‘මෙවලම්’ මාතෘකාව සඳහා සටහන්
පරිගණක කිහිපයක ඇති ලිපි ගොනු Synchronize කර ගන්නේ කෙසේද?
සටහන් කලේ ප්‍රසාන් | ජාලකරණය, මෙවලම් යන මාතෘකා යටතේයි
ඔබ සමහරවිට පරිගණක එකකට වඩා වැඩි ගණනක් භාවිතා කරනවා විය හැකියි. උදාහරණයක් විදිහට ඔබේ කාර්යාලයීය පරිගණකය. ඔබේ නිවසේ පරිගණකය සහ ඔබේ ජංගම පරිගණකය. ඉතින් මේ සෑම පරිගණකයකම පාහේ ඔබේ ලිපි ගොනු තිබෙනවා.
මෙහිදී පැන නගින ගැටළුව තමයි මේ එක් එක් පරිගණකයේ ඇති ලිපි ගොනු සමාන නොවීමි. සමහර විට ඔබ නිවසේ ඇති පරිගණකයේ සැකසූ ලිපියක් ඔබට කාර්යාලයයේදී අවශ්‍ය විය හැකියි. සමහර විට ඔබ කාර්යාලයේදී යාවත් කල ලිපියක නවතම වෙළුම ඔබේ නිවසේ ඇති පරිගණකයේ නැතුව ඇති.
ඉතින් මේ ගැටළුවට පිලියමක් විදිහට අප සමහර දෙනෙක් කරන්නේ සියළුම ලිපි ගොනු flash-drive (සැනෙලි ධාවකයක්) තුල තබා ගැනීමයි. හැබැයි මේ flash-drive එකක ඇති ලිපි ගොනු පරිගණක වලට පිටපත් කිරීමට බොහෝ විට අපට අමතක වනවා. එසේම මෙය එක් එක් ගොනුව පිරික්සමින් කල යුතු කාර්යයක්. උදාහරණයක් විදිහට ඔබේ flash-drive එකේ මෙන්ම පරිගණකයේත් යාවත් වූ ලිපි ගොනු ඇත්නම් මේ කාර්යය ඉවාසීමෙන් කළයුතු කාලය ගතවන කාර්යයක්. ඉතින් මේකට විසඳුම සියළුම ලිපි ගොනු flash-drive එකේ පමණක් තබා ගැනීමද? (ඔබේ flash-drive එක අස්ථානගතවීමට හෝ ක්‍රියා විරහිත වීමට හැකියිනේ)
මෙහිදී තමයි යුනිසන් (Unison File Synchronizer) ඔබේ පිහිටට එන්නේ. ප්‍රථමයෙන්ම යුනිසන් (Unison File Synchronizer) ස්ථාපිත කරගන්න. මේ සඳහා පහත විධානය දෙන්න.
“sudo yum install unison”
flash-drive එකක් මගින් ලිපි ගොනු Synchronize කිරීම
- ප්‍රථමයෙන්ම ඔබට Synchronize කිරීමට අවශ්‍ය සියළුම ලිපි ගොනු පිලිවලකට සකසාගන්න. දැන් ඔබේ සියළුම ලිපි ගොනු /home/%username%/Documents වැනි folder එකක තහිබිය යුතුයි.
- දැන් මේ folder එක ඔබේ flash-drive එකටත් පිටපත් කරගන්න. මේ අවස්ථාවේදී ඔබේ සියළුම ලිපි ගොනු ඔබේ පරිගණකයේ මෙන්ම ඔබේ flash-drive එකේත් තිබෙනවා.
- දැන් Application-> Accessories->Unison File Synchronizer මගින් යුනිසන් ආරම්භ කරන්න
- ඉහත රූපයේ පරිදි root එක ලෙස ඔබ කලින් සැකසූ folder එක ලබාදෙන්න.
- ඉන්පසු ලැබෙන පහත දැක්වෙන සංවාද කවුළුවෙන් ඔබේ flash-drive එක තුල කලින් සැකසූ folder එක ලබාදෙන්න
- ඔබ සියළු පියවර නිවැරදිව කලා නම් පහත දැක්වෙන සංවාද කවුළුව ලැබිය යුතුයි.
- මෙතැන් සිට ඔබේ flash-drive එක සහ පරිගණකය synchronize කිරීම ඉතා ලෙහෙසියි. ලිපි ගොනු වෙනස් වීමකින් පසුව නැවැතත් යුනිසන් ධාවනයේදී ඔබේ flash-drive හි ඇති නවතම ලිපි පරිගණකයටත්, පරිගණකයේ ඇති නවතම ලිපි flash-drive එකටත් හුවමාරු කල හැකියි. පහත රූපය බලන්න. මේ synchronize කිරීම කිරීමට පෙර ඔබට අවශ්‍ය නම් එක් එක් ගොනුව යාවත් කර යුතු දිශාව වෙනස් කල හැකියි.
- මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු එක් කරුණක් නම් ඔබේ flash-drive එක ext3 ලෙස හෝ ntfs ලෙස format කර තිබිය යුතුයි. (fat32 වල සීමා නිසා භාවිතා කළ නොහැකියි)
- දැන් ඔබේ අනෙක් පරිගණකයේත් මේ උපදෙස්ම පිලිපැදීමෙන් එයත් ඔබේ flash-drive එක සමග sync කර ගත හැකියි.
ඔබේ පුළුල් පරාස සබඳතාව සහ SSH හරහා ලිපි ගොනු Synchronize කිරීම
ඔබට හොඳ ඉනටර්නෙට් සබඳතාවක් ඇති පරිගණක දෙකක් sync කිරීමට flash-drive එකක් භාවිතා නොකරම කළ හැකියි. මෙහිදී ඔබේ පරිගණක වල ssh server, ssh client සහ Unison ස්ථාපනය වී තිබිය යුතුයි. (ෆෙඩෝරා වල නම් ssh පෙරනිමියෙන්ම සක්‍රීයයි). දැන් ඔබ කළ යුතු වෙනස වන්නේ ඉහත පස්වන පියවරේ එන සංවාද කවුළුව පහත අයුරින් සැකසීමයි. ඔබ ADSL සබඳතාවක් භාවිතා කර ලැබෙන්නේ dynamic ip address එකක් නම් ඔබට dynamic DNS සපයන්නෙක්ගේ (උදා: dynDNS) පිහිට ලබා ගත හැකියි.
ෆෙඩෝරා 9 සහ ෆෙඩෝරා 8 updates නැවතත් සක්‍රීයයි.
සටහන් කලේ ප්‍රසාන් | මෙවලම්, ස්ථාපනය යන මාතෘකා යටතේයි
දැනට මාසයක් පමණ නැවතී තිබූ ෆෙඩෝරා 9 සහ ෆෙඩෝරා 8 updates දැන් නැවතත් සක්‍රීයයි. මෙම updates ඔබේ පරිගණකයට ලැබීම අදියර දෙකකින් සිදුවනු ඇති. ප්‍රටමයෙන්ම යම් මූල (yum repositories) fedora-updates-newkeys යනුවෙන් හැඳින්වෙන නව මූලයකට යාවත් වන අතර දෙවනුව අනෙකුත් මුදුකාංග සහ ඒවායේ අනන්‍යතාව තහවුරු කරන gpg-keys යාවත් වෙනු ඇති.
මේ මාසයක් පමණ updates නැවතීමට මුල් වූ තොරතුරු සහ නව udates-newkeys මූලය ගැන වැඩි විස්තර මෙතැනින් ලබාගත හැකියි.
https://www.redhat.com/archives/fedora-announce-list/2008-August/msg00012.html
https://fedoraproject.org/wiki/Enabling_new_signing_key
http://rhn.redhat.com/errata/RHSA-2008-0855.html
දත්ත සිල්ලර මිලට ගන්න ඔබට සහනයක්
සටහන් කලේ ප්‍රසාන් | ජාලකරණය, මෙවලම් යන මාතෘකා යටතේයි
ඔබත් ඔබේ ජංගම දුරකථනයේ GPRS, EDGE හෝ 3G සබඳතාව මගින් ඉන්ටර්නෙට් සැරිසරන්නෙක්ද? නිතරම නොකලත් හදිසි අවස්ථා වලදී මෙසේ කිරීමට සිදු වනවා නොවේද? ඉතින් ඔබ ජංගම දුරකථනයේම ඇති බ්‍රව්සරය භාවිතා නොකොට එය පරිගණකයට සම්බන්ධ කොට ඉන්ටර්නෙට් පිරික්සන අවස්ථාත් ඇති.
නමුත් මෙලෙස ජංගම දුරකථනය පරිගණකයට අමුණාගෙන කිලෝ බයිටයකට ශත දෙක බැගින් ගෙවා gmail, facebook, වැනි අඩවියක පිටු කිහිපයක් සැරිසැරූ විට ගෙවිය යුතු මිල ගැනත් ඔබ දන්නවා නේද?
ඔබ Opera Mini භාවිතා කර ඇති. Opera Mini කියන්නේ සැහැල්ලු MIDP 2 බ්‍රව්සරයක්. වෙබ් පිටු දිස්වන්නේ, ප්‍රථමයෙන් Opera Mini සර්වර් එකක් මගින් ඉතා අඩු දත්ත ප්‍රමාණයක් ලැබෙන ලෙස හැඩගැස්වීමෙන් පසුවයි. මේ කියන්නේ Opera Mini ඔබේ පරිගණකයේ විශාල තිරයකින් (1024 x 768 වැනි) යුතුව දිවැවිය හැකි ආකාරයකුයි. වාසිය නම් මෙහිදී ඔබ බාගත කරන්නේ ඉතා අඩු දත්ත ප්‍රමාණයක් වීමයි. උදාහරණයක් ලෙස BBC, CNN වැනි අඩවියක මුල් පිටුව 1024 x 768 විභේදනයේදී වුවද කිලෝ බයිට 50ක් 60ක් පමණක් වැය කිරීමෙන් බලා ගත හැකියි. එසේම මේ පිලියම ඔබේ CDMA හෝ ඇනලොග් මොඩම සම්බන්ධතාව මන්දගාමී වේලාවලදීත් ප්‍රයෝජනවත් වේවි.
මේ සඳහා ප්‍රථමයෙන්ම JRE එකක් පිහිටුවා ගාන්න. ෆෙඩෝරා වලට නම් මේ ලිපිය බලන්න. ඉන්පසු MicoEmulator නම් J2SE මත MIDP2.0 එම්‍යුලේට් කරන මෙවලම පිහිටුවා ගන්න. ඉන්පසු කල යුත්තේ නවතම Opera Mini Advanced MIDP2 මුදුකාංගය බාගත කර, එය MicoEmulator හරහා ධාවනය කරවීමයි. ( java -jar microemulator.jar)
මෙහිදී MicoEmulator වල Optiions-> Select Device ලෙස ගොස් Resizeable Device එක තෝරා ගන්න. (මේ Device ගොනු ඔබට MicoEmulator මෙවලම සමගම ලැබෙනවා) ඉන්පසු එහි දකුණු පහත කෙලවරේ ඇති Resize බොත්තම මගින් 1024 x 768 වැනි ඉහල විභේදනයක් තෝරා ගන්න.
රූපය: MicoEmulator, Resizeable Device එකක් සමග 1024 x 768 විභේදනයෙන්
–
රූපය: MicoEmulator, Large Device එකක් සමග 320 x 240 විභේදනයෙන්
Xgnokii - තවත් ජංගම දුරකථන හා සබැඳි විය හැකි මුදුකාංගයක්
සටහන් කලේ ප්‍රසාන් | ජාලකරණය, මෙවලම් යන මාතෘකා යටතේයි
කලින් ලිපියේ කිවු Gammu වලට සමාන තවත් මුදුකාංගයක් තමයි Xgnokii . මෙය ග්නොකි gnokii නම් වූ විධාන පෙල මෙවලමට GUI එකක් ලෙස ක්‍රියා කරනවා.
පිහිටුවාගැනීමට “sudo yum install xgnokii” විධානය දෙන්න.














