මිරෝ – Miro ඔබේ පරිගණකය ඉන්ටර්නෙට් රූපවාහිණියක් කරගන්න

මිරෝ (Miro) කියන්නේ දෘෂ්‍ය ධාවකයක් වගේම ඉන්ටර්නෙට් වීඩියෝ මෙන්ම රූපවාහිණි සේවාවන් හා සම්බන්ධ වීමත් එකම අතුරුමුහුණතකින් ලබා ගැනිමේ පහසුකම සපයන මෘදුකාංගයක්. මෙයින් ඉතා ඉක්මනින් යූ ටියුබ්, ගූග්ල් වීඩියෝ වැනි සේවාවන් බොහොමයකටම එකවර සම්බන්ධ විය හැකියි. ඉතින් දෘෂ්‍ය ගොනු සඳහා සෙවුම්…

DVD රිප් කරමු – K3B සහ k9copy

කාලෙකට පසුව නැවතත් සටහනක් තබන්නේ DVD රිප් කිරීම නැතහොත් DVD එකක් MPEG-4 දෘෂ්‍ය කේතනයකට හරවා දෘඩ තැටියේ සුරැකීම ගැනයි. මෙහිදී ලිනක්ස් වලින් DVD එකක් DIVX, XVID හෝ ISO MPEG-4 වලට හරවාගැනීම ගැන සලකමු. වින්ඩෝස් වලදී නම් මේ දේ කරගැනීමට අනේකවිධ…

Totem-Xine, Mplayer, RealPlayer සහ VLC

ඔබ ග්නොම් ඩෙස්ක්ටොප් එක භාවිතා කරන්නෙක් නම් ෆෙඩෝරා වල පෙරනිමියෙන් ස්ථාපනය කර ඇති ශ්‍රව්‍ය-දෘෂ්‍ය ධාවකය නම් ටොටම් (Totem). ටොටම් වලින් MPG, DIVX, MPEG2, WMA වැනි නිදහස් නොවන මාධ්‍ය ගොනු ධාවනය කල නොහැකියි. ඉතින් මුල්වරට ෆෙඩෝරා ස්ථාපිත කල අපි හැමෝටම බලපාන…