Archive for මාර්තු 12th, 2008
මිරෝ - Miro ඔබේ පරිගණකය ඉන්ටර්නෙට් රූපවාහිණියක් කරගන්න
සටහන් කලේ ප්‍රසාන් | දෘෂ්‍ය ධාවක, බහුමාධ්‍ය යන මාතෘකා යටතේයි
මිරෝ (Miro) කියන්නේ දෘෂ්‍ය ධාවකයක් වගේම ඉන්ටර්නෙට් වීඩියෝ මෙන්ම රූපවාහිණි සේවාවන් හා සම්බන්ධ වීමත් එකම අතුරුමුහුණතකින් ලබා ගැනිමේ පහසුකම සපයන මෘදුකාංගයක්.
මෙයින් ඉතා ඉක්මනින් යූ ටියුබ්, ගූග්ල් වීඩියෝ වැනි සේවාවන් බොහොමයකටම එකවර සම්බන්ධ විය හැකියි. ඉතින් දෘෂ්‍ය ගොනු සඳහා සෙවුම් යන්ත්‍රයක් ලෙසත් මිරෝ භාවිතා කල හැකියි. එසේම යූ ටියුබ් වැනි සේවාවන් මගින් ලබාදෙන ෆ්ලෑෂ් වීඩියෝ පරිගණකයේ සුරැකීමටත් මෙයට හැකියි. නොයෙකුත් ඉන්ටර්නෙට් වීඩියෝ චැනල හා සම්බන්ධ වීමේ හැකියාවත් මෙහි තිබෙනවා.
ෆෙඩෝරා සඳහා මිරෝ ස්ථාපනය “sudo yum install Miro” විධානය දීමෙන් කල හැකියි.
ලිනක්ස් වලදී නම් මිරෝ දෘෂ්‍ය ගොනු ධාවනය සඳහා භාවිතා කරන්නේ GStreamer හෝ Xine යාන්ත්‍රණයයි. ඉතින් ඔබට මිරෝ වල උපරිම ක්‍රියාකාරීත්වය සඳහා මේ ඉහත පහසුකමුත් ස්ථාපනයට සිදුවේවි. වැඩි විස්තර සඳහා, ලිනක්ස් සඳහා දෘෂ්‍ය ධාවක ස්ථාපනය ගැන සටහනක් මෙතනින් බලන්න.
Totem-Xine, Mplayer, RealPlayer සහ VLC
ෆෙඩෝරා වලට Download Manager (බාගත පරිපාලක)
සටහන් කලේ ප්‍රසාන් | ජාලකරණය, මෙවලම් යන මාතෘකා යටතේයි
ලිනක්ස් සඳහා ඔබ භාවිතා කරනා බාගත පරිපාලකය කුමක්ද? මගේ ප්‍රියතම මෙවලම් දෙකක් තමයි ඩවුන් දෙම් ඕල් (DownThemAll!) සහ මල්ටිගෙට් (Multiget) මෙයින් ඩවුන් දෙම් ඕල් කියන්නේ ෆයර්ෆොක්ස් එක්ස්ටෙන්ෂන් එකක්. මෙය ෆයර්ෆොක්ස් 2 සමග මෙන්ම ෆයර්ෆොක්ස් 3 බීටා 3 සමගත් හොඳින් ක්‍රියා කරනවා. නමුත් ෆයර්ෆොක්ස් 3 බීටා 4 සමගනම් තවම ක්‍රියා කරන්නේ නැහැ.
නමුත් මීට වඩා ක්‍රියාකාරීත්වයෙන් වැඩි තනිව ක්‍රියා කරන බාගත පරිපාලකයක අවශ්‍යතාව සමහරවිට අපිට මතු වෙනවා. මල්ටිගෙට් කියන්නේ ලිනක්ස් සඳහා ඇති ඉතා හොඳ බාගත පරිපාලකයක්. මෙය වින්ඩෝස් සඳහා අපි කවුරුත් දන්නා විශිෂ්ට මෘදුකාංගයක් වන ෆ්‍රී ඩවුන්ලෝඩ් මැනේජර් (Free Download Manager) හා යම් තරමකට සන්සන්දනාත්මකයි. (ෆ්‍රී ඩවුන්ලෝඩ් මැනේජර් විවෘත මෘදුකාංගයක් වුවත් එය භාවිතා කරන වින්ඩෝස් මෙවලම් නිසා ලිනක්ස් සඳහා පරිවර්තනය අසීරුයි)
රූපය: මල්ටිගෙට් අතුරුමුහුණත
මල්ටිගෙට් ෆෙඩෝරා සඳහා ස්ථාපනය “sudo yum install multiget” විධානය දීමෙන් සිදුකර ගට්ත හැකියි.







