Yum මගින් මුදුකාංග ස්ථාපනය / ඉවත් කිරීම

ඔබට අවශ්‍ය මෘදුකාංගයේ නම දන්නවනම් ඉතා ලෙහෙසියෙන්ම එය ස්ථාපනය කර ගැනීම සඳහා yum (යම්) භාවිත කල හැකියි. මදක් පුරුදු වූ විට Yum මගින් මෘදුකාංග ස්ථාපනය  System->Administration-> Add/Remove Software යන විධානයෙන් ක්‍රියාත්මක වන  Packagekit ට වඩා  භාවිතයට වඩා ඉතා පහසුයි. (ඇත්තෙන්ම Packagekit අභ්‍යන්තරයෙන් භාවිතා කරන්නේත් Yum හි පහසුකමමයි)

ඔබේ පරිගණකයේ දැනට ස්ථාපිතා මුදුකාංග යාවත් කිරීමට පහත විධානය දෙන්න. මෙමගින් ප්‍රථමයෙන්ම සියළුම මුදුකාංග මූල (Software repositories) වලට අදාල yum දත්තපාද යාවත් කරන අතරතුර ඉන්පසු ස්ථාපිත මුදුකාංග වල නව සංස්කරණ ඇත්නම් ඒවා යාවත් වේ.

“sudo yum update”

ෆෙඩෝරා යාවත් වීමේදී rpm ගොනු ලාබාගන්නේ ස්වයංක්‍රීයවම තෝරා ගන්නා ලොව පුරා පිහිටි විවිධ software mirrors මගින්. (මේ නිසා එක් software mirrors එකක් වැඩිපුර load වීමක් සුදු වන්නේ නැහැ) නමුත් මෙනිසා යම් විසින් ස්වයංක්‍රීයව  තෝරා ගන්නා software mirror අනුව ඔබේ බාගත කිරීමේ වේගය සීමා වීමට පුලුවන්. මේ ගැටළුවෙන් මිදීමට පහත විධානය දී yum-fastestmirror ප්ලගිනය පිහිටවාගන්න.

“sudo yum install yum-fastestmirror”

තවත් අත්‍යාවශ්‍ය Yum විධාන කිහිපයක් උදාහරණ සහිතව

මෙහිදී mplayer, vlc ආදිය උදාහරණ ලෙස ගෙන ඇත.

  • මුදුකාංගයක් සෙවීම –
    “sudo yum search mplayer”
  • මුදුකාංගයක් පිලිබඳ වැඩි විස්තර දැන ගැනීම
    “yum info mplayer”
  • මුදුකාංග එකක් හෝ කිහිපයක් ස්ථාපනය :
    “sudo yum install mplayer vlc”
  • මුදුකාංග එකක් හෝ කිහිපයක් ඉවත්කිරීම:
    “sudo yum remove mplayer vlc”
  • මුදුකාංග සමූහයක් පිලිබඳ විස්තර ලබා ගැනීම
    “sudo yum groupinfo “Sinhala Support””
  • මුදුකාංග සමූහයක් ස්ථාපනය:
    “sudo yum groupinstall  “Sinhala Support””
  • මුදුකාංග සමූහයක් ඉවත් කිරීම:
    “sudo yum groupremove  “Sinhala Support””
  • වෙන තැනකින් බාගත කල RPM බාහාළුමකින් එන මුදුකාංගයක් ඔබේ පරිගණකයේ ඇත්නම් එයට අවශ්‍ය අනෙකුත් මුදුකාංගද (dependencies) සමග ස්ථාපනයට:
    “sudo yum localinstall –nogpgcheck rpmfile.rpm”
  • yum තාවකාලිකව ගබඩා කර ඇති rpm ගොනු සහ සියළුම මුදුකාංග මූල සඳහා වූ දත්තපාද ඉවත් කිරීමට
    “sudo yum clean all”

17 thoughts on “ෆෙඩොරා 10 උපදෙස්

  • @ශාකුන්තල
    ඔව්, සැබවින්ම!
    මා නිවසේ හා කාර්යාලයීය පරිගණකවල මෙලෙස සකසා ඇති මුත් (මගේ පරිගණකය අසලට කිසිවෙක් ලංවීමට ඇති බිය නිසා :D) මෙය අනාරක්‍ෂිතයි. මා ඉහත උපදෙස්මාලාවෙන් NOPASSWD:ALL ඉවත් කරන්නනම්.
    ස්තුතියි ශාකුන්තල

  • ඔබගෙ මෙම ලිපි පෙල මුලින්ම අගය කලයුතුය. මමත් ෆෙඩෝරා භාවිතා කරමි, නමුත් දැනට වැඩියෙන් භාවිත කරන්නෙ වින්ඩොස්ය. මම ෆෙඩෝරා 9 භාවිත කලෙමි, දැන් නම් භවිතා කරන්නෙ ෆෙඩෝරා 10යි. මට ඇති ප්‍රශ්නයනම් මගේ මොඩමය ෆෙඩෝරා වල පිහිටුව ගැනිමට නොහැකි වීමයි. මම මීට පෙර ෆෙඩෝරා 9 සමඟ මගේ Cඪ්Mඇ දුරකතනය හරහා අන්තර්ජාල පහසුකම ලබාගතිමි. පසුව මම Sළ්ඨ් බ්‍රොඅඩ්බන්ඩ් සම්බන්දතාවය ලබා ගතිමි, එහිදි භාවිත වන ඵ්‍රොලින්ක් 9601 මොඩමය පිහිටුවගැනීමට උත්සහයක් දැරිමි. නමුත් එහි දී ඇති උපදෙස් මගෙ දැනුම් සීමාවෙන් පිට බව මට හැගේ. මේ හේතුව නිසා මෘදුකාංගයක් පිහිටුව ගැනිමට යාමේ දි බොහෝ අපහසුතවයට පත්වේ.
    කරුණාකර හැකි නම් මාහට මේ සඳහා උපකාරයක් ලබාදෙන්න

  • ජාල සැකසුම් කලමනාකරණය සඳහා Fedora 10 හි දී (සහ NetworkManager භාවිතා වන අනෙක් distroවලදී ද) system-config-network (සහ එහි අනෙක් ආකාර Eg: system-config-network-tui, etc.) යොදා ගැනීම එතරම් සුදුසු නැත. NetwokManager නිමවා ඇත්තේ system-config-network වෙනුවට යොදාගැනීමටයි. මේ දෙකම වරින් වර භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය ගැටලු සහගත හා/හෝ පැටලුම් සහගත විය හැක. Fedora 10 හි දී NetworkManager Applet එක භාවිතය දිරිගැන්වෙන්නේ එනිසායි. තවද, NetworkManager වලදී පහසුවෙන් සම්බන්ධතා / පෙර සැමසුම් පවත්වාගෙන යා හැකියි. එමෙන්ම Fedora 10වල ලැබෙන්නේ නවතම NetworkManager නිකුතුවකි. ඉතින් Desktop පරිශීලකයන්ට අත පුච්චා නොගෙන ජාල සම්බන්ධතා කලමනාකරණය කරගන්න මා නම් යෝජනා කරන්නේ NetworkManager.

    Servers සඳහා නම් මේ දෙකෙන් system-config-network(-tui) වඩා උචිත බව මගේ හැහීමයි.

    ලිපිය නම් බොහොම අගෙයි. 🙂 ඔහොම යං!

  • @ගවීන්
    ඔව් ගවීන්, මා ජාල සැකසුම් කලමනාකරණය සඳහන් කොටසට NetworkManager හරහා ජාල කලමනාකරණය ගැන විස්තරත් එක් කරන්නම්. ඒ විස්තර නොමැතිව ලිපිය අසම්පූර්ණ බව මටත් හැඟෙනවා. රැහැන් රහිත ජාල සමග ලැප්ටොප්/ඩෙසක්ටොප් පරිගණක භාවිතා කරන්නෙකුට නම් NetworkManager අත්‍යාවශ්‍යයිනේ!

    ඒ වැරැදීම පෙන්වාදීම ගැන බෙහෙවින්ම ස්තුතියි. 😉

    මා නම් තාමත් කැමති system-config-network එකට තමයි. 🙂

    ඒ නිසා තමයි මා Services ගැන සඳහන් කොටසේ කිව්වේ ස්ථිර ජාල සැකසුම් භාවිතා කරන්නන්ට NetworkManager අක්‍රීය කර network සේවාව සක්‍රීය කරන ලෙස.

Malshan වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.