: ස්ථාපනය

වෙල්ලස්සටත් මුදුකාංග මූලයක්!

දැන් “වෙල්ලස්ස ලිනක්ස්” ෆෙඩෝරා /යම් මුදුකාංග මූලය (Yum Software Repository) සක්‍රීයයි. මෙමගින්  ඔබට ෆෙඩෝරා සහ RPMFusion නිල මුදුකාංග මූල වල නොමැති, නමුත් මවිසින් වැදගත් යයි සිතන විවෘත හා නිදහස් මුදුකාංග සමහරක් ලබා ගත හැකියි. එසේම නිල මුදුකාංග මූල වල ඇති නමුත් නිසියාකාරව යාවත් නොවූ සමහර මුදුකාංගත් මේ “වෙල්ලස්ස ලිනක්ස්” ෆෙඩෝරා මුදුකාංග මූලය හරහා ලබා දීමටයි අදහස් කරන්නේ!

දැනට මෙහි මුදුකාංග ඇත්තේ මූලික වශයෙන් ෆෙඩෝරා 10 වෙළුමහි i386 ආකෘතිය සඳහා හා සුළු වශයෙන් ෆෙඩෝරා 11 හි x86_64 ආකෘතිය සඳහා පමණයි. මෙහි ඇති සියළුම මුදුකාංග,  source tar ball වලින් ෆෙඩෝරා සඳහා compile කර ඇති නිසා උපරිම කාර්යක්ෂමතාවක් අපේක්ෂා කල හැකියි.

මෙම source tar ball, compile කර RPM බහාළුම් බවට හැරවීමේදී සමහර විට අවශ්‍ය dependencies සඳහන් කිරීමට මග හැරී තිබීමට පුලුවන්. ඉතින් ඔබ මේ මුදුකාංග ස්ථාපනය කර dependency ගැටළු වලට මුහුණදුනහොත් කරුණාකර නැවත මා හට දන්වන්න.

දැනට මේ “වෙල්ලස්ස ලිනක්ස්” මූලයේ ඇති මුදුකාංග මේ පුරුකෙන් බලා ගත හැකියි. එමෙන්ම සෑම මුදුකාංගයකම SRPM ගොනුද ඔබට ඊත පහත ඇති පුරුකෙන් ලබා ගත හැකියි.

http://download.wellassa.org/fedora/10/i386/repoview/

http://download.wellassa.org/fedora/10/SRPMS/repoview/

http://download.wellassa.org/fedora/11/x86_64/repoview/

ස්ථාපනය

“වෙල්ලස්ස ලිනක්ස්” මූලය ඔබේ පරිගණකයේ පිහිටවා ගැනීමට පහත විධානය දෙන්න.

ෆෙඩෝරා 10 සඳහා

sudo rpm -Uhv http://download.wellassa.org/fedora/10/i386/wellassa-linux-release-stable.noarch.rpm

ෆෙඩෝරා 11 සඳහා

sudo rpm -Uhv http://download.wellassa.org/fedora/11/noarch/wellassa-linux-release-stable.noarch.rpm

දැන් ඔබට සාමාන්‍ය ලෙස yum මගින් හෝ packagekit මගින් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග ස්ථාපනය කල හැකියි.

උදාහරණ:

Gsopcast මගින් P2P TV බලන්න පහත විධානය දෙන්න

sudo yum install gsopcast

බෝංචි කඩනවා වගේ මුදුකාංග දියත් කරන launchy පිහිටවා ගැනීමට

sudo yum install launchy

“වෙල්ලස්ස ලිනක්ස්” මගින් මුදාහැරෙන මුදුකාංග ගැන වැඩි විස්තර පසුව පවසන්නම්. එතෙක් මේ මුදුකාංග අතුරින් වැදගත්ම මුදුකාංගය ලෙස මා සලකන TrueCrypt දාලා බලන්න.

sudo yum install truecrypt

ෆෙඩෝරා උපදෙස් මාලාව

පලමු වරට fedora ස්ථාපනය කරන්නෙකුට වැදගත් කරුණු එක් තැන් කල ලිපියක් මෙතනින් ලබා ගන්න පුලුවන්.

ෆෙඩෝරා 10 – 2

ෆෙඩෝරා 10 DVD එක නම් කරදරයකින් තොරව ලබා ගත්තා. ගතවී තිබුණේ පැය 6 ක පමණ වෙලාවක්.

නමුත් ඊයේ සිටම මා උත්සාහ කළේ ෆෙඩෝරා 10 ට preupgrade තුලින් යාවත් වීමටයි. ගැටළුව වූයේ ෆෙඩෝරා 9 හි දැනටම ස්ථාපිත වී ඇති preupgrade තුලින් ෆෙඩෝරා 10 ට යාවත් වීම සඳහා පහසුකමක් නොමැති වීමයි.

මේ ගැටළුව fedora mailing list එකේහිද කිහිප වාරයක්ම පසුගිය පැය කිහිපය තුල මතුවී තිබුනා. මෙයට දැනට ඇති විසඳුම වන්නේ ඔබ පහත පුරුකට ගොස් නවතම preupgrade බාගත කර ඉන්පසු ෆෙඩෝරා 10 Cambridge වෙතට යාවත් වීමයි.


wget http://koji.fedoraproject.org/packages/preupgrade/1.0.0/1.fc9/noarch/preupgrade-1.0.0-1.fc9.noarch.rpm
sudo yum localinstall --nogpgcheck preupgrade-1.0.0-1.fc9.noarch.rpm

දැන් විධාන පෙලේ preupgrade විධානය දීමෙන් ෆෙඩෝරා 10 Cambridge වෙතට යාවත් විය හැකියි. කෙසේ වුවත් මේ ගැටළුව අද දවස ඇතුලතම විසඳෙයි කියලා තමයි මා නම් හිතන්නේ.

ෆෙඩෝරා 10

දැන් ෆෙඩෝරා 10 ඔබට ලබා ගැනීමට හැකියි. උපරිම වේගයෙන් බාගත කිරීමට torrent ම භාවිතා කරන්න.

http://torrent.fedoraproject.org/

මේ මා මගේ  2M ADSL සබැඳියේ උපරිම වේගයෙන් torrent මගින් fedora බාගත කරන අයුරුයි.

ඔබ දැනටමත් ෆෙඩෝරා භාවිතා කරනවා නම් අවශ්‍ය මුදුකාංග පමණක් බාගත කර ෆෙඩෝරා 10 ට යාවත් වීම සඳහා preupgrade භාවිතා කරන්න. ෆෙඩෝරා 9 සහ preupgrade සඳහා ලියූ සටහනක් මෙතැන තිබෙනවා.

http://linux.wellassa.org/2008/06/fedora-9-preupgrade.html