නොකියා 3110, Wammu සහ සිංහල යුනිකේත
සටහන් කලේ ප්‍රසාන් | ජාලකරණය, මෙවලම් යන මාතෘකා යටතේයි
මාත් අළුත් දුරකතථනයක් මිලදී ගත්තා (Nokia 3110c). ඉතින් මා කලින් භාවිතා කල දුරකථනයේ ඇති අංක සහ කෙටි පාණිවුඩ නව දුරකථනයට ලබා ගැනීමට මා භාවිතා කලේ වැමු Wammu යි. මෙම මුදුකාංගය බොහොමයක් ජංගම දුරකථන සඳහා සහාය දක්වනවා. (මා සාර්ථකව Nokia 3110 සහ LG KG200 යන දුරකථන මෙයට සම්බන්ධ කළා)
රූප: වැමු තිරපිටපත්
වැමු පිහිටවීමට “sudo yum install wammu” විධානය දෙන්න.
තවදුරටත් ඔබ භාවිතා කරන්නේ USB රැහැනක් සහිත දුරකථනයක් නම් ෆෙඩෝරා වල ඔබේ පාරිශීලක ගිණුම (User Account) uucp කාණ්ඩයට එක් කිරිමටත් වග බලාගන්න. (පහත රූපය බලන්න)
නව දුරකථනය ගැන
මා මෙය මිලදී ගැනීමට හේතුවූ කරුණු:
- අඩු මිල
- MIDP යෙදුම්, අතුරු මුහුණත සහ xHTML බ්‍රව්වසරය සිංහල සහාය දැක්වීම
- pop3, imap, smtp, xHTML, WAP2.0, MIDP2.0 සහාය
- YahooGo සහ Gmail වැනි MIDP යෙදුම් ඉතා හොඳින් වැඩ කිරීම
- සබඳතා සමමුහෘතකරණය contact syncronization ( ZYB හෝ ඩයලොග් මගින්)
පහත දැකවෙන්නේ මගේ නව දුරකථනයේ මුහුණත සහ xHTML බ්‍රව්වසරය සිංහල පෙන්වන අයුරුයි.










July 21st, 2008 at 11:08 pm
sudo yum install wammu
සුදෝ යං ඉන්ස්ටෝල් වෙමු!
Funny!! LOL!!! ROTF!!!!
July 21st, 2008 at 11:31 pm
July 22nd, 2008 at 9:35 am
කුබුන්ටු වල ස්ථාපනය කළා ඒත් ක්‍රියාත්මක වෙනකොට ලෙඩ වගයක් එනවා. හැකිනම් KG200 wammu සැකසූ හැටි ලියන්නට පුළුවන්ද?
July 22nd, 2008 at 6:17 pm
මා සම්බන්ධ කල LG KG200 සහ Nokia 3110C යන දුරකථන දෙකම USB රැහැනක් සහිතයි. ලිනක්ස් වලට සම්බන්ධ කල විට ස්ථාපනය වූයේ /dev/ttyACM0 ලෙසයි. (dmesg |tail විධානය දීමෙන් ස්ථාපනය වන port එක සොයා ගත හැකියි.)
ඉන්පසු මා කලේ මගේ පරිශීලක ගිණුම uucp කාණ්ඩයට එක් කිරීමයි. (මොකද /dev/ttyACM0, uucp පරිශීලක කාණ්ඩයට අයත් නිසා)
(ls -l /dev/ttyACM0 විධානය දීමෙන් මෙය තහවුරු කරගත හැකියි)
ඉන්පසු මා Wammu වල Phone Wizard ට ගොස් Automatically Search for Phone ඔප්ෂන් එක යොදාගත්තා. ඉන්පසු Connection Type ලෙස තෝරා ගත්තේ USB Cable යි.
සමහර විට ඔබට Manual Configuration කවුළුව තුලින් port එක ලෙස dmesg විධානයෙන් ලැබෙන port එකත්, Connection Type එක ලෙස at ත් තෝරාගැනීමෙන් ප්‍රශ්නය නිරාකරණය වෙයි!
July 23rd, 2008 at 9:37 pm
sony ericsson k530i ෆොන්එක xHTML බ්‍රව්වසරය සිංහල සහාය දක්වනවද.
July 24th, 2008 at 8:00 am
@sadeesh
තවම සිංහල සහාය දක්වන්නේ Nokia විතරයි නේද? සාමාන්‍යයෙන් ෆෝන් එකක භාෂා
සහාය (Supported Languages) වෙනස් වෙනවා මිලදී ගන්න රට අණුව, එකම
මාදිලියේ වුණත්. දකුණු ආසියාවට එවන ෆෝන් වල තමයි සිංහල සහාය තිබෙන්නේ.
නොකියා වුණත් වෙන රටකින් මිලදී ගතහොත් සිංහල සහාය නැහැ.
July 25th, 2008 at 5:59 pm
ප්‍රසාන් මහතා…….
මෙම nokia 3110 සමග ගත්ත සුවඳ හමන අලුත්ම කෑලි දෙකට ආපු කුඩය ගැනත් කියුවානම් හොඳ නැද්ද? ඵ්ක අනගි ගනුදෙනුවක්…..
July 25th, 2008 at 9:50 pm
@සුදර්ශන
හිහි….
කුඩේ ගෙඩි රුපියල් 40ක වියදමින් නැවතත් තනි කෑල්ලකට හරවා ගත්තා!
July 26th, 2008 at 9:32 pm
ආයිබොවන්ඩ, මම wammu කුබුන්ටු වල ස්ථාපනය කළත් ක්‍රියාත්මක කරනවිට දෝෂ පණිවිඩයක් ආවා. dbus-x11 ස්ථාපනය කළා. ඊටපස්සෙ ආවේ වෙනස් දෝෂයක්. ඉන්පස්සේ හොයාගන්න ලැබුණු තොරතුරක් අනුව dbus-launch wammu ලෙස ක්‍රියාත්මක කළ විටයි හරියට ක්‍රියාත්මක වුණේ. sudo wammu වශයෙනුත් ක්‍රියාත්මක වෙනවා. කොහොමහරි LG KG195 එකක් කිසිම ගැටලුවක් නැතිව සම්බන්ධ කරගන්න පුළුවන් වුණා.