මේ thoppiya රූපයේ තියෙන්නේ මොකද්ද? කොන් හතරක්ම තියෙන කව්බෝයි තොප්පියක ත්‍රිමාන සැකිල්ලක්ද?

මේ කතා කරන්නේ තොප්පි ගැනවත් කව්බෝයිලා ගැනවත් නෙවෙයි, මැක්සිමා (Maxima) ගැනයි. මැක්සිමා (Maxima) කියන්නෙ මැක්සිමම් (maximum) කියන වචනයේ බහුවචනයයි. මේ නමින්ම හැඳින්වෙන මෘදුකාංගයකුත් තිබෙනවා. අද මාතෘකාව ඒකයි.

මැක්සිමා කියන්නේ ගණිතමය මෘදුකාංගයකුයි. අංක ගණිතය වගේම වීජ ගණිතයටත් එකසේ භාවිතා කල හැකියි. රුපියල් ලක්ෂ ගණනක් මිල වෙන මේප්ල්, මැතමැටිකා වැනි වානිජ ගණිතමය මෘදුකාංග වල පහසුකම් සියල්ලක්ම පාහේ මෙහිත් අඩංගු වෙනවා. ඉතින් ඉහත රූපයේ තියෙන්නේ "z = cos( x^2 + y^2)" යන ත්‍රිමාන වක්‍රය මැක්සිමා අඳිනා ආකාරයයි.

ඔබත් උසස් පෙල සඳහා ගණිතය හදාරා ඇත්නම් අනුකලනය කර ඇතුවා නිසැකයි. අපි මදක් අමාරු අනුකලනයක් සලකමු. මේ තියෙන්නේ මැක්සිමා integration2මෙම වම් පසින් දිස්වන ගැටළුව විසඳන අයුරුයි.integration

 

 

 

පහත දැක්වෙන්නේ වීජීය ප්‍රකාශනයක් මැක්සිමා සුළු කරනා ආකාරයයි.

simplification

ඇත්තෙන්ම මැක්සිමා කියන්නේ චිත්‍රක මුහුණතක් (GUI) සහිත මෘදුකාංගයක් නෙවෙයි. ඔබ මේ දකින තිරපිටපත් ලබාගෙන ඇත්තේ wxMaxima නම් වූ මැක්සිමාහි GUI මෙවලම භාවිතයෙනුයි.

ෆෙඩෝරා සඳහා මැක්සිමා සහ wxMaxima ස්ථාපනය ඉතා ලෙහෙසියෙන් කර ගැනීමට පහත විධානය දෙන්න.

 

"sudo yum install maxima wxMaxima gnuplot"

ඔබ මේ ගණිතමය මෘදුකාංග ගැන උනන්දුවක් දක්වන්නෙක් නම් තවත් විවෘත සහ නොමිල මෘදුකාංග දෙකක් වන් ඔක්ටේව් (Octave) සහ ස්කයිලැබ් (Scilab) මෘදුකාංග ගැනත් විමසිලිවත් වන්න.

Screenshot-wxMaxima 0.7.4 [ unsaved_ ]  Screenshot-Gnuplot-1

රූපය: wxMaxima සහ z =sin(xy) වක්‍රය

 

ෆෙඩෝරා ඇතුලු ඕනෑම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක සම්පූර්ණ ප්‍රයෝජනයම ගැනීමට නම් ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් අත්‍යාවශ්‍යයි. මේකට ප්‍රධාන හේතුව වන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් නිරතුරුවම යාවත්කාලීන වීමත්, ලිනක්ස් මෘදුකාංග සියල්ලක්ම පාහේ බෙදාහැරෙන ප්‍රධාන මාධ්‍යය ඉන්ටර්නෙට් එක වීමත් තමයි.

තවමත් බොහෝ දෙනෙක් ඉන්ටර්නෙට් හා සම්බන්ධ වෙන්නේ dial-up සම්බන්ධතා භාවිතා කරලයි. ඉතින් අපි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර පලමුවෙන්ම කරන්නේ තමන්ගේ දුරකථනය මෝඩම් එකක් ලෙස ස්ථාපනය කර ගැනීමට තැත් කිරීමයි. මේ සම්බන්ධතාව ජංගම දුරකථනයක් හෝ  CDMA ගෘහස්ත දුරකතනයක් හෝ සාමාන්‍ය රැහැන් දුරකතනයකට ඇමුණූ මෝඩමයක් වීමට පුලුවන්.

ඉතින් අපි මේ ස්ථාපනය කරගන්නා ආකාරය සලකා බලමු.

ඔබ භාවිතා කරන්නේ USB සම්බන්ධතාවක් ඇති ජංගම දුරකතනයක් හෝ CDMA දුරකතනයක් නම්

  1. ඔබ root ලෙස පරිගණකයට ලොග්වන්න. (sudo වුවත් භාවිතා කල හැකියි)
  2. දුරකථනය පරිගණකයට සම්බන්ධ කරන්න
  3. "dmesg | tail" යන විධානය දෙන්න. මෙහිදී ඔබේ දුරකථනය හඳුනාගෙන එයට අදාල driver එක මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගත්තාදැයි පිරික්සිය හැකියි. උදාහරණයක් ලෙස මගේ LG K200 ජංගම දුරකථනය සඳහා ඉහත විධානයේ ප්‍රතිචාරය වූයේ

    usb 2-2: new full speed USB device using uhci_hcd and address 7
    usb 2-2: configuration #1 chosen from 1 choice
    cdc_acm 2-2:1.1: ttyACM0: USB ACM device

  4. ඉහත විධානයෙන් කරනුයේ අප kernel messages ලෙස හඳුන්වන තොරතුරු වල අවසාන කොටස (| tail මගින් ) දර්ශනය කරවීමයි. ඉතින් මෙහි වැදගත්ම කොටස වන්නේ "ttyACM0: USB ACM device" යන්නයි.  මෙහිදී දුරකථනය ttyACM0 ලෙස නම්වූ serial device එකක් ලෙස ලිනක්ස් මගින් ස්ථාපනය කර ගෙන තිබෙනවා. ඔබ වින්ඩෝස් වලට හුරු අයෙක් නම් මෙය සමාන වන්නේ දුරකථනය COM3, COM4 වැනි serial device එකක් ලෙස ස්ථාපනය වීමටයි.
  5. දැන් දැනටමත් ඔබේ පරිගණකයේ Dial-up Networking සහාය ස්ථාපනය වී ඇතිදැයි බලන්න. ෆෙඩෝරා වල නම් මේ සඳහා Applications->Add/Remove Software ->Base System ->Dial-up Networking Support ස්ථාපනය වී තිබිය යුතුයි. මෙහිදී ස්ථාපනය වන වැදගත්ම මෙවලම නම් wvdial යන්නයි.
  6. දැන් ෆෙඩෝරා වල System->Administration->Network වෙත යන්න. එවිට දිස්වන පහත දැක්වෙන සංවාද කවුළුවේ New ක්ලික් කරන්න.

    screenshot-network-configuration

  7. ඉන්පසු නව Modem Device එකක් තෝරා ගන්න. මෙහිදී ලැබෙන පහත පෙනෙන සංවාද කවුළුවේ ඔබට ඉහත 4වැනි පියවරේ ලැබුණු serial device එක (ttyACM0) එක තෝරාගන්න.

    screenshot-add-new-device-type-2

  8. ඉතිරිය ඔබටම පැහැදිලි වෙයි. මෙහිදී කල යුත්තේ ඔබේ ඉන්ටර්නෙට් සබඳතාවේ තොරතුරු ඇතුල් කිරීමයි. ඉන්පසු සියල්ල සාර්ථක නම් පහත රූපයේ ආකාරයට නව PPP device එකක් (ppp0) ස්ථාපනය වී තිබිය යුතුයි.

    screenshot-network-configuration-1

  9. දැන් එම නව PPP device එක මත ක්ලික් කර Activate කිරීමෙන් ඔබට ඉන්ටර්නෙට් හා සබැඳි විය හැකියි.

ඔබ භාවිතා කරන්නේ සාමාන්‍ය serial interface සහිත External Modem එකක් හෝ දුරකථනයක් නම්

  1. මෙහිදී dmesg වලින් පලක් නැහැ. නමුත් ඔබ කල යුත්තේ ඔබ මොඩමය සවි කරන සීරියල් පෝට් එක බලා ගැනීමයි. සාමාන්‍යයෙන් වින්ඩෝස් වල COM1 වූ පලමු පෝට් එක ලිනක්ස් වල හැඳින්වෙන්නේ /dev/ttyS0 නමිනුයි. COM2 නම් /dev/ttyS1 නමිනුයි.
  2. දැන් ඉහත උපදෙස් මාලාවේ 6වෙනි පියවරේ සිට ඔබට ඉදිරියට ගිය හැකියි.එකම වෙනස නම් තෝරාගත යුතු serial device එක /dev/ttyS0 හෝ /dev/ttyS1 වීමයි.
 
ෆයර්ෆොක්ස් 3 බීටා 4 තමයි මා දැනට ෆෙඩෝරා වල භාවිතා කරන බ්‍රව්සරය. ෆයර්ෆොක්ස් 3, ෆයර්ෆොක්ස් 2 ට වඩා සෑහෙන්න වේගවත් බව භාවිතා කර සුළු වේලාවකින්ම අපිට වැටහෙනවා.

නමුත් ෆයර්ෆොක්ස් ඔපෙරා තරම් වේගවත්ද? දැන් කලක පටන්ම මා ෆයර්ෆොක්ස් භාවිතා කරන්නේ සිංහල සහාය අවශ්‍ය විට පමණයි. අන් සැම විටම මා භාවිතා කලේ ඔපෙරා බ්‍රව්සරයයි.නමුත් ෆයර්ෆොක්ස් බීටා 3 පිටවීමත් සමග එය හා ඔපෙරා අතර වෙගයේ සැලකිය යුතු වෙනසක් තිබෙනවාද යන්න පිරික්සීමට සිතුනා. ඉතින් ෆයර්ෆොක්ස් 3 බීටා 4 සමග මා භාවිතා කරන ඔපෙරා 9.5 බීටා 1 සැසඳීමේ ප්‍රතිඵල තමයි මේ ගෙනහැර දක්වන්නේ.

පරිගණකයක් පණගැන්වූ පසු කරන බ්‍රව්සරයේ පලමු ආරම්භයට ගතවන වේලාව සහ යම්කිසි URL එකක් ප්‍රථමවරට් ලෝඩ් වීමට ගතවන වේලාව යන දෙකම එහි වේගය පිළිබඳ පරාමිතීන් වෙනවා. ඉතින් මා මේ සන්සන්දනය සඳහා භාවිතා කලේ www.google.lk අඩවියට සම්බන්ද පහත දැක්වෙන URL 5 ෆයර්ෆොක්ස් සහ ඔපෙරා වල ටැබ් 5ක් ලෙස ලෝඩ් කිරීමයි. මෙහිදී මෙම ටැබ් පහම වරක් බ්‍ර්ව්සරයට ලෝඩ් කිරීමෙන් පසු එම බ්‍රව්සර් සෙෂන් එක නැවත බ්‍රව්සරය ආරම්භ කරන විට දිස්වන පරිදි සුරැකුවා. ඉන්පසු කලේ බ්‍රව්සර වල කැෂ් එක හිස් කිරීමයි. (Clear Private Data in Firefox, Delete Private Data in Opera).

  1. http://www.google.lk
  2. http://images.google.lk/
  3. http://scholar.google.com/
  4. http://labs.google.com/
  5. http://blogsearch.google.com/

දැන් පරිගණකය නැවත පණ ගන්වා මද වේලාවකට පසු (දෘඩ තැටිය නොකම් වූ පසු) ෆයර්ෆොක්ස් ආරම්භ කර සියළුම ටැබ් ලෝඩ් වීමට යන වේලාව සහ එහිදී ලබා ගන්නා මෙමරි ප්‍රමාණය ගණනය කලා. ඉන්පසු නැවතත් පරිගණකය පණගන්වා ඔපෙරා සඳහාත් මේ ක්‍රියාමාර්ගයම ගත්තා. ඉහත පරීක්ෂණය තෙවරක්ම සිදුකරා.

උපකල්පන:

  1. පරිගණකය පණගන්වන වාර අතරතුර ඉහත URL වල අන්තර්ගත වෙනස් වී නොතිබීම
  2. පරිගණකය ඉන්ටර්නෙට් වෙත සම්බන්ධ වන වේගයේ සහ වෙබ් සර්වර් වල ක්‍රියාකාරීත්වයේ සැලකිය යුතු වෙනසක් නොතිබීම ( ???)
  3. පරීක්ෂණය තෙවරක් සිදුකිරීමෙන් ප්‍රථිපල තවදුරටත් නිවැරදි වීම

ප්‍රථිපල:

  • ෆයර්ෆොක්ස් සඳහා ගතවූ කාලය තත්පර: 10, ආරම්භක මෙමරි පරිභෝජනය: 23MB
  • ඔපෙරා සඳහා ගතවූ කාලය තත්පර: 7, ආරම්භක මෙමරි පරිභෝජනය: 16MB

නිරීක්ෂණ:

ෆයර්ෆොක්ස් ආරම්භවී එහි අතුරුමුහුණත දිස්වීමට තත්පර 3 පමණ ගන්නා අතර ඔපෙරා මේ සඳහා ගන්නේ තත්පරයකට වඩා අඩු කාලයක්. ඉන්පසු ඉහත URL ලෝඩ් වීම සඳහා බ්‍රව්සර දෙකටම ගත වූයේ ආසන්නව සමාන කාලයක්. ෆයර්ෆොක්ස් වල මෙමරි පරිභෝජනය ඔපෙරා වලට වඩා ආරම්භයේදීම වැඩි අතර සම්බන්ධ වී ඇති URL ගණනත් සමග මෙය තව දුරටත් ඉහල යනවා.

ඉතින් ඔපෙරා දිගින් දිගටම පැවසූ පරිදි ඔවුන් තවදුරටත් ලොව වේගවත්ම සහ අඩුම මෙමරි පරිභෝජනයක් ඇති බ්‍රව්සරය බව තමයි මටත් නිගමනය කල හැක්කේ.

 
ස්කයිපි ලිනක්ස් අලුත් වෙලා 2වැනි වෙලුමට. දැන් වෙබ්කෑම් සහායත් දක්වනවා. ඉන්ටර්නෙට් ඇමතුම් වල තත්වය වින්ඩෝස් වලට සමානයි. ලිනක්ස් භාවිතා කරන්නන්ට ඇති හොඳම ඉන්ටර්නෙට් ඇමතුම් ලබාගත හැකි මෘදුකාංගය දැන් ඉතින් අවිවාදයෙන්ම ස්කයිපි තමයි.

ස්කයිපි ස්ථාපනයට ප්‍රථමයෙන් ස්කයිපි භාවිතා කරන QT4 ලයිබ්‍රරිය “sudo yum install qt4 qt4-x11″ විධානය දීමෙන් ස්ථාපනය කරගන්න.

ඉන්පසු http://www.skype.com/intl/en/download/skype/linux/choose/ වෙතින් ෆෙඩෝරා 7 සඳහා ඇති වෙලුම බාගත කරගන්න.

දැන් ලැබෙන rpm ගොනුව ධාවනයෙන් හෝ “sudo rpm -Uhv skype-2.0.0.xx-fc5.i586.rpm” විධානය දීමෙන් ස්කයිපි ස්ථාපනය කර ගත හැකියි.

ඔබ ෆෙඩෝරා 8 භාවිතා කරන්නෙක් නම් සමහරවිට ඔබට ශ්‍රව්‍ය වාදනයේ මෙන්ම ග්‍රහණයේත් (audio playback, audio capturing) ප්‍රශ්න ඇතිවීමට පුලුවන් පල්ස්ඔඩියෝ නිසා. ඔබට ශබ්දය ඇසෙන්නේ හෙඩ්ෆෝන් එකේ එක් පසෙකින් පමණක් නම් පහත රූපයේ ආකාරයට Sound In සහ Sound Out devices plughw:Intel,0 ලෙස සකස් කරන්න. එසේ කලවිටත් මයික්‍රොෆෝන් සහාය නැත්නම් ප්‍රශ්නය ඇත්තේ පල්ස්ඔඩියෝ වලයි.

ඔබට පල්ස්ඔඩියෝ අත්‍යාවශ්‍ය (මටනම් නැහැ) නැත්නම් ඉවත් කරන්න. වැඩි විස්තර සඳහා http://linux.wellassa.org/2007/11/pulseaudio.html බලන්න. ඉන්පසු Sound In සහ Sound Out devices, default ලෙස සැකසූ විට ඔබේ ප්‍රශ්නය නිරාකරණය වෙයි.

ස්කයිපි වල වෙබ්කෑම් සහාය ගැන මෙන්ම ලිනක්ස් එක්ක වෙබ්කෑම් සහ MiniDV සහ අනෙකුත් වීඩියෝ කැමරා සම්බන්ද කරන ආකාරය ගැන ලිපියක් ලඟදීම බලාපොරොත්තු වන්න.

© 2012 ෆෙඩෝරා ලිනක්ස් සටහන් Suffusion theme by Sayontan Sinha