July, 2008 මාසය සඳහා සටහන්
ඔබටත් නිරවුල්, සරල දිසි-දිවැවුමක් ඇවැසිද?
සටහන් කලේ ප්‍රසාන් | දෘෂ්‍ය ධාවක, බහුමාධ්‍ය යන මාතෘකා යටතේයි
ඔබ දැනටමත් දන්නවා ඇති mplayer කියන්නේ අනේකවිධ ඇසි-දිසි ගොනු දිවැවිය හැකි මුදුකාංගයක් කියලා. ඉතින් මේ mplayer විධාන පෙල මෙවලම කෙලින්ම භාවිතා නොකොට අපි mplayer-gui එක සමග තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අපේ පහසුවට.
රූපය: mplayer-gui
හැබැයි මේ mplayer-gui වල මූණත්තහඩුව සහ හැඩ වැඩ ග්නොම් සමග හොඳින් අනුගත වන බවක් පේන්නේ නැහැ. ඉතින් මේකට විසඳුම තමයි gnome-mplayer. මේ නම් අනෙකුත් ග්නොම් මුදුකාංග වගේම සරල නිරවුල් යෙදුමක්.
රූපය: gnome-mplayer
mplayer, mplayer-gui සහ gnome-mplayer යන යෙදුම් සියල්ලම පිහිටවීම සඳහා ප්‍රථමයෙන්ම ලිවනා මූලය සක්‍රීය කරගත යුතුයි.
දැන් පහත විධාන දෙන්න.
“sudo yum install mplayer gnome-mplayer mplayer-gui”
Xgnokii - තවත් ජංගම දුරකථන හා සබැඳි විය හැකි මුදුකාංගයක්
සටහන් කලේ ප්‍රසාන් | ජාලකරණය, මෙවලම් යන මාතෘකා යටතේයි
කලින් ලිපියේ කිවු Gammu වලට සමාන තවත් මුදුකාංගයක් තමයි Xgnokii . මෙය ග්නොකි gnokii නම් වූ විධාන පෙල මෙවලමට GUI එකක් ලෙස ක්‍රියා කරනවා.
පිහිටුවාගැනීමට “sudo yum install xgnokii” විධානය දෙන්න.
නොකියා 3110, Wammu සහ සිංහල යුනිකේත
සටහන් කලේ ප්‍රසාන් | ජාලකරණය, මෙවලම් යන මාතෘකා යටතේයි
මාත් අළුත් දුරකතථනයක් මිලදී ගත්තා (Nokia 3110c). ඉතින් මා කලින් භාවිතා කල දුරකථනයේ ඇති අංක සහ කෙටි පාණිවුඩ නව දුරකථනයට ලබා ගැනීමට මා භාවිතා කලේ වැමු Wammu යි. මෙම මුදුකාංගය බොහොමයක් ජංගම දුරකථන සඳහා සහාය දක්වනවා. (මා සාර්ථකව Nokia 3110 සහ LG KG200 යන දුරකථන මෙයට සම්බන්ධ කළා)
රූප: වැමු තිරපිටපත්
වැමු පිහිටවීමට “sudo yum install wammu” විධානය දෙන්න.
තවදුරටත් ඔබ භාවිතා කරන්නේ USB රැහැනක් සහිත දුරකථනයක් නම් ෆෙඩෝරා වල ඔබේ පාරිශීලක ගිණුම (User Account) uucp කාණ්ඩයට එක් කිරිමටත් වග බලාගන්න. (පහත රූපය බලන්න)
නව දුරකථනය ගැන
මා මෙය මිලදී ගැනීමට හේතුවූ කරුණු:
- අඩු මිල
- MIDP යෙදුම්, අතුරු මුහුණත සහ xHTML බ්‍රව්වසරය සිංහල සහාය දැක්වීම
- pop3, imap, smtp, xHTML, WAP2.0, MIDP2.0 සහාය
- YahooGo සහ Gmail වැනි MIDP යෙදුම් ඉතා හොඳින් වැඩ කිරීම
- සබඳතා සමමුහෘතකරණය contact syncronization ( ZYB හෝ ඩයලොග් මගින්)
පහත දැකවෙන්නේ මගේ නව දුරකථනයේ මුහුණත සහ xHTML බ්‍රව්වසරය සිංහල පෙන්වන අයුරුයි.













