(සිංහල) ෆෙඩෝරා 8 සිට ෆෙඩෝරා 9 වෙත preupgrade තුලින්
- (සිංහල) Rar, Ace සහ 7Zip ගොනු Extract කිරීම
- (සිංහල) ඔබේ තිර-රක්නය Really Slick වලින් හැඩ වැඩ කරගන්න!
7 thoughts on “(සිංහල) ෆෙඩෝරා 8 සිට ෆෙඩෝරා 9 වෙත preupgrade තුලින්”
Comments are closed.
Having fun with Fedora
Comments are closed.
වටිනා ලිපියක් ප්‍රසාන්.
ජයවේවා!!
ඔබගේ ලිපිය අනුව මාගේ ෆෙඩෝරා 8, 9 දක්වා යාවත්කාල කළෙමි. උපදෙස් උදෙසා ස්තුතියි. නමුත් කොළුචෝ වැඩේ කරන්න ගිහින් අබ කුරහන් උනානේ. සියළුම පියවරයන් ලස්සනට ගියා. අන්තිමට shutdown -r now කියලා ගහලා බලාගෙන හිටියා ෆෙඩෝරා 9 එනකම්! දන්නවද මොකක්ද ආවේ කියලා.
signal out of range කියලා. ඒ කියන්නේ තිරයට (monitor) එන සංඥා පරාසයෙන් පිට කියලා. දැන් මොකද කරන්නේ? ආපහු කිහිප වතාවක් උත්සහ කළා. ම්හ්! කොහොම හරි ගූගල් පීරන්න පටන් ගත්තා. grub boot loader එකේදි කොහොම හරි 3 මට්ටමේ පිහිටවීමට ආවා. (level 3 boot)
( 1. Pressed e while highlighting – kernal …….
2. hit e to edit again
3. then leave a space and 3
4. then enter
5. and then b)
ඊට පස්සේ ඔයාගේ ලිපියේ අන්තිම පියවරත් කළා
(rpm -Uhv http://rpm.livna.org/livna-release-9 && yum -y update)
ඒකත් පැය ගණනක් උනා කියමුකෝ. ඉවරයි කියලා වැටුනහම නැවත (reboot) පටන් ගත්‍තා. අපොයි GRUB කියලා වැටිලා යන්තරේ හිර වෙනවා. මගේ මෝඩ කමට රක්‍ෂිත කරන්නත් (backup) බැරි උනා. ආයෙත් ගූගල් පීරන්නට උනා. කිහිප දෙයක්ම කළා හරි ගියේ නැහැ. අන්තිමට මගේ ගාව තිබුන ෆෙඩෝරා 8 තැටිය දාලා නැවත ගොඩ ගන්න ගියා. හරි යන්නේම නැහැ. එක වෙලාවකට හිතුනා ආපහු ෆෙඩෝරා 8 දාන්නත්. එත් මගේ සියළුම දේ නැතිවෙන නිසා ඒක හරියන්නෙත් නැහැ. අන්තිමට නැවත ගොඩදාන ප්‍රකාරයේ (mode) ගිහින් කරපු එක දෙයක් හරි ගියා.
(1. grub-install hda1
2. root (hd0,0)
3. setup (hd0)
4. Quit)
ඔන්න දැන් යන්තම් GRUB boot loader (ආරම්භක පැටවුම) හරි ගියා. ඒත් තාම තිරයට මොනවත් එන්නේ නැහැ. ඊට පස්සේ
yum install kmod-nvidia -y කළා.
ආයෙත් ආරම්භ කළා.
මෙන්න ෆෙඩෝරා 9…… නියමයි.
හැබැයි මේ සේරටම වෙලාව දවසක් ගියා.
මා මෙය ලීවේ යමෙකුට යලි උවමනා වුවහොත් ප්‍රයෝජනය සඳහාය.
කොහොමින් කොහොම හරි ෆෙඩෝරා 9 දාගැනීම ගැන මගේ සුභ පැතුම්!
බොහොමත්ම පිං තොරතුරු වලට.
මටත් ඔහොම වැඩක් වුණා samsung දෘඩ තැටියක් ඇති පරිගණකයකට ෆෙඩෝරා9 දාන්න ගිහින්. මේක නම් ෆෙඩෝරා වල නිවරදි නොකරපු බග් එකක්.
ප්‍රශ්නය ඇත්තේ දෘඩ තැටි නිෂ්පාදකයා තැටියේ නමට ස්ලෑශ් එකක් “\” එක් කිරීමයි. මේ ස්ලෑශ් හදිය නිසා මා බොහෝ කරදර වින්දා.
මෙන්න මෙතන තියෙනවා බග් එක නමුත් තාම විසඳුමක් නැහැ.
https://bugzilla.redhat.com/show_bug.cgi?id=442457
මේ ප්‍රශ්නය නිසා මොනම ක්‍රමයකින් වත් ෆෙඩෝරා 9 දාන්න බැහැ yum upgrade එකකින් මිස.
කාලේකින් ලියලා නැනේද
@සදීෂ්
බොහොම පිං හොයාලා බැලුවට!~ මේ දිනවල පොඩ්ඩක් අවිවේකයි.
අනිවාර්යෙන්ම ඉන්ටර්නෙට් ගියොත් බලන බ්ලොග් එකක් තමයි ෆෙඩොරා ලිනක්ස් සටහන් බ්ලොග් එක.
මුල ඉදලම ෆෙඩොරා ඉගෙනගන්න විදියට බ්ලොග්එක හදනවනම් බොහොම පිං.