ෆෙඩොරා 10 උපදෙස්

Update: මාර්තු 2nd, 2009

  1. පෙරවදන
  2. ඔබේ ගිණුමට sudo පහසුකම ලබා ගන්න
  3. Network සැකසුම්
  4. අනවශ්‍ය සේවා (System Services) ඉවත් කිරීම
  5. Nautilus සැකසුම්
  6. RPMFusion මූලය පිහිටවීම
  7. Yum මගින් මුදුකාංග කළමනාකරණය
  8. Nvidia දෘෂ්‍ය ධාවක
  9. සිංහල සහාය
  10. ශ්‍රව්‍ය දෘෂ්‍ය ධාවක
  11. Adobe Flash ස්ථාපනය
  12. Rar, Ace සහ 7z සම්පීඩිත ගොනු දිගහැරීම
  13. ජාවා - Sun JRE සහ JDK ස්ථාපනය
  14. මුදුකාංග නිමැවුම් මෙවලම්
  15. සම්පූර්ණ ලිපිය

Yum මගින් මුදුකාංග ස්ථාපනය / ඉවත් කිරීම

ඔබට අවශ්‍ය මෘදුකාංගයේ නම දන්නවනම් ඉතා ලෙහෙසියෙන්ම එය ස්ථාපනය කර ගැනීම සඳහා yum (යම්) භාවිත කල හැකියි. මදක් පුරුදු වූ විට Yum මගින් මෘදුකාංග ස්ථාපනය  System->Administration-> Add/Remove Software යන විධානයෙන් ක්‍රියාත්මක වන  Packagekit ට වඩා  භාවිතයට වඩා ඉතා පහසුයි. (ඇත්තෙන්ම Packagekit අභ්‍යන්තරයෙන් භාවිතා කරන්නේත් Yum හි පහසුකමමයි)

ඔබේ පරිගණකයේ දැනට ස්ථාපිතා මුදුකාංග යාවත් කිරීමට පහත විධානය දෙන්න. මෙමගින් ප්‍රථමයෙන්ම සියළුම මුදුකාංග මූල (Software repositories) වලට අදාල yum දත්තපාද යාවත් කරන අතරතුර ඉන්පසු ස්ථාපිත මුදුකාංග වල නව සංස්කරණ ඇත්නම් ඒවා යාවත් වේ.

“sudo yum update”

ෆෙඩෝරා යාවත් වීමේදී rpm ගොනු ලාබාගන්නේ ස්වයංක්‍රීයවම තෝරා ගන්නා ලොව පුරා පිහිටි විවිධ software mirrors මගින්. (මේ නිසා එක් software mirrors එකක් වැඩිපුර load වීමක් සුදු වන්නේ නැහැ) නමුත් මෙනිසා යම් විසින් ස්වයංක්‍රීයව  තෝරා ගන්නා software mirror අනුව ඔබේ බාගත කිරීමේ වේගය සීමා වීමට පුලුවන්. මේ ගැටළුවෙන් මිදීමට පහත විධානය දී yum-fastestmirror ප්ලගිනය පිහිටවාගන්න.

“sudo yum install yum-fastestmirror”

තවත් අත්‍යාවශ්‍ය Yum විධාන කිහිපයක් උදාහරණ සහිතව

මෙහිදී mplayer, vlc ආදිය උදාහරණ ලෙස ගෙන ඇත.

  • මුදුකාංගයක් සෙවීම –
    “sudo yum search mplayer”
  • මුදුකාංගයක් පිලිබඳ වැඩි විස්තර දැන ගැනීම
    “yum info mplayer”
  • මුදුකාංග එකක් හෝ කිහිපයක් ස්ථාපනය :
    “sudo yum install mplayer vlc”
  • මුදුකාංග එකක් හෝ කිහිපයක් ඉවත්කිරීම:
    “sudo yum remove mplayer vlc”
  • මුදුකාංග සමූහයක් පිලිබඳ විස්තර ලබා ගැනීම
    “sudo yum groupinfo “Sinhala Support”"
  • මුදුකාංග සමූහයක් ස්ථාපනය:
    “sudo yum groupinstall  “Sinhala Support”"
  • මුදුකාංග සමූහයක් ඉවත් කිරීම:
    “sudo yum groupremove  “Sinhala Support”"
  • වෙන තැනකින් බාගත කල RPM බාහාළුමකින් එන මුදුකාංගයක් ඔබේ පරිගණකයේ ඇත්නම් එයට අවශ්‍ය අනෙකුත් මුදුකාංගද (dependencies) සමග ස්ථාපනයට:
    “sudo yum localinstall –nogpgcheck rpmfile.rpm”
  • yum තාවකාලිකව ගබඩා කර ඇති rpm ගොනු සහ සියළුම මුදුකාංග මූල සඳහා වූ දත්තපාද ඉවත් කිරීමට
    “sudo yum clean all”

<====>

  1. 2008 දෙසැම්බර් 04 at 08:32
    Reply | Quote | #1

    නියමයි!
    අවශ්‍ය සියලු දේම වගේ තියෙනවා. :)

  2. 2008 දෙසැම්බර් 04 at 09:13
    Reply | Quote | #2


    NOPASSWD:ALL

    මෙයින් අදහස් වෙන්නේ මගේ ගිණුමේ ටර්මිනලයේ සිට ඕනෑම වෙලාවක රහස්පදය නොමැතිව ඕනෑම දෙයක් කළහැකි බව ද? එනයින් මෙය අනාරක්ෂිතයි නොවේද?

  3. නිලන්ත
    2008 දෙසැම්බර් 04 at 09:17
    Reply | Quote | #3

    බොහොම වැදගත් සටහන් පෙලක්. දහස් වාරයක් තුති.

  4. 2008 දෙසැම්බර් 04 at 09:34
    Reply | Quote | #4

    @ශාකුන්තල
    ඔව්, සැබවින්ම!
    මා නිවසේ හා කාර්යාලයීය පරිගණකවල මෙලෙස සකසා ඇති මුත් (මගේ පරිගණකය අසලට කිසිවෙක් ලංවීමට ඇති බිය නිසා :D ) මෙය අනාරක්‍ෂිතයි. මා ඉහත උපදෙස්මාලාවෙන් NOPASSWD:ALL ඉවත් කරන්නනම්.
    ස්තුතියි ශාකුන්තල

  5. shadeesh
    2008 දෙසැම්බර් 04 at 23:02
    Reply | Quote | #5

    මොනවද ඉතිං සුපිරිම තමයි .අනේක වාරයක් පිං.

  6. 2008 දෙසැම්බර් 05 at 13:02
    Reply | Quote | #6

    ඔබගෙ මෙම ලිපි පෙල මුලින්ම අගය කලයුතුය. මමත් ෆෙඩෝරා භාවිතා කරමි, නමුත් දැනට වැඩියෙන් භාවිත කරන්නෙ වින්ඩොස්ය. මම ෆෙඩෝරා 9 භාවිත කලෙමි, දැන් නම් භවිතා කරන්නෙ ෆෙඩෝරා 10යි. මට ඇති ප්‍රශ්නයනම් මගේ මොඩමය ෆෙඩෝරා වල පිහිටුව ගැනිමට නොහැකි වීමයි. මම මීට පෙර ෆෙඩෝරා 9 සමඟ මගේ Cඪ්Mඇ දුරකතනය හරහා අන්තර්ජාල පහසුකම ලබාගතිමි. පසුව මම Sළ්ඨ් බ්‍රොඅඩ්බන්ඩ් සම්බන්දතාවය ලබා ගතිමි, එහිදි භාවිත වන ඵ්‍රොලින්ක් 9601 මොඩමය පිහිටුවගැනීමට උත්සහයක් දැරිමි. නමුත් එහි දී ඇති උපදෙස් මගෙ දැනුම් සීමාවෙන් පිට බව මට හැගේ. මේ හේතුව නිසා මෘදුකාංගයක් පිහිටුව ගැනිමට යාමේ දි බොහෝ අපහසුතවයට පත්වේ.
    කරුණාකර හැකි නම් මාහට මේ සඳහා උපකාරයක් ලබාදෙන්න

  7. 2008 දෙසැම්බර් 06 at 02:28
    Reply | Quote | #7

    ජාල සැකසුම් කලමනාකරණය සඳහා Fedora 10 හි දී (සහ NetworkManager භාවිතා වන අනෙක් distroවලදී ද) system-config-network (සහ එහි අනෙක් ආකාර Eg: system-config-network-tui, etc.) යොදා ගැනීම එතරම් සුදුසු නැත. NetwokManager නිමවා ඇත්තේ system-config-network වෙනුවට යොදාගැනීමටයි. මේ දෙකම වරින් වර භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය ගැටලු සහගත හා/හෝ පැටලුම් සහගත විය හැක. Fedora 10 හි දී NetworkManager Applet එක භාවිතය දිරිගැන්වෙන්නේ එනිසායි. තවද, NetworkManager වලදී පහසුවෙන් සම්බන්ධතා / පෙර සැමසුම් පවත්වාගෙන යා හැකියි. එමෙන්ම Fedora 10වල ලැබෙන්නේ නවතම NetworkManager නිකුතුවකි. ඉතින් Desktop පරිශීලකයන්ට අත පුච්චා නොගෙන ජාල සම්බන්ධතා කලමනාකරණය කරගන්න මා නම් යෝජනා කරන්නේ NetworkManager.

    Servers සඳහා නම් මේ දෙකෙන් system-config-network(-tui) වඩා උචිත බව මගේ හැහීමයි.

    ලිපිය නම් බොහොම අගෙයි. :) ඔහොම යං!

  8. 2008 දෙසැම්බර් 06 at 08:02
    Reply | Quote | #8

    @ගවීන්
    ඔව් ගවීන්, මා ජාල සැකසුම් කලමනාකරණය සඳහන් කොටසට NetworkManager හරහා ජාල කලමනාකරණය ගැන විස්තරත් එක් කරන්නම්. ඒ විස්තර නොමැතිව ලිපිය අසම්පූර්ණ බව මටත් හැඟෙනවා. රැහැන් රහිත ජාල සමග ලැප්ටොප්/ඩෙසක්ටොප් පරිගණක භාවිතා කරන්නෙකුට නම් NetworkManager අත්‍යාවශ්‍යයිනේ!

    ඒ වැරැදීම පෙන්වාදීම ගැන බෙහෙවින්ම ස්තුතියි. ;)

    මා නම් තාමත් කැමති system-config-network එකට තමයි. :)

    ඒ නිසා තමයි මා Services ගැන සඳහන් කොටසේ කිව්වේ ස්ථිර ජාල සැකසුම් භාවිතා කරන්නන්ට NetworkManager අක්‍රීය කර network සේවාව සක්‍රීය කරන ලෙස.

  9. 2009 ජනවාරි 14 at 10:49
    Reply | Quote | #9

    වැදගත් සටහන් පෙළක්.
    ස්තුතියි

  10. Malshan
    2009 පෙබරවාරි 20 at 23:04

    I haven’t used yum a single time…………….. anyway i have installed many of those programs you mentioned above. Thanks for the help you’re doing for fedora….. (building RPM’s)

  11. 2009 පෙබරවාරි 25 at 23:05

    කියන්න වදන් නෑ.ඉදිරියටත් දහස් ගනනකට ප්‍රයෝඡනවත් වේවි !
    මගේ ඉල්ලීම UBUNTU 8.10 ගැනත් පැහැදිලි ලස්සන ලිපියක් ඉක්මනින්ම ලියන්න.

  12. 2009 ජූලි 30 at 18:13

    ලස්සනයි

  13. Shiroshan Randika
    2009 අගෝස්තු 16 at 00:11

    Please send me Fedora latest version CD.
    My Address is:
    Shiroshan Randika
    245/C
    Uswetakeiyawa
    Sri Lanka

  14. ප්‍රසාන්
    2009 අගෝස්තු 16 at 01:37

    @Shiroshan Randika
    Only a limited number of Fedora DVDs are distributed each month by Fedora Ambassadors and other volunteers. Look Here:
    https://fedoraproject.org/freemedia/FreeMedia-form.html

  15. Shiroshan Randika
    2009 අගෝස්තු 19 at 00:01

    ආයේ ෆෙඩෝරා DVDs බෙදාහරින්න පටන් ගත්තම මගේ මේලිපිනයටත් එකක් එවන්න.කලින්ම ඒ
    Shiroshan Randika
    245/C
    Uswetakeiyawa
    Sri Lanka

    කලින්ම ඕඩර් කලාම හරි නේද?

  16. Shiroshan Randika
    2009 අගෝස්තු 19 at 00:01

    ආයේ ෆෙඩෝරා DVDs බෙදාහරින්න පටන් ගත්තම, මගේ මේ ලිපිනයටත් එකක් එවන්න.
    Shiroshan Randika
    245/C
    Uswetakeiyawa
    Sri Lanka

    කලින්ම ඕඩර් කලාම හරි නේද?

  17. 1 trackbacks
TOP