- පෙරවදන
- ඔබේ ගිණුමට sudo පහසුකම ලබා ගන්න
- Network සැකසුම්
- අනවශ්‍ය සේවා (System Services) ඉවත් කිරීම
- Nautilus සැකසුම්
- RPMFusion මූලය පිහිටවීම
- Yum මගින් මුදුකාංග කළමනාකරණය
- Nvidia දෘෂ්‍ය ධාවක
- සිංහල සහාය
- ශ්‍රව්‍ය දෘෂ්‍ය ධාවක
- Adobe Flash ස්ථාපනය
- Rar, Ace සහ 7z සම්පීඩිත ගොනු දිගහැරීම
- ජාවා - Sun JRE සහ JDK ස්ථාපනය
- මුදුකාංග නිමැවුම් මෙවලම්
- සම්පූර්ණ ලිපිය
පෙරවදන
මේ උපදෙස් නැවුම් ස්ථාපනයකින් පසු උපරිම ප්‍රතිලාභ ලැබෙන ලෙස ෆෙඩෝරා 10 සකස් කර ගන්නා අයුරුයි. ඉංග්‍රීසියෙන් ලියැවුනු පහත දැක්වෙන උපදෙස්මාලාත් කියවන්න.
Personal Fedora 10 Installation Guide
The Perfect Desktop – Fedora 10 (GNOME)
ඔබේ පරිශීලක ගිණුමට (user account) sudo පහසුකම ලබා දෙන්න
ෆෙඩෝරා ස්ථාපනයෙන් පසු මා කල පලමු දේ නම් මගේ සාමාන්‍ය User Account එක sudoers ගොනුවට ඇතුල් කිරීමයි. එවිට root ලෙස දියයුතු විධාන මගේ සාමාන්‍ය account එකෙන්ම දිය හැකි වෙනවා. මේ සඳහා root ලෙස ලොග් වී පහත විධානය දිය යුතුයි.
echo ‘username ALL=(ALL) ALL’ >> /etc/sudoers
username යන්නට ඔබේ username එක භාවිතා කරන්න. ඔබ sudo හරහා විධානයක් දීමේදී මුරපදය (password) ඇතුල් කරන ලෙස ඉල්ලා සිටි විට ලබාදිය යුත්තේ ඔබේ මුරපදයයි. (root ගේ මුරපදය නොවේ). sudo භාවිතා කිරිමේදී තවත් වාසියක් නම් ඒ හරහා කරන පරිපාලන කටයුතු ඔබේ system log එකට ඇතුලත් වීමයි. “Application->System Tools -> System Log” තුලින් මේවා පිරිකසිය හැකියි.
Network සැකසුම්
ඔබේ Network Settings (ip, dns, gateway, netmask) ආදිය සකස් කිරීමට මෙන්ම ඔබේ පරිගණකයේ hostname එක සකස් කිරීමටත් ඔබ යා යුතතේ System->Administration->Network වෙතයි. මෙහිදී “system-config-network” ලෙස හැඳින්වෙන GUI මෙවලම භාවිතයෙන් ඔබේ ethernet එක මෙන්ම මොඩමයක් (dialup) වුවත් සකසා ගත හැකියි.
නව dialup සබඳතාවක් සකසා ගැනීමට මේ සටහනුත් උපකාර වෙයි.
CDMA සහ ජංගම දුරකථන ලිනක්ස් සමග සම්බන්ධ කරමු
ඔබ proxy server එකක් භාවිතා කරනවා නම් “System->Preferences->Internet and Network->Network Proxy” වෙත ගොස් එය සකස් කර ගැනීමට පුලුවන්.
අනවශ්‍ය සේවා (System Services) ඉවත් කිරීම
ෆෙඩෝරා නැවුම් ස්ථාපනයකින් පසු System Services බොහෝ ගණනක් පෙරනිමියෙන්ම ස්ථාපනය කර සක්‍රීය කරනවා. මේ සමහර සේවාවන් ඔබට අවශ්‍ය නොවීමට පුලුවන්. මේ සේවාවන් නිසා ඔබේ පරිගණකයේ RAM භාවිතාවත් ඉහල යන හෙයින් ඒවා අක්‍රීය කර ගැනීම නුවණට හුරුයි. මේ සඳහා “System->Administration->Services” වලින් ක්‍රියාත්මක වන system-config-services GUI මෙවලම භාවිතා කළ හැකියි.
ඔබට අක්‍රීය කල හැකි සේවාවන් සමහරක්.
- NetworkManager: ඔබ නිරතුරුවම වෙනස් වන WIFI hotspot වලට සබැඳෙන්නේ නැතිනම්, ඔබේ පරිගණකය Desktop එකක් නම් NetworkManager අක්‍රීය කර network සේවාව සක්‍රීය කරන්න. විශේෂයෙන්ම ෆෙඩෝරා 10 DVD මගින් ස්ථාපනය වන NetworkManager ගැටළු සහිතයි.
- avahi-daemon: මෙය Zero Configuration wireless පහසුකම් සපයන අතර ඔබ WiFi භාවිතාවක් නැත්නම් අක්‍රීය කරන්න.
- bluetooth: ඔබ bluetooth භාවිතාවක් නැත්නම් අක්‍රීය කරන්න.
- cups සහ cups-config-daemon ඔබ printer එකක් භාවිතා කරන්නේ නැත්නම් අක්‍රීය කරන්න
- sendmail: ඔබ web based email හෝ වෙනත් pop3/smtp සේවාවක් භාවිතා කරනවානම් අක්‍රීය කරන්න.
- ip6tables ඔබ ipV6 භාවිතාවක් නැත්නම් අක්‍රීය කරන්න.
- httpd ඔබ web-server එකක් ලෙස ඔබේ පරිගණකය භාවිතාවක් නැත්නම් අක්‍රීය කරන්න.
- isdn: ඔබ ISDN සේවාවක් භාවිතාවක් නැත්නම් අක්‍රීය කරන්න.
- mdmmonitor ඔබ RAID දෘඩතැටි භාවිතාවක් නැත්නම් අක්‍රීය කරන්න.
- netfs, nfs, nfslock, rpcgssd, rpcidmapd, rpcsvcgssd ඔබ NFS (ලිනක්ස් වල file & printer network) භාවිතාවක් නැත්නම් අක්‍රීය කරන්න. (ඔබට වින්ඩෝස් network හෝ printer share එකකට සබැඳීමට මෙයින් බාධාවක් නැත)
මේ ගැන වැඩි දුරටත් දැනගැනීමට http://www.mjmwired.net/resources/mjm-services-f10.html හි Mjmwired ගේ උපදෙසුත් කියවන්න.
බහාලුම් (Folder) එකම Nautilus Window එකක විවෘත වීමට සැලැස්වීම
ඕනෑම nautilus (Places->Computer) එකක් විවර කර Edit->Preferences හි ඇති Behavior ටැබයේ “Always open in browser windows” සක්‍රීය කරන්න.
RPMFusion මූලය සක්‍රීය කිරීම
System->Administration-> Add/Remove Software මගින් පෙරනිමියෙන් ස්ථාපනය කල හැක්කේ ෆෙඩෝරා නිල මෘදුකාංග පමනයි. මේවා නොයෙකුත් ආයතන වල බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය නොවන සැබෙවින්ම නිදහස් හා විවෘත මූල මුදුකාංග වලට පමණක් සීමා වෙනවා. ඉතින් ප්‍රතිඵලය තමයි ඔබට ෆෙඩෝරා වල පෙරනිමියෙන් අඩු තරමේ mp3 ගොනුවක් වත් ධාවනය කළ නොහැකි වීම. මේ ගැටළුවට පලමුවරට ෆෙඩෝරා භාවිතා කරන බොහෝ දෙනෙක් මුහුණ පානවා. නමුත් මේ සඳහා ඉතා පැහැදිලි සරල විකල්පයක් තිබෙනවා. එනම් තෙවන පාර්ශවීය මුදුකාංග මූලයක් ස්‍ථාපනය කර ගැනීමයි.
ඉතින් තෙවන පාර්ශවීය මෘදුකාංග ස්ථාපනය සඳහා RPMFusion ( http://rpmfusion.org/ ) වැනි මුදුකාංග මූලයක් (software repository) යම් සඳහා සක්‍රීය කලයුතු වෙනවා. ෆෙඩෝරා 10 නම් RPMFusion ස්ථාපනයට rpmfusion-free-release-stable.noarch.rpm සහ rpmfusion-nonfree-release-stable.noarch.rpm යන rpm බහාලුම් ඔබේ පද්ධතියේ ස්ථාපනය කරගත යුතුයි.
RPMFusion යනු කලින් Dribble, Freshrpms, and rpm.livna.org යනුවෙන් හැඳින්වුනු මුදුකාංග මූල තුනක් සංයෝජනයෙන් ෆෙඩෝරා පරිශීලකයන්ගේ උපරිම ප්‍රයෝජනය සඳහා තැනුනු මුදුකාංග මූලයක්.
sudo rpm -Uvh http://download1.rpmfusion.org/free/fedora/rpmfusion-free-release-stable.noarch.rpm sudo rpm -Uhv http://download1.rpmfusion.org/nonfree/fedora/rpmfusion-nonfree-release-stable.noarch.rpm sudo rpm --import /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-rpmfusion-*
Yum මගින් මුදුකාංග ස්ථාපනය / ඉවත් කිරීම
ඔබට අවශ්‍ය මෘදුකාංගයේ නම දන්නවනම් ඉතා ලෙහෙසියෙන්ම එය ස්ථාපනය කර ගැනීම සඳහා yum (යම්) භාවිත කල හැකියි. මදක් පුරුදු වූ විට Yum මගින් මෘදුකාංග ස්ථාපනය System->Administration-> Add/Remove Software යන විධානයෙන් ක්‍රියාත්මක වන Packagekit ට වඩා භාවිතයට වඩා ඉතා පහසුයි. (ඇත්තෙන්ම Packagekit අභ්‍යන්තරයෙන් භාවිතා කරන්නේත් Yum හි පහසුකමමයි)
ඔබේ පරිගණකයේ දැනට ස්ථාපිතා මුදුකාංග යාවත් කිරීමට පහත විධානය දෙන්න. මෙමගින් ප්‍රථමයෙන්ම සියළුම මුදුකාංග මූල (Software repositories) වලට අදාල yum දත්තපාද යාවත් කරන අතරතුර ඉන්පසු ස්ථාපිත මුදුකාංග වල නව සංස්කරණ ඇත්නම් ඒවා යාවත් වේ.
“sudo yum update”
ෆෙඩෝරා යාවත් වීමේදී rpm ගොනු ලාබාගන්නේ ස්වයංක්‍රීයවම තෝරා ගන්නා ලොව පුරා පිහිටි විවිධ software mirrors මගින්. (මේ නිසා එක් software mirrors එකක් වැඩිපුර load වීමක් සුදු වන්නේ නැහැ) නමුත් මෙනිසා යම් විසින් ස්වයංක්‍රීයව තෝරා ගන්නා software mirror අනුව ඔබේ බාගත කිරීමේ වේගය සීමා වීමට පුලුවන්. මේ ගැටළුවෙන් මිදීමට පහත විධානය දී yum-fastestmirror ප්ලගිනය පිහිටවාගන්න.
“sudo yum install yum-fastestmirror”
තවත් අත්‍යාවශ්‍ය Yum විධාන කිහිපයක් උදාහරණ සහිතව
මෙහිදී mplayer, vlc ආදිය උදාහරණ ලෙස ගෙන ඇත.
- මුදුකාංගයක් සෙවීම –
“sudo yum search mplayer” - මුදුකාංගයක් පිලිබඳ වැඩි විස්තර දැන ගැනීම
“yum info mplayer” - මුදුකාංග එකක් හෝ කිහිපයක් ස්ථාපනය :
“sudo yum install mplayer vlc” - මුදුකාංග එකක් හෝ කිහිපයක් ඉවත්කිරීම:
“sudo yum remove mplayer vlc” - මුදුකාංග සමූහයක් පිලිබඳ විස්තර ලබා ගැනීම
“sudo yum groupinfo “Sinhala Support”"
- මුදුකාංග සමූහයක් ස්ථාපනය:
“sudo yum groupinstall “Sinhala Support”" - මුදුකාංග සමූහයක් ඉවත් කිරීම:
“sudo yum groupremove “Sinhala Support”" - වෙන තැනකින් බාගත කල RPM බාහාළුමකින් එන මුදුකාංගයක් ඔබේ පරිගණකයේ ඇත්නම් එයට අවශ්‍ය අනෙකුත් මුදුකාංගද (dependencies) සමග ස්ථාපනයට:
“sudo yum localinstall –nogpgcheck rpmfile.rpm” - yum තාවකාලිකව ගබඩා කර ඇති rpm ගොනු සහ සියළුම මුදුකාංග මූල සඳහා වූ දත්තපාද ඉවත් කිරීමට
“sudo yum clean all”
Nvidia ධාවක (drivers) ස්ථාපනය
ෆෙඩෝරා වල පෙරනිමියෙන් Nvidia ධාවක ලැබෙන්නේ නැහැ. ඔබේ පරිගණකයේත් මේ දෘෂ්‍ය කාඩ් පතක් ඇත්නම් ඔබ මේ ධාවක පිහිටවා ගත යුතුයි.
මේ සඳහා ඔබ ප්‍රථමයෙන් RPMFusion මූලය සක්‍රීය කර තිබිය යුතුයි.
ඔබ භාවිතා කරන්නේ Nvidia නම්
“sudo yum install kmod-nvidia”
මේ පිළිබඳ වැඩි විස්තර මෙතනින් බලන්න.
http://rpmfusion.org/RPMFusionSwitcher
සිංහල සහාය ස්ථාපනය
ග්නු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවලින් ෆෙඩෝරා මගින් සිංහල භාෂා සහාය ලබා ගැනීම ඉතා ලෙහෙසියි. ඔබ කල යුත්තේ:
sudo yum groupinstall “Sinhala Support”
යන විධානය දීමයි. ඔබට “Sinhala Support” යටතේ පිහිටුවන ලබන පැකේජ මොනවාද කියා දැන ගැනීමට:
sudo yum groupinfo “Sinhala Support”
විධානය ලබදෙන්න.
ඉන්පසු System->Preferences->Personel->Input Method වෙත ගොස් ‘Enable Input Method Feature” සක්‍රීය කරන්න. ඉන්පසු logoff වී නැවත logon වූ පසු සිංහල යතුරුලියනය කල හැකියි. ෆෙඩෝරා වල තෝරාගත් Input Method එක සක්‍රීය/ අක්‍රීය කරන්නේ Control+Space යතුරු සංකලනයෙනුයි.
ශ්‍රව්‍ය දෘෂ්‍ය ධාවක ස්ථාපනය
ඔබට ලිනක්ස් වල පෙරනිමියෙන්ම පිහිටා ඇති Totem Movie Player මගින් සියළුම ශ්‍රව්‍ය දෘෂ්‍ය ගොනු ධාවනය කල හැකියි ඒ සඳහා අවශ්‍ය කේතක (codecs) පිහිටවා ගතහොත්. Totem පෙරනිමියෙන් භාවිතා කරන්නේ Gstreamer ලෙසින් හැඳින්වෙන multimedia backend එකයි. මේ සඳහා අවශ්‍ය කේතක ස්ථාපනයට පහත විධාන දෙන්න.
“sudo yum install gstreamer-plugins-ugly gstreamer-plugins-bad gstreamer-ffmpeg”
එමෙන්ම මේ Totem Movie Player එක Xine යනුවෙන් හැඳින්වෙන multimedia backend එකක් සමගත් ඉතා හොඳින් ක්‍රියා කරනවා. මේ Xine backend එක සඳහා ඔබට Windows codecs වුවත් ස්ථාපනය කිරීමට පුළුවන්. Totem Movie Player එක Xine සමග භාවිතා කිරීමට පහත විධාන දෙන්න.
“sudo yum install totem-xine xine-lib-extras xine-lib-extras-freeworld“
Windows codecs ස්ථාපනයට පහත විධාන දෙන්න
wget http://www.mplayerhq.hu/MPlayer/releases/codecs/all-20071007.tar.bz2 sudo mkdir -p /usr/lib/codecs sudo tar -jxvf all-20071007.tar.bz2 --strip-components 1 -C /usr/lib/codecs/
Gstreamer multimedia backend වෙනුවට xine backend භාවිතාව සඳහා පහත විධානය දෙන්න.
“sudo totem-backend -b xine”
මීට අමතරව Winamp වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන Audacious සහ Rhythmbox පිහිටවා ගැනීමට පහත විධාන දෙන්න
“sudo yum install rhythmbox audacious audacious-plugins-freeworld*”
ඔබ KDE භාවිතා කරනවා නම් Amarok ස්ථාපනය කර ගන්න
“sudo yum install amarok amarok-extras-freeworld xine-lib-extras-freeworld”
ඒ වගේම vlc සහ mplayer ස්ථාපනයටත් අමතක කරන්න එපා
“sudo yum install vlc mplayer mplayer-gui gnome-mplayer“
Adobe Flash ස්ථාපනය
වෙබ් බ්‍රව්සර සඳහා adobe flash pluginය ස්ථාපනය කර ගැනීමට පහසුම ආකාරය නම් adobe flash මුදුකාංග මූලය පිහිටවාගැනීමයි.
sudo rpm -Uvh http://linuxdownload.adobe.com/adobe-release/adobe-release-i386-1.0-1.noarch.rpm sudo yum install flash-plugin
ඔබ Fedora x86_64 භාවිතා කරනවා නම් වැඩි විස්තර සඳහා ෆෙඩොරා විකිය බලන්න
https://fedoraproject.org/wiki/Flash
Rar, Ace සහ 7z සම්පීඩිත ගොනු දිගහැරීම
සමහර අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙනවා zip වලට අමතරව, rar, ace, 7zip වැනි ක්‍රම වලින් සම්පීඩිත ගොනු දිගහැරීමට. ඉතින් ග්නොම් වල අපි භාවිතා කරන ෆයිල් රෝලර් (file roller) මගින් මේ ගොනු දිගහැරීමට හැකිද?
පුලුවන්, නමුත් ප්‍රථමයෙන් මේ සඳහා unrar, unace සහ p7zip යන විධාන පෙල මෙවලම් පිහිටුවා ගත යුතුයි. මේකයි දියයුතු විධානය:
“sudo yum install unrar unace p7zip”
unrar සහ unace යනු විවෘත මෘදුකාංග නොවන නිසා ඒවා ස්ථාපනයට නම් RPMFusion මූලය සක්‍රීය කර තිබිය යුතුයි.
එසේම ඔබට මේ ස්ථාපනයෙන් පසුව එවින්ස් (Evince) මගින් .cbr කොමික් බුක් (Comic Books) නැරඹීමේ හැකියාවත් ලැබෙනවා.
ජාවා – Sun JRE සහ JDK ස්ථාපනය
ෆෙඩෝරා 10 මෙහෙයුම් පද්ධතියේ පෙරනිමියෙන් පිහිටුවා ඇත්තේ සන් සමාගම මගින් විවෘත මෘදුකාංගයක් ලෙස එලිදැක්වූ OpenJDK නම් වූ ජාවා පද්ධතියකුයි. මෙම ජාවා පද්ධතිය මීට පෙර තිබූ GNU gcj ට වඩා සම්පූර්ණ වුවත් බොහොමයක් ජාවා මෘදුකාංග ධාවනයට Sun ජාවා පද්ධතියම අවශ්‍ය වෙනවා. එසේම ඔබ ජාවා මෘදුකාංග නිමවනවා නම් Sunජාවා පද්ධතිය අත්‍යාවශ්‍ය වෙනවා.
ජාවා පිහිටුවීමට ප්‍රථමයෙන් ජාවා බ්‍රව්සර් ප්ලගින් එක සඳහා අවශ්‍ය compat-libstdc++-33 පිහිටුවා ගන්න. මේ සඳහා පහත විධානය දෙන්න.
“sudo yum install compat-libstdc++-33″
සන් ජාවා ෆෙඩෝරා වල පිහිටුවීමට දෙවනුව ඔබ කලයුත්තේ සන් ජාවා බාගත කිරීමයි. සන් ජාවා අඩවියෙන් Java SE JDK1.6 හෝ නවතම එකලස බාගත කරගන්න.
මෙහිදී Linux RPM in self-extracting file යන ගොනුව බාගත කරගන්න. දැන් ග්නොම් අග්‍රය (Gnome Terminal) විවෘත කර ඔබ ඉහත ගොනුව බාගත කල ස්ථානයේ සිට පහත විධාන දෙන්න. (ඔබ බාගත කල ගොනුව අනුව විධාන වෙනස් කිරීමට වගබලාගන්න)
sudo chmod a+x jdk-6u11-linux-i586-rpm.bin sudo ./jdk-6u11-linux-i586-rpm.bin
දැන් අවශ්‍ය වන්නේ අප පිහිටවූ ජාවා පද්ධතිය මෙහෙයුම් පද්ධතියේ පෙරනිමියෙන්ම ක්‍රියාත්මක වන ලෙස සැකසීමයි. මේ සඳහා පහත විධාන දෙන්න. මෙහිදී ඔබට අවශ්‍ය නම් OpenJDK සහ SunJDK යන දෙකම ස්ථාපනය කර අවශ්‍ය ජාවා පද්ධතිය තෝරා ගැනීමේ පහසුව තිබෙනවා.
sudo /usr/sbin/alternatives --install /usr/bin/javac javac /usr/java/latest/bin/javac 200 sudo /usr/sbin/alternatives --install /usr/bin/java java /usr/java/latest/bin/java 200 sudo /usr/sbin/alternatives --install /usr/lib/mozilla/plugins/libjavaplugin.so libjavaplugin.so /usr/java/latest/plugin/i386/ns7/libjavaplugin_oji.so 200
දැන් ඔබට අවශ්‍ය JDK එක හෝ JRE එක හෝ java firefox plugin එක තෝරා ගැනීමට පහත විධාන වලින් හැකියි.
sudo /usr/sbin/alternatives --config javac sudo /usr/sbin/alternatives --config java sudo /usr/sbin/alternatives --config libjavaplugin.so
ස්ථාපනය නිවැරදිදැයි බැලීමට පහත විධාන දී ඔබ පිහිටවූ සන් ජාවා වර්ශන් එක පිරික්සන්න
java -version javac -version
ඉන්පසු ප්‍රධාන මෙනුවේ System->Preferences->Java ක්‍රියාත්මක කර ජාවා පාලක පුවරුව (Control Panel) ලබාගත හැකියි.
මුදුකාංග නිමැවුම් මෙවලම් පිහිටවා ගැනීම – Development Tools
මුදුකාංග නිමැවුමට අත්‍යාවශ්‍ය මෙවලම් එකවර ස්ථාපනයට පහත විධානය දෙන්න. මෙහිදී gcc/g++ compiler suites, gdb debugger, අත්‍යාවශ්‍ය library, kernel headers ආදිය ස්ථාපනය වෙනවා.
“sudo yum groupinstall “Development Tools”"
මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට “sudo yum groupinfo “Development Tools”" විධානයෙන් හැකියි.
ඉන්පසු ඔබේ ප්‍රියතම අනුකලිත මුදුකාංග සංවර්ධන පරිසරය (IDE) පිහිටවා ගන්න. මා භාවිතා කරන මෙවලම් කිහිපයක් පිහිටවා ගන්නායුරු තමයි පහත දැක්වෙන්නේ.
“sudo yum install geany anjuta codeblocks gambas2-ide qt-devel qt qt-doc qt-x11″







නියමයි!
අවශ්‍ය සියලු දේම වගේ තියෙනවා.
NOPASSWD:ALL
මෙයින් අදහස් වෙන්නේ මගේ ගිණුමේ ටර්මිනලයේ සිට ඕනෑම වෙලාවක රහස්පදය නොමැතිව ඕනෑම දෙයක් කළහැකි බව ද? එනයින් මෙය අනාරක්ෂිතයි නොවේද?
බොහොම වැදගත් සටහන් පෙලක්. දහස් වාරයක් තුති.
@ශාකුන්තල
) මෙය අනාරක්‍ෂිතයි. මා ඉහත උපදෙස්මාලාවෙන් NOPASSWD:ALL ඉවත් කරන්නනම්.
ඔව්, සැබවින්ම!
මා නිවසේ හා කාර්යාලයීය පරිගණකවල මෙලෙස සකසා ඇති මුත් (මගේ පරිගණකය අසලට කිසිවෙක් ලංවීමට ඇති බිය නිසා
ස්තුතියි ශාකුන්තල
මොනවද ඉතිං සුපිරිම තමයි .අනේක වාරයක් පිං.
ඔබගෙ මෙම ලිපි පෙල මුලින්ම අගය කලයුතුය. මමත් ෆෙඩෝරා භාවිතා කරමි, නමුත් දැනට වැඩියෙන් භාවිත කරන්නෙ වින්ඩොස්ය. මම ෆෙඩෝරා 9 භාවිත කලෙමි, දැන් නම් භවිතා කරන්නෙ ෆෙඩෝරා 10යි. මට ඇති ප්‍රශ්නයනම් මගේ මොඩමය ෆෙඩෝරා වල පිහිටුව ගැනිමට නොහැකි වීමයි. මම මීට පෙර ෆෙඩෝරා 9 සමඟ මගේ Cඪ්Mඇ දුරකතනය හරහා අන්තර්ජාල පහසුකම ලබාගතිමි. පසුව මම Sළ්ඨ් බ්‍රොඅඩ්බන්ඩ් සම්බන්දතාවය ලබා ගතිමි, එහිදි භාවිත වන ඵ්‍රොලින්ක් 9601 මොඩමය පිහිටුවගැනීමට උත්සහයක් දැරිමි. නමුත් එහි දී ඇති උපදෙස් මගෙ දැනුම් සීමාවෙන් පිට බව මට හැගේ. මේ හේතුව නිසා මෘදුකාංගයක් පිහිටුව ගැනිමට යාමේ දි බොහෝ අපහසුතවයට පත්වේ.
කරුණාකර හැකි නම් මාහට මේ සඳහා උපකාරයක් ලබාදෙන්න
ජාල සැකසුම් කලමනාකරණය සඳහා Fedora 10 හි දී (සහ NetworkManager භාවිතා වන අනෙක් distroවලදී ද) system-config-network (සහ එහි අනෙක් ආකාර Eg: system-config-network-tui, etc.) යොදා ගැනීම එතරම් සුදුසු නැත. NetwokManager නිමවා ඇත්තේ system-config-network වෙනුවට යොදාගැනීමටයි. මේ දෙකම වරින් වර භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය ගැටලු සහගත හා/හෝ පැටලුම් සහගත විය හැක. Fedora 10 හි දී NetworkManager Applet එක භාවිතය දිරිගැන්වෙන්නේ එනිසායි. තවද, NetworkManager වලදී පහසුවෙන් සම්බන්ධතා / පෙර සැමසුම් පවත්වාගෙන යා හැකියි. එමෙන්ම Fedora 10වල ලැබෙන්නේ නවතම NetworkManager නිකුතුවකි. ඉතින් Desktop පරිශීලකයන්ට අත පුච්චා නොගෙන ජාල සම්බන්ධතා කලමනාකරණය කරගන්න මා නම් යෝජනා කරන්නේ NetworkManager.
Servers සඳහා නම් මේ දෙකෙන් system-config-network(-tui) වඩා උචිත බව මගේ හැහීමයි.
ලිපිය නම් බොහොම අගෙයි.
ඔහොම යං!
@ගවීන්
ඔව් ගවීන්, මා ජාල සැකසුම් කලමනාකරණය සඳහන් කොටසට NetworkManager හරහා ජාල කලමනාකරණය ගැන විස්තරත් එක් කරන්නම්. ඒ විස්තර නොමැතිව ලිපිය අසම්පූර්ණ බව මටත් හැඟෙනවා. රැහැන් රහිත ජාල සමග ලැප්ටොප්/ඩෙසක්ටොප් පරිගණක භාවිතා කරන්නෙකුට නම් NetworkManager අත්‍යාවශ්‍යයිනේ!
ඒ වැරැදීම පෙන්වාදීම ගැන බෙහෙවින්ම ස්තුතියි.
මා නම් තාමත් කැමති system-config-network එකට තමයි.
ඒ නිසා තමයි මා Services ගැන සඳහන් කොටසේ කිව්වේ ස්ථිර ජාල සැකසුම් භාවිතා කරන්නන්ට NetworkManager අක්‍රීය කර network සේවාව සක්‍රීය කරන ලෙස.
වැදගත් සටහන් පෙළක්.
ස්තුතියි
I haven’t used yum a single time…………….. anyway i have installed many of those programs you mentioned above. Thanks for the help you’re doing for fedora….. (building RPM’s)
කියන්න වදන් නෑ.ඉදිරියටත් දහස් ගනනකට ප්‍රයෝඡනවත් වේවි !
මගේ ඉල්ලීම UBUNTU 8.10 ගැනත් පැහැදිලි ලස්සන ලිපියක් ඉක්මනින්ම ලියන්න.
ලස්සනයි
Please send me Fedora latest version CD.
My Address is:
Shiroshan Randika
245/C
Uswetakeiyawa
Sri Lanka
@Shiroshan Randika
Only a limited number of Fedora DVDs are distributed each month by Fedora Ambassadors and other volunteers. Look Here:
https://fedoraproject.org/freemedia/FreeMedia-form.html
ආයේ ෆෙඩෝරා DVDs බෙදාහරින්න පටන් ගත්තම මගේ මේලිපිනයටත් එකක් එවන්න.කලින්ම ඒ
Shiroshan Randika
245/C
Uswetakeiyawa
Sri Lanka
කලින්ම ඕඩර් කලාම හරි නේද?
ආයේ ෆෙඩෝරා DVDs බෙදාහරින්න පටන් ගත්තම, මගේ මේ ලිපිනයටත් එකක් එවන්න.
Shiroshan Randika
245/C
Uswetakeiyawa
Sri Lanka
කලින්ම ඕඩර් කලාම හරි නේද?