ෆෙඩොරා 10 උපදෙස්

Update: මාර්තු 2nd, 2009

  1. පෙරවදන
  2. ඔබේ ගිණුමට sudo පහසුකම ලබා ගන්න
  3. Network සැකසුම්
  4. අනවශ්‍ය සේවා (System Services) ඉවත් කිරීම
  5. Nautilus සැකසුම්
  6. RPMFusion මූලය පිහිටවීම
  7. Yum මගින් මුදුකාංග කළමනාකරණය
  8. Nvidia දෘෂ්‍ය ධාවක
  9. සිංහල සහාය
  10. ශ්‍රව්‍ය දෘෂ්‍ය ධාවක
  11. Adobe Flash ස්ථාපනය
  12. Rar, Ace සහ 7z සම්පීඩිත ගොනු දිගහැරීම
  13. ජාවා - Sun JRE සහ JDK ස්ථාපනය
  14. මුදුකාංග නිමැවුම් මෙවලම්
  15. සම්පූර්ණ ලිපිය

ශ්‍රව්‍ය දෘෂ්‍ය ධාවක ස්ථාපනය

ඔබට ලිනක්ස් වල පෙරනිමියෙන්ම පිහිටා ඇති Totem Movie Player මගින් සියළුම ශ්‍රව්‍ය දෘෂ්‍ය ගොනු ධාවනය කල හැකියි ඒ සඳහා අවශ්‍ය කේතක (codecs) පිහිටවා ගතහොත්. Totem පෙරනිමියෙන් භාවිතා කරන්නේ Gstreamer ලෙසින් හැඳින්වෙන multimedia backend එකයි. මේ සඳහා අවශ්‍ය කේතක ස්ථාපනයට පහත විධාන දෙන්න.

“sudo yum install gstreamer-plugins-ugly gstreamer-plugins-bad gstreamer-ffmpeg”

එමෙන්ම මේ Totem Movie Player එක Xine යනුවෙන් හැඳින්වෙන multimedia backend එකක් සමගත් ඉතා හොඳින් ක්‍රියා කරනවා. මේ Xine backend එක සඳහා ඔබට Windows codecs වුවත් ස්ථාපනය කිරීමට පුළුවන්. Totem Movie Player එක Xine සමග භාවිතා කිරීමට පහත විධාන දෙන්න.

“sudo yum install totem-xine xine-lib-extras xine-lib-extras-freeworld

Windows codecs ස්ථාපනයට පහත විධාන දෙන්න

wget http://www.mplayerhq.hu/MPlayer/releases/codecs/all-20071007.tar.bz2
sudo mkdir -p /usr/lib/codecs
sudo tar -jxvf all-20071007.tar.bz2 --strip-components 1 -C /usr/lib/codecs/

Gstreamer  multimedia backend වෙනුවට xine backend භාවිතාව සඳහා පහත විධානය දෙන්න.
“sudo totem-backend -b xine”

මීට අමතරව Winamp වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන Audacious සහ Rhythmbox පිහිටවා ගැනීමට පහත විධාන දෙන්න

“sudo yum install rhythmbox audacious audacious-plugins-freeworld*”

ඔබ KDE භාවිතා කරනවා නම් Amarok ස්ථාපනය කර ගන්න

“sudo yum install amarok amarok-extras-freeworld xine-lib-extras-freeworld”

ඒ වගේම vlc සහ mplayer ස්ථාපනයටත් අමතක කරන්න එපා

“sudo yum install vlc mplayer mplayer-gui gnome-mplayer

<====>

  1. 2008 දෙසැම්බර් 04 at 08:32
    Reply | Quote | #1

    නියමයි!
    අවශ්‍ය සියලු දේම වගේ තියෙනවා. :)

  2. 2008 දෙසැම්බර් 04 at 09:13
    Reply | Quote | #2


    NOPASSWD:ALL

    මෙයින් අදහස් වෙන්නේ මගේ ගිණුමේ ටර්මිනලයේ සිට ඕනෑම වෙලාවක රහස්පදය නොමැතිව ඕනෑම දෙයක් කළහැකි බව ද? එනයින් මෙය අනාරක්ෂිතයි නොවේද?

  3. නිලන්ත
    2008 දෙසැම්බර් 04 at 09:17
    Reply | Quote | #3

    බොහොම වැදගත් සටහන් පෙලක්. දහස් වාරයක් තුති.

  4. 2008 දෙසැම්බර් 04 at 09:34
    Reply | Quote | #4

    @ශාකුන්තල
    ඔව්, සැබවින්ම!
    මා නිවසේ හා කාර්යාලයීය පරිගණකවල මෙලෙස සකසා ඇති මුත් (මගේ පරිගණකය අසලට කිසිවෙක් ලංවීමට ඇති බිය නිසා :D ) මෙය අනාරක්‍ෂිතයි. මා ඉහත උපදෙස්මාලාවෙන් NOPASSWD:ALL ඉවත් කරන්නනම්.
    ස්තුතියි ශාකුන්තල

  5. shadeesh
    2008 දෙසැම්බර් 04 at 23:02
    Reply | Quote | #5

    මොනවද ඉතිං සුපිරිම තමයි .අනේක වාරයක් පිං.

  6. 2008 දෙසැම්බර් 05 at 13:02
    Reply | Quote | #6

    ඔබගෙ මෙම ලිපි පෙල මුලින්ම අගය කලයුතුය. මමත් ෆෙඩෝරා භාවිතා කරමි, නමුත් දැනට වැඩියෙන් භාවිත කරන්නෙ වින්ඩොස්ය. මම ෆෙඩෝරා 9 භාවිත කලෙමි, දැන් නම් භවිතා කරන්නෙ ෆෙඩෝරා 10යි. මට ඇති ප්‍රශ්නයනම් මගේ මොඩමය ෆෙඩෝරා වල පිහිටුව ගැනිමට නොහැකි වීමයි. මම මීට පෙර ෆෙඩෝරා 9 සමඟ මගේ Cඪ්Mඇ දුරකතනය හරහා අන්තර්ජාල පහසුකම ලබාගතිමි. පසුව මම Sළ්ඨ් බ්‍රොඅඩ්බන්ඩ් සම්බන්දතාවය ලබා ගතිමි, එහිදි භාවිත වන ඵ්‍රොලින්ක් 9601 මොඩමය පිහිටුවගැනීමට උත්සහයක් දැරිමි. නමුත් එහි දී ඇති උපදෙස් මගෙ දැනුම් සීමාවෙන් පිට බව මට හැගේ. මේ හේතුව නිසා මෘදුකාංගයක් පිහිටුව ගැනිමට යාමේ දි බොහෝ අපහසුතවයට පත්වේ.
    කරුණාකර හැකි නම් මාහට මේ සඳහා උපකාරයක් ලබාදෙන්න

  7. 2008 දෙසැම්බර් 06 at 02:28
    Reply | Quote | #7

    ජාල සැකසුම් කලමනාකරණය සඳහා Fedora 10 හි දී (සහ NetworkManager භාවිතා වන අනෙක් distroවලදී ද) system-config-network (සහ එහි අනෙක් ආකාර Eg: system-config-network-tui, etc.) යොදා ගැනීම එතරම් සුදුසු නැත. NetwokManager නිමවා ඇත්තේ system-config-network වෙනුවට යොදාගැනීමටයි. මේ දෙකම වරින් වර භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය ගැටලු සහගත හා/හෝ පැටලුම් සහගත විය හැක. Fedora 10 හි දී NetworkManager Applet එක භාවිතය දිරිගැන්වෙන්නේ එනිසායි. තවද, NetworkManager වලදී පහසුවෙන් සම්බන්ධතා / පෙර සැමසුම් පවත්වාගෙන යා හැකියි. එමෙන්ම Fedora 10වල ලැබෙන්නේ නවතම NetworkManager නිකුතුවකි. ඉතින් Desktop පරිශීලකයන්ට අත පුච්චා නොගෙන ජාල සම්බන්ධතා කලමනාකරණය කරගන්න මා නම් යෝජනා කරන්නේ NetworkManager.

    Servers සඳහා නම් මේ දෙකෙන් system-config-network(-tui) වඩා උචිත බව මගේ හැහීමයි.

    ලිපිය නම් බොහොම අගෙයි. :) ඔහොම යං!

  8. 2008 දෙසැම්බර් 06 at 08:02
    Reply | Quote | #8

    @ගවීන්
    ඔව් ගවීන්, මා ජාල සැකසුම් කලමනාකරණය සඳහන් කොටසට NetworkManager හරහා ජාල කලමනාකරණය ගැන විස්තරත් එක් කරන්නම්. ඒ විස්තර නොමැතිව ලිපිය අසම්පූර්ණ බව මටත් හැඟෙනවා. රැහැන් රහිත ජාල සමග ලැප්ටොප්/ඩෙසක්ටොප් පරිගණක භාවිතා කරන්නෙකුට නම් NetworkManager අත්‍යාවශ්‍යයිනේ!

    ඒ වැරැදීම පෙන්වාදීම ගැන බෙහෙවින්ම ස්තුතියි. ;)

    මා නම් තාමත් කැමති system-config-network එකට තමයි. :)

    ඒ නිසා තමයි මා Services ගැන සඳහන් කොටසේ කිව්වේ ස්ථිර ජාල සැකසුම් භාවිතා කරන්නන්ට NetworkManager අක්‍රීය කර network සේවාව සක්‍රීය කරන ලෙස.

  9. 2009 ජනවාරි 14 at 10:49
    Reply | Quote | #9

    වැදගත් සටහන් පෙළක්.
    ස්තුතියි

  10. Malshan
    2009 පෙබරවාරි 20 at 23:04

    I haven’t used yum a single time…………….. anyway i have installed many of those programs you mentioned above. Thanks for the help you’re doing for fedora….. (building RPM’s)

  11. 2009 පෙබරවාරි 25 at 23:05

    කියන්න වදන් නෑ.ඉදිරියටත් දහස් ගනනකට ප්‍රයෝඡනවත් වේවි !
    මගේ ඉල්ලීම UBUNTU 8.10 ගැනත් පැහැදිලි ලස්සන ලිපියක් ඉක්මනින්ම ලියන්න.

  12. 2009 ජූලි 30 at 18:13

    ලස්සනයි

  13. Shiroshan Randika
    2009 අගෝස්තු 16 at 00:11

    Please send me Fedora latest version CD.
    My Address is:
    Shiroshan Randika
    245/C
    Uswetakeiyawa
    Sri Lanka

  14. ප්‍රසාන්
    2009 අගෝස්තු 16 at 01:37

    @Shiroshan Randika
    Only a limited number of Fedora DVDs are distributed each month by Fedora Ambassadors and other volunteers. Look Here:
    https://fedoraproject.org/freemedia/FreeMedia-form.html

  15. Shiroshan Randika
    2009 අගෝස්තු 19 at 00:01

    ආයේ ෆෙඩෝරා DVDs බෙදාහරින්න පටන් ගත්තම මගේ මේලිපිනයටත් එකක් එවන්න.කලින්ම ඒ
    Shiroshan Randika
    245/C
    Uswetakeiyawa
    Sri Lanka

    කලින්ම ඕඩර් කලාම හරි නේද?

  16. Shiroshan Randika
    2009 අගෝස්තු 19 at 00:01

    ආයේ ෆෙඩෝරා DVDs බෙදාහරින්න පටන් ගත්තම, මගේ මේ ලිපිනයටත් එකක් එවන්න.
    Shiroshan Randika
    245/C
    Uswetakeiyawa
    Sri Lanka

    කලින්ම ඕඩර් කලාම හරි නේද?

  17. 1 trackbacks
TOP