: දෘෂ්‍ය ධාවක

Minitube – a native youtube client

Sorry, this entry is only available in English.

LiVES සමගින් ඇසි දිසි සැකසුම

LiVES Video Editor මුදුකාංගය ෆෙඩෝරා 10 සඳහා දැන් ඔබටත් ලබා ගැනීමට පුලුවන් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග මූලයෙන්. ඔබ දැනටමත්  “වෙල්ලස්ස ලිනක්ස්” පිහිටවා ගෙන නැත්නම්

sudo rpm -Uhv http://download.wellassa.org/fedora/10/i386/wellassa-linux-release-stable.noarch.rpm

විධානය දෙන්න. ඉන්පසුව sudo yum install lives විධානය දීමෙන් LiVES Video Editor මුදුකාංගය පිහිටවා ගත හැකියි.

වැඩි විස්තර සඳහා මෙතන බලන්න

http://linux.wellassa.org/2008/12/wellassa-linux-repo.html

lives

Sopcast සමගින් p2p TV

sopcast යනුවෙන් හැඳින්වෙන්නේ p2p TV පහසුකම සපයන මුදුකාංගයකුයි. ඔබට sopcast වලින් රූපවාහිණි නාලිකා නැරඹීමට අවශ්‍ය නම් පලමුවෙන්ම කල යුත්තේ sopcast linux වෙළුම බාගත කර ගැනීමයි.

http://www.sopcast.com/download/

ඉහත පුරුකේ ඇති “sp_auth.tgz” යන SopCast 3.0.1 for Linux ගොනුව බාගත කරන්න.

“wget http://download.sopcast.cn/download/sp-auth.tgz”

දෙවනුව sopcast ලිනක්ස් වෙළුම සඳහා අවශ්‍ය “compat-libstdc++-33″ පිහිටවා ගන්න

“sudo yum install compat-libstdc++-33″

දැන් එය ඔබේ පරිගණකයේ  සාමාන්‍යයෙන් මුදුකාංග  ස්ථාපනය වෙන තැනකට දිගහැර ගන්න.

“sudo tar -xvzf sp-auth.tgz -C /usr/share/”

මෙහිදී ස්ථාපනය වන ප්‍රධානම ගොනුව වන්නේ “sp-sc-auth” යනුවෙන් හැඳින්වෙන විධාන පෙල මෙවලමයි. මේ ගොනුව ඔබේ ධාවන පෙතට (executable path) එක් කර ගන්න. මෙහිදී අප ඊලඟට පිහිටවීමට යන gsopcast නැමැති GUI මෙවලම මේ ගොනුව හඳුන්වන්නේ “sp-sc” නමින් බැවින් පහත විධානය දීමෙන් අපට “/usr/bin/sp-sc”  යන Symbolic Link එක නිමැවිය හැකියි.

“sudo ln -s /usr/share/sp-auth/sp-sc-auth /usr/bin/sp-sc”

Gsopcast GTK අතුරු මුහුණත

දැන් ඇත්තේ ඉහත පිහිටවූ sopcast විධාන පෙල මෙවලම සඳහා GNOME හෝ KDE  අතුරු මුහුණතක් දමා ගැනීමයි. gsopcast යනුවෙන් හැඳිනෙවෙන ග්නොම් අතුරු මුහුණතක් පිහිටවා ගැනීමට නම් පහත අඩවියෙන් මුදුකාංග මූල ගෙන ඒවා compile කල යුතුයි. මේ සඳහා ඔබ මුදුකාංග සංවර්ධන මෙවලම් පිහිටවා ගත යුතුයි.

http://code.google.com/p/gsopcast/

නමුත් ඔබට එසේ කිරීම ගැටළු සහගතයි නම් මවිසින් සකස් කරන ලද RPM හෝ SRPM ගොනු පහත සබැඳි වලින් ලබා ගැනීමට පුලුවන්.

gsopcast-040-1.fc10.i386.rpm

gsopcast-040-1.fc10.src.rpm

දැන්:

“sudo rpm -Uhv gsopcast-040-1.fc10.i386.rpm”

දීමෙන් gsopcast ස්ථාපනය කර ගත හැකියි. gsopcast මගින් පෙරනිමියෙන් යොදා ගන්නා දෘෂ්‍ය ධාවකය වන්නේ mplayer යි. එය ඔබට අවශ්‍ය නම් “config” ටැබ් එක හරහා වෙනස් කර ගත හැකියි.

ඔබටත් නිරවුල්, සරල දිසි-දිවැවුමක් ඇවැසිද?

ඔබ දැනටමත් දන්නවා ඇති mplayer කියන්නේ අනේකවිධ ඇසි-දිසි ගොනු දිවැවිය හැකි මුදුකාංගයක් කියලා. ඉතින් මේ mplayer විධාන පෙල මෙවලම කෙලින්ම භාවිතා නොකොට අපි mplayer-gui එක සමග තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අපේ පහසුවට.

රූපය: mplayer-gui

හැබැයි මේ mplayer-gui වල මූණත්තහඩුව සහ හැඩ වැඩ ග්නොම් සමග හොඳින් අනුගත වන බවක් පේන්නේ නැහැ. ඉතින් මේකට විසඳුම තමයි gnome-mplayer. මේ නම් අනෙකුත් ග්නොම් මුදුකාංග වගේම සරල නිරවුල් යෙදුමක්.

රූපය: gnome-mplayer

mplayer, mplayer-gui සහ gnome-mplayer යන යෙදුම් සියල්ලම පිහිටවීම සඳහා ප්‍රථමයෙන්ම ලිවනා මූලය සක්‍රීය කරගත යුතුයි.

දැන් පහත විධාන දෙන්න.

“sudo yum install mplayer gnome-mplayer mplayer-gui”