැකියි. උපරිම වේගයෙන් බාගත කිරීමට torrent ම භාවිතා කරන්න. http://torrent.fedoraproject.org/ මේ මා මගේ  2M ADSL සබැඳියේ උපරිම වේගයෙන් torrent මගින් fedora බාගත කරන අයුරුයි. ඔබ දැනටමත් ෆෙඩෝරා භාවිතා කරනවා නම් අවශ්‍ය මුදුකාංග පමණක් බාගත…