‘බහුමාධ්‍ය’ මාතෘකාව සඳහා සටහන්

ඔබටත් නිරවුල්, සරල දිසි-දිවැවුමක් ඇවැසිද?

ඔබ දැනටමත් දන්නවා ඇති mplayer කියන්නේ අනේකවිධ ඇසි-දිසි ගොනු දිවැවිය හැකි මුදුකාංගයක් කියලා. ඉතින් මේ mplayer විධාන පෙල මෙවලම කෙලින්ම භාවිතා නොකොට අපි mplayer-gui එක සමග තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අපේ පහසුවට.

රූපය: mplayer-gui

හැබැයි මේ mplayer-gui වල මූණත්තහඩුව සහ හැඩ වැඩ ග්නොම් සමග හොඳින් අනුගත වන බවක් පේන්නේ නැහැ. ඉතින් මේකට විසඳුම තමයි gnome-mplayer. මේ නම් අනෙකුත් ග්නොම් මුදුකාංග වගේම සරල නිරවුල් යෙදුමක්.

රූපය: gnome-mplayer

mplayer, mplayer-gui සහ gnome-mplayer යන යෙදුම් සියල්ලම පිහිටවීම සඳහා ප්‍රථමයෙන්ම ලිවනා මූලය සක්‍රීය කරගත යුතුයි.

දැන් පහත විධාන දෙන්න.

“sudo yum install mplayer gnome-mplayer mplayer-gui”

ස්කයිපි පල්ස්ඔඩියෝ සහ ෆෙඩෝරා

ස්කයිපි ගැන මා මීට කලිනුත් කතා කලා ඔබට මතක ඇති. ඉතින් ස්කයිපි ලිනක්ස් එක්ක පල්ස්ඔඩියෝ පටලැවෙන බව මා මීට කලිනුත් කීවා.

මෑතකදී ස්කයිපි අළුත වුනා 2.0.0.72 වෙළුමට. මෙහි මා දුටු වෙනසක් නම් ශ්‍රව්‍ය උපාංග (Sound Devices)  යටතේ, ප්‍රදාන ප්‍රතිදාන සැකසුම් සඳහා දැන් පල්ස්ඔඩියෝ පහසුකමත් තිබෙනවා. ( ස්කයිපි 2.0.0.68 වෙළුමේ නම් මා කලේ පල්ස්ඔඩියෝ අක්‍රීය කර ස්කයිපි භාවිතාවයි. )

මාත් බොහොම සතුටින් පහත රූපයේ දැකවෙන පරිදි සියළුම ප්‍රදාන සහ ප්‍රතිදාන සැකසුම් පල්ස්ඔඩියෝ වලට හරවා පරීක්ෂණ ඇමතුමක් ( skype test call ) ගැනීමට උතසාහ කලා.

ශ්‍රව්‍ය ග්‍රහණයේ ප්‍රශ්නය

මෙසේ කල විට මයික්‍රෆෝනය තුලින් ශ්‍රව්‍ය ග්‍රහණය කරන බවක් නම් පෙනුනේ නැහැ. ශබ්ද පරිමා පාලකය විවෘත කර ඇමතුමක් ගැනීමට උත්සාහ කල විට පෙනුනේ ඇමතුම ගන්නා විගසම ශ්‍රව්‍ය ග්‍රහණය ස්වයංක්‍රීයවම නිහඬ ( audio capturing is automatically muted) වන බවයි. පහත රූපය බලන්න. ඉතින් ශබ්දය ග්‍රහණය වන්නේ කෙසේද?

නමුත් පල්ස්ඔඩියෝ අක්‍රීය කර සියළුම ප්‍රදාන සහ ප්‍රතිදාන සැකසුම් default කල විට නම් පෙර පරිදිම ස්කයිපි නිවැරදිව ක්‍රියා කලා. පහත රූපය බලන්න.

පල්ස්ඔඩියෝ ෆෙඩෝරා වලින් ඉවත් කරන්නේ නැතුව අක්‍රීය කිරීමට

පල්ස්ඔඩියෝ ෆෙඩෝරා වලින් ඉවත් කරන්නේ නැතුව අක්‍රීය කිරීමට නම් “etc/alsa/alsa.conf” ගොනුවේ ඇති “/etc/alsa/pulse-default.conf” යන පෙල අක්‍රීය කරන්න. පහත රූපය බලන්න.

නමුත් පල්ස්ඔඩියෝ සමග ස්කයිපි ක්‍රියා නොකරන්නේ ඇයි.

පල්ස්ඔඩියෝ සමග ස්කයිපි ක්‍රියා නොකරවානම් ස්කයිපි සමග පල්ස්ඔඩියෝ ප්‍රදාන ප්‍රතිදාන සැකසුම් ඇත්තේ ඇයි? ගැටළුව ඇතතේ ස්කයිපි වල නොව වෙන තැනක බව තේරුනේ පසුවයි.

පල්ස්ඔඩියෝ පරිශීලක කාණ්ඩ

එනම් අප භාවිතා කරන පරිශීලක ගිණුම (user account) pulse, pulse-access, pulse-rt යන කාණ්ඩ (groups) වලට එක් කල යුතුයි. මේ සඳහා පහත රූපයේ දැක්වෙන ලෙස system-config-users ක්‍රියාත්මක කර ඔබව ඉහත කාණ්ඩ වලට එක් කර ගන්න.

ධ්වනි ගුණය සහ ප්‍රොසෙසර භාවිතාව

දැන් ඉතින් ස්කයිපි පල්ස්ඔඩියෝ සමගත් ක්‍රියා කරනවා. නමුත් ශබ්දයේ ගුණාත්මක බව නම් ALSA අල්සා වලට වඩා සෑහෙන්න අඩුයි. එමෙන්ම ශ්‍රව්‍ය ග්‍රහණය සඳහා ප්‍රොසෙසරය මුළුමනින්ම පාහේ වැය වෙනවා. පහත රූපය බලන්න ස්කයිපි සහ පල්ස්ඔඩියෝ හරි හරියට මගේ අසරණ ප්‍රොසෙසරය භාවිතා කරන හැටි.

ඉතින් මේකටත් විසඳුමක් තිබෙනවා. එනම් පහත රූපයේ ආකාරයට ශ්‍රව්‍ය ප්‍රදාන සැකැස්ම (HDA Intel (hw:Intel:0) ලෙස ) සකසා ගැනීමයි. (මා හිතහනවා ඔබත් භාවිතා කරන්නේ Intel High Defintion Audio බසයක් සහිත පරිගණකයක් කියා)

මේ පියවරවල් අනුගමණය කලොත් ඔබටත් දැන් ඉතින් පල්ස්ඔඩියෝ අක්‍රීය නොකර ස්කයිපි භාවිතා කල හැකි වෙයි.

ෆෙඩෝරා සඳහා ස්කයිපි මූලය (Repository)

ඔබට දැන් ස්කයිපි මූලයක් ෆෙඩෝරා සඳහා පිහිටවිය හැකියි. ඒ සඳහා “skype.repo” නාම් ගොණුවක් “/etc/yum/repos.d/” වල අරඹන්න.

“sudo gedit /etc/yum/repos.d/skype.repo”

දැන් පහත පෙල එම ගොනුවට එක් කරන්න

[skype]
name=Skype Repository
baseurl=http://download.skype.com/linux/repos/fedora/updates/i586/
gpgkey=http://www.skype.com/products/skype/linux/rpm-public-key.asc

දැන් “sudo yum install skype” විධානය දීමෙන් ස්කයිපි පිහිටවිය හැකියි.

ටොටම් එක්ක යූ-ටියුබ්

යූ-ටියුබ් සලරුවක් බාගත නොකර අපේ දෘෂ්‍ය ධාවකයෙන්ම බලන්න පුලුවන් නම් හරිම අගෙයි නේද?

ඉතින් මේ පහසුකම ටොටම් වල දැනටමත් තිබෙනවා. කල යුත්තේ ටොටම් යූ-ටියුබ් ප්ලගිනය පිහිට්වීමයි. මෙමගින් ඔබට යූ ටියුබ් අඩවිය තුල සලරූ සෙවීමටද පුලුවන්.

ඔබට මීට වඩා පහසුකම් අවශ්‍ය නම් (සලරූ අඩවි කිහිපයක් එකවර සෙවීම ආදී) මිරෝ භාවිතා කිරීමට පුලුවන්.

ටොටම් යූ-ටියුබ් ප්ලගිනය පිහිටවාගැනීමට පහත විධානය දෙන්න.

“sudo yum install totem-youtube”

ලිව්නා මූලය සක්‍රීය කරන්න. (ෆෙඩෝරා 9 සඳහා නම්)

“sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-9.rpm”

ඔබ භාවිතා කරන්නේ totem-gstreamer නම්  gstreamer-plugins-bad,  gstreamer-plugins-ugly හා gstreamer-ffmpeg පිහිටවා ගැනීමටත් අමතක කරන්න එපා.

ඔබ භාවිතා කරන්නේ totem-xine නම්  xine-lib-extras සහ xine-lib-extras-nonfree පිහිටවා ගන්න.

දැන් ඉතින් ටොටම් ආරම්භ කර (Applications->Sound and Video->Movie Player) Edit->Plugins වෙත ගොස් යූ-ටියුබ් ප්ලගිනය සක්‍රීය කරන්න.

විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම

විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම ගැන සිංහලෙන් ෆොස් අඩවියේ තිබුනු ලිපිය දුටුවාම එක්වරම හිතට නැගුනේ mplayer දෘෂ්‍ය ධාවකයේ ඇති ascii-art සහ color-ascii-art දෘෂ්‍ය ප්‍රතිදාන පහසුකම ගැනයි. මෙමගින් ඔබේ පරිගණකයේ හෝ ඉන්ටර්නෙට් URL එකක වුව ඇති ඕනෑම දෘෂ්‍ය ගොනුවක් විධාන රේඛාවේ සිටම නැරඹීමට සලස්වනවා.

පලමුව දැනටමත් ඔබ mplayer පිහිටුවා නැත්නම් එය පිහිටුවාගන්න. මේ සඳහා “sudo yum install mplayer” විධානය දෙන්න. (ලිව්නා මූලය සක්‍රීය වී තිබිය යුතුයි. වැඩි විස්තර සඳහා මෙතන බලන්න)

දැන් ඉතින් කල යුත්තේ විධාන රේඛාවේ සිට පහත විධානය දීමයි. ඔබට මේ විධානය gterm, xterm වැනි X මත දිවෙන අග්‍රයක හෝ X සර්වරය පණගන්වන්නේ නැතිව කෙලින්ම විධාන රේඛාවේ වුවත් දිය හැකියි.

“mplayer -vo aa yourMovie.avi”

මෙහි yourMovie.avi යන්න ඔබට ධාවනය කල යුතු ගොනුවෙන් හෝ ඉන්ටර්නෙට් URL එකින් යාවත් කරගන්න. තවදුරටත් ඔබට වර්ණ පින්තූර අවශ්‍ය නම් මේ විධානය දිය හැකියි.

“mplayer -vo caca yourMovie.avi”

රූපය: color ascii-art ප්‍රතිදානය

ඔබ nvidia දෘෂ්‍ය කාඩ්පතක් ඇත්නම් මේ විධානයත් දී බලන්න. ( හැබැයි ප්‍රථමයෙන්ම ඔබේ  nvidia දෘෂ්‍ය කාඩ්පත සඳහා ෆෙඩෝරා පෙරනිමි ධාවක වෙනුවට ලිව්නා මූලය මගින් සපයන kmod-nvidia ධාවකය ස්ථාපිත කරගන්න අමතක කරන්න එපා)

“mplayer -vo cvidix yourMovie.avi”