‘මෙවලම්’ මාතෘකාව සඳහා සටහන්

දත්ත සිල්ලර මිලට ගන්න ඔබට සහනයක්

ඔබත් ඔබේ ජංගම දුරකථනයේ GPRS, EDGE හෝ 3G සබඳතාව මගින් ඉන්ටර්නෙට් සැරිසරන්නෙක්ද? නිතරම නොකලත් හදිසි අවස්ථා වලදී මෙසේ කිරීමට සිදු වනවා නොවේද? ඉතින් ඔබ ජංගම දුරකථනයේම ඇති බ්‍රව්සරය භාවිතා නොකොට එය පරිගණකයට සම්බන්ධ කොට ඉන්ටර්නෙට් පිරික්සන අවස්ථාත් ඇති.

නමුත් මෙලෙස ජංගම දුරකථනය පරිගණකයට අමුණාගෙන කිලෝ බයිටයකට ශත දෙක බැගින් ගෙවා gmail, facebook,  වැනි අඩවියක පිටු කිහිපයක් සැරිසැරූ විට ගෙවිය යුතු මිල ගැනත් ඔබ දන්නවා නේද?

ඔබ Opera Mini භාවිතා කර ඇති. Opera Mini කියන්නේ සැහැල්ලු MIDP 2 බ්‍රව්සරයක්. වෙබ් පිටු දිස්වන්නේ, ප්‍රථමයෙන් Opera Mini සර්වර් එකක් මගින් ඉතා අඩු දත්ත ප්‍රමාණයක් ලැබෙන ලෙස හැඩගැස්වීමෙන් පසුවයි. මේ කියන්නේ Opera Mini ඔබේ පරිගණකයේ විශාල තිරයකින් (1024 x 768 වැනි) යුතුව දිවැවිය හැකි ආකාරයකුයි. වාසිය නම් මෙහිදී ඔබ බාගත කරන්නේ ඉතා අඩු දත්ත ප්‍රමාණයක් වීමයි. උදාහරණයක් ලෙස BBC, CNN වැනි අඩවියක මුල් පිටුව 1024 x 768 විභේදනයේදී වුවද කිලෝ බයිට 50ක් 60ක් පමණක් වැය කිරීමෙන් බලා ගත හැකියි. එසේම මේ පිලියම ඔබේ CDMA හෝ ඇනලොග් මොඩම සම්බන්ධතාව මන්දගාමී වේලාවලදීත් ප්‍රයෝජනවත් වේවි.

මේ සඳහා ප්‍රථමයෙන්ම JRE එකක් පිහිටුවා ගාන්න. ෆෙඩෝරා වලට නම් මේ ලිපිය බලන්න. ඉන්පසු MicoEmulator නම් J2SE මත MIDP2.0 එම්‍යුලේට් කරන මෙවලම පිහිටුවා ගන්න. ඉන්පසු කල යුත්තේ නවතම Opera Mini Advanced MIDP2 මුදුකාංගය බාගත කර, එය MicoEmulator හරහා ධාවනය කරවීමයි. ( java -jar microemulator.jar)

මෙහිදී MicoEmulator වල Optiions-> Select Device ලෙස ගොස් Resizeable Device එක තෝරා ගන්න. (මේ Device ගොනු ඔබට MicoEmulator මෙවලම සමගම ලැබෙනවා) ඉන්පසු  එහි දකුණු පහත කෙලවරේ ඇති Resize බොත්තම මගින් 1024 x 768 වැනි ඉහල විභේදනයක් තෝරා ගන්න.

රූපය: MicoEmulator,  Resizeable Device එකක් සමග 1024 x 768 විභේදනයෙන්

රූපය: MicoEmulator,  Large Device එකක් සමග 320 x 240 විභේදනයෙන්

Xgnokii - තවත් ජංගම දුරකථන හා සබැඳි විය හැකි මුදුකාංගයක්

කලින් ලිපියේ කිවු Gammu වලට සමාන තවත් මුදුකාංගයක් තමයි Xgnokii . මෙය ග්නොකි gnokii නම් වූ විධාන පෙල මෙවලමට GUI එකක් ලෙස ක්‍රියා කරනවා.

පිහිටුවාගැනීමට “sudo yum install xgnokii” විධානය දෙන්න.

නොකියා 3110, Wammu සහ සිංහල යුනිකේත

මාත් අළුත් දුරකතථනයක් මිලදී ගත්තා (Nokia 3110c). ඉතින් මා කලින් භාවිතා කල දුරකථනයේ ඇති අංක සහ කෙටි පාණිවුඩ නව දුරකථනයට ලබා ගැනීමට මා භාවිතා කලේ වැමු Wammu යි. මෙම මුදුකාංගය බොහොමයක් ජංගම දුරකථන සඳහා සහාය දක්වනවා. (මා සාර්ථකව Nokia 3110 සහ LG KG200 යන දුරකථන මෙයට සම්බන්ධ කළා)

රූප: වැමු තිරපිටපත්

වැමු පිහිටවීමට “sudo yum install wammu” විධානය දෙන්න.

තවදුරටත් ඔබ භාවිතා කරන්නේ USB රැහැනක් සහිත දුරකථනයක් නම් ෆෙඩෝරා වල ඔබේ පාරිශීලක ගිණුම (User Account)  uucp කාණ්ඩයට එක් කිරිමටත් වග බලාගන්න. (පහත රූපය බලන්න)

නව දුරකථනය ගැන

මා මෙය මිලදී ගැනීමට හේතුවූ කරුණු:

  • අඩු මිල
  • MIDP යෙදුම්, අතුරු මුහුණත සහ xHTML බ්‍රව්වසරය සිංහල සහාය දැක්වීම
  • pop3, imap, smtp, xHTML, WAP2.0, MIDP2.0 සහාය
  • YahooGo සහ Gmail වැනි MIDP යෙදුම් ඉතා හොඳින් වැඩ කිරීම
  • සබඳතා සමමුහෘතකරණය contact syncronization ( ZYB හෝ ඩයලොග් මගින්)

පහත දැකවෙන්නේ මගේ නව දුරකථනයේ මුහුණත සහ xHTML බ්‍රව්වසරය සිංහල පෙන්වන අයුරුයි.

ස්ටලේරියම් (Stellarium) - ග්‍රහලෝකාගාරය ඔබේ නිවසට

ස්ටලේරියම් Stellarium කියන්නේ අංග සම්පූර්ණ ග්‍රහලෝකාගාරයක පහසුකම් ඇති විවෘත කේත මෘදුකාංගයකුයි.. ඇත්තෙන්ම සමහර ග්‍රහලෝකාගාර පවා තමන්ගේ ප්‍ර්ක්ෂේපන සඳහා ස්ටලේරියම් භාවිතා කරනවා. මෙමගින් පෙරනිමියෙන්ම තාරකා හයසිය දහසකට වඩා දිස්වන අතර එය මිලියන 210 දක්වා වැඩි කර ගත හැකියි. තරු මෙන්ම තරු රාශි දිස්වන ආකාරයද දැක ගත හැකියි.

මෙමගින් අහස සජීවීව දැක බලාගත හැකියි. අහස දිස්වන්නේ OpenGL මගින් විහිදුවන  ත්‍රිමාණ සජීවීකරණයක් ලෙසයි.

රූපය: චන්ද්‍රයා

රූපය: තරු රාශි

රූපය: සෙනසුරු තම චන්ද්‍රයන් සමග

තිරවිකාශය : ස්ටලේරියම් ග්‍රහණය කලේ Isthanbul මගිනි

ෆෙඩෝරා සඳහා ස්ටලේරියම් පිහිටුවාගැනීමට පහත විධානය දෙන්න.

“sudo yum install stellarium”