වරඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කරන අතරතුරේම අපේ මලින්ත ඇතුලු සහෘදයන් විසින් සැකසූ වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදයත් ස්ථාපිත කළා. මේ සටහන වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදක කණ්ඩායමට සුභ පැතීමටයි.
Daily Archives: 2008/11/26
WordPress Upgrade
මෙවර නම් වර්ඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කිරීම සිදුකලේ WordPress Automatic Upgrade ප්ලගිනය මගිනුයි. පෙර වතාවලදී මේ ප්ලගිනයේ ගැටළු ඇති වුවත් මෙවර නම් යාවත්වීම සාර්ථකව සිදු වුනා.
ෆෙඩෝරා 10 – 2
ෆෙඩෝරා 10 DVD එක නම් කරදරයකින් තොරව ලබා ගත්තා. ගතවී තිබුණේ පැය 6 ක පමණ වෙලාවක්.
නමුත් ඊයේ සිටම මා උත්සාහ කළේ ෆෙඩෝරා 10 ට preupgrade තුලින් යාවත් වීමටයි. ගැටළුව වූයේ ෆෙඩෝරා 9 හි දැනටම ස්ථාපිත වී ඇති preupgrade තුලින් ෆෙඩෝරා 10 ට යාවත් වීම සඳහා පහසුකමක් නොමැති වීමයි.
මේ ගැටළුව fedora mailing list එකේහිද කිහිප වාරයක්ම පසුගිය පැය කිහිපය තුල මතුවී තිබුනා. මෙයට දැනට ඇති විසඳුම වන්නේ ඔබ පහත පුරුකට ගොස් නවතම preupgrade බාගත කර ඉන්පසු ෆෙඩෝරා 10 Cambridge වෙතට යාවත් වීමයි.
wget http://koji.fedoraproject.org/packages/preupgrade/1.0.0/1.fc9/noarch/preupgrade-1.0.0-1.fc9.noarch.rpm sudo yum localinstall --nogpgcheck preupgrade-1.0.0-1.fc9.noarch.rpm
දැන් විධාන පෙලේ preupgrade විධානය දීමෙන් ෆෙඩෝරා 10 Cambridge වෙතට යාවත් විය හැකියි. කෙසේ වුවත් මේ ගැටළුව අද දවස ඇතුලතම විසඳෙයි කියලා තමයි මා නම් හිතන්නේ.
ෆෙඩෝරා 10
දැන් ෆෙඩෝරා 10 ඔබට ලබා ගැනීමට හැකියි. උපරිම වේගයෙන් බාගත කිරීමට torrent ම භාවිතා කරන්න.
http://torrent.fedoraproject.org/
මේ මා මගේ 2M ADSL සබැඳියේ උපරිම වේගයෙන් torrent මගින් fedora බාගත කරන අයුරුයි.
ඔබ දැනටමත් ෆෙඩෝරා භාවිතා කරනවා නම් අවශ්‍ය මුදුකාංග පමණක් බාගත කර ෆෙඩෝරා 10 ට යාවත් වීම සඳහා preupgrade භාවිතා කරන්න. ෆෙඩෝරා 9 සහ preupgrade සඳහා ලියූ සටහනක් මෙතැන තිබෙනවා.

