XMMS ශ්‍රව්‍ය ධාවකය

මගේ ප්‍රියතම ශ්‍රව්‍ය ධාවකය නම් XMMS යි. වින්ඩෝස් වලදී අපිට නැතුවම බැරි විනැම්ප් අතුරු මුහුණුතම ඇති XMMS විනැම්ප් ස්කින්ස් වලටත් සහාය දක්වනවා. ෆෙඩෝරා වලදී XMMS ස්ථාපනය කර ගැනීමට sudo yum install xmms xmms-mp3 ලෙස විධානය දෙන්න. xmms-mp3 වලින් තමයි MP3 ගොනු ධාවනයට සහාය දක්වන්නේ. (ලිව්නා අඩවිය yum සඳහා සක්‍රීය කිරීමට වග බලාගන්න)

පලමු ස්ථාපනයෙන් පසු

ෆෙඩෝරා ස්ථාපනයෙන් පසු මා කල පලමු දේ නම් මගේ සාමාන්‍ය User Account එක sudoers ගොනුවට ඇතුල් කිරීමයි. එවිට root ලෙස දියයුතු විධාන මගේ සාමාන්‍ය account එකෙන්ම දිය හැකි වෙනවා. මේ සඳහා root ලෙස ලොග් වී පහත විධානය දිය හැකියි.

echo ‘username ALL=(ALL) NOPASSWD:ALL’ >> /etc/sudoers

username යන්නට ඔබේ username එක භාවිතා කරන්න.

මේ වියුණ ගැනයි

අපි බොහෝ දෙනෙක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති ගැන අසා තිබෙන මුත් භාවිතා කරන්නන් නම් අඩුයි. ඉතින් මේ වියුණේ අරමුණ තමයි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයෙන් පසු තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගන්නේ කෙසේද කියන එක ගැන සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලින් භාවිතා කල ඔබට වින්ඩොස් මෘදුකාංග වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන ලිනක්ස් මෘදුකාංග ගැන සටහන් කිරීමයි. උදාහරණ ගෙන ඇත්තේ මගේ ප්‍රියතම ලිනක්ස් සංස්කරණය වන ෆෙඩෝරා තුලිනුයි.