March, 2008 මාසය සඳහා සටහන්

ලිනක්ස් සඳහා පද්ධති තොරතුරු ලබා ගැනීම -System Information

ලිනක්ස් පරිගණකයක පද්ධතියක දෘඩාංග සහ මෘදුකාංග විස්තර පහසුවෙන් ලබාගත හැකි මෘදුකාංග දෙකක් තමයි මේ හඳුන්වා දෙන්නේ.

ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සැන්ඩ්‍රා (SiSOft Sandra) හෝ එවරස්ට් (Everest) වැනි මෘදුකාංගයක් ඔබ භාවිතා කර තිබෙනවා ඇති. ඉහත මෘදුකාංග වලින් පද්ධතියේ තොරතුරු ලබා ගන්නවාට අමතරව එහි නොයෙකුත් අංග වල වේගය පිලිබඳ පරීක්ෂණත් (Benchmarking) කල හැකියි. ඉතින් ලිනක්ස් සඳහා මේ හඳුන්වාදෙන්නේ ඒවාට හොඳ විකල්ප දෙකක්.

මෙයින් පලමුවැන්න හැඳින්වෙන්නේ lshw යනුවෙනුයි. මෙය විධාන පෙල අතුරු මුහුනතකින් (CLI) හෙබි මෙවලමක්. එනිසා එතරම් ආකර්ෂණීය නම් නැහැ. නමුත් මේ සඳහා ඉතා හොඳ GUI එකක් තිබෙනවා lshw-gui නමින්. මෙයින් පරිගණකයේ දෘඩාංග ගැන හොඳ විස්තරයක් පහසුවෙන්ම ලබා ගත හැකියි. නමුත් Benchmark කිරීමට නම් නොහැකියි.

screenshot-lshw

රූපය lshw-gui මෙවලම

දෙවැනි මෘදුකාංගය තමයි හාඩ් ඉන්ෆෝ (hardinfo). මේ නම් අංග සම්පූර්ණ මෙවලමක්. පද්ධතියේ සියළුම දෘඩාංග ගැන මෙන්ම මෙහෙයුම් පද්ධතිය ගැන තොරතුරුත් ලබා ගත හැකියි. එසේම ඔබේ ක්ෂුද්‍ර සකසකය (Processor) benchmark කිරීමටද හැකියාව මෙහි තිබෙනවා.

screenshot-summary-system-information

රූපය: hardinfo අතුරුමුහුණත

ෆෙඩෝරා සඳහා lshw සහ lshw-gui ස්ථාපනයට පහත විධානය දෙන්න.

"sudo yum install lshw lshw-gui"

ෆෙඩෝරා සඳහා hardinfo ස්ථාපනයට පහත විධානය දෙන්න.

"sudo yum install hardinfo"

ආයුබෝවන් Wordpress 2.5

දැන් ෆෙඩෝරා ලිනක්ස් සටහන් භාවිතා කරන්නේ නවතම Wordpress 2.5 යාන්ත්‍රණයයි.

wordpress2_5

මේ කව්ද? මොනවද කරන්නේ?

ඡායාරූපය: The Inquirer අනුග්‍රහයෙනි

මේ තමයි Michel Xhaard, වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. දුම් පයිප්පත් බොනවා.

ඉතින් මොහුගැන ලියන්න හිතුවේ ඔහු ලිනක්ස් භාවිතා කරන්නන් වෙනුවෙන් අද්විතීය සේවයක් කර තිබීමයි. ඔබ දන්නවා ඇති ලිනක්ස් වල වෙබ්කෑම් සහ අනෙකුත් USB වීඩියෝ කැමරා සහාය දැක්වීමේදී සෑහෙන පසුබෑමක් තිබූ බව. ඉතින් මේ තත්වය මුළුමනිනම පාහේ වෙනස් කිරීමට සමත් වූ තනි පුද්ගලයා තමයි ඉහල ඡායාරූපයේ ඉන්නේ. ඔහු ඒ දේ කලේ කැමරා නිෂ්පාදකයන්ගේවත් ලිනක්ස් බෙදාහරින්නන්ගේවත් කිසිම සහායකින් තොරව තනිවම වීම තමයි මෙහි ඇති විශේෂත්වය.

දැනට මොහු විසින් නිමැවූ GSPCA/SPCAXXX ධාවකය සහාය දක්වන කැමරා ගණන 350 කටත් අධිකයි!!!

මොහු ගැන The Inquirer සඟරාවේ පලවූ මේ ලිපියත් බලන්න.

මා දකින විදිහට මොහුගේ මේ විශිෂ්ට දායකත්වය තවත් ඉස්මතු වෙන්නේ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් මෙන්න මේ වගේ නිර්ලජ්ජිත ක්‍රියා කාරකම් කරන කොටයි.

(Visual Studio ගෙඩි පිටින් BlueJ කොපි කිරීම සහ ඉන්පසු එයට පේටන්ට් ඉල්ලීම)

(මයික්‍රොසොෆ්ට්, ඔවුන්ගේ පේටන්ට් 235ක් විවෘත මෘදුකාංග මගින් භාවිතා කර ඇති බව ප්‍රකාශ කිරීම සහ ඒ මොනවාදැයි ප්‍රකාශ නොකිරීම)

GSPCA කර්නල් මොඩුලය ෆෙඩෝරා සඳහා ස්ථාපනයට සඳහා පහත විධානය දෙන්න.

“sudo yum install gspca”


ලිව්නා මූලය සක්‍රීය කල යුතුයි.

Ubuntu (උබුන්ටු) 8.04 - ෆෙඩෝරා භාවිතා කරන්නෙක්ගේ ඇසින්

මාත් උබුන්ටු 8.04 බීටා ඩෙස්ක්ටොප් වෙළුම ස්ථාපනය කලා. ආරම්භයේදීම සිතට නැගුන දෙයක් තමයි මේ වෙළුමේ හැඩ වැඩ අතින් නම් උබුන්ටු 7.10 ට වඩා වැඩි වෙනසක් නැතිබව. මේ ඔවුන්ගේ දිගු කාලීන සහාය දක්වන වෙළුම නිසා මා මීට වඩා වෙනසක් බලාපොරොත්තු වුනා. වෙනසකට තිබුනේ CD එක ලෝඩ් වූ විටම දැන් පහසුකමක් තියනවා එක්වරම ස්ථාපනයට (කලින් නම් පලමුව සජීවී සංයුක්ත තැටිය බූට් කරලා ඉන්පසුව ස්ථාපනය කරන්න අවශ්‍යයි නෙ)

උබුන්ටු 8 නව වෙනස්කම් සමහරක් ෆෙඩෝරා 8 පසුගිය නොවැම්බරයේදීම එලි දැක්වුවා. උදාහරණයක් විදිහට පල්ස්ඔඩියෝ (pulseaudio) , පොලිසිකිට් (PolicyKit), ට්‍රාන්ස්මිෂන් (Transmission), අථත්‍යකරණ සහාය (virtualization) ගෙන හැර දක්වන්න පුලුවන්. මේ සංසන්දනය පිළිබඳ වැඩි විස්තර සඳහා මේ සබැඳි දෙක බලන්න.

මේ ගැන වැඩිදුරටත් සිතද්දී මගේ සිතට නැගුණු කරුණක් නම් ෆෙඩෝරා භාවිතා කරන්නන්හට ඉතා ඉක්මනින්ම නව පහසුකම් හිමිවෙනවා. ඒ වගේම ඔවුන් මේ නිසාම යම් යම් අපහසුතාත් අත් විඳිනවා. (පල්ස් ඔඩියෝ ගැන මා කලින් ලියූ මේ සටහන් බලන්න - Skype-2 & Pulseaudio, පල්ස් ඔඩියෝ හිසරදය) හැබැයි දැන් උබුන්ටු ඒ පහසුකම්ම ලබා දෙද්දී දහස් ගණනක් ෆෙඩෝරා භාවිතා කරුවන්ගේ දායකත්වය නිසා මේ නව හඳුන්වාඳීම් ස්ථාවර වී හමාරයි.

කොහොම වුනත් උබුන්ටු ඔවුන්ගේ උදෘත පාඨය වන “Linux for Human Beings” යන්න නම් තවඳුරටත් සනාථ කර තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ “Multiverse” සහ “Universe” මූල පෙරනිමියෙන්ම සක්‍රීය නිසා ඉතා ලෙහෙසියෙන්ම උබුන්ටු පරිගණකයක් අංග සම්පූර්ණ කර ගැනීමට පුලුවන්.

උඳාහරණයක් ලෙස

  1. සියලුම ශ්‍රව්‍ය දෘෂ්‍ය ගොනු ධාවනයට අවශ්‍ය මෙවලම් එකවර ස්ථාපනයට පහත විධානය දෙන්න. “sudo aptitude install ubuntu-restricted-extras”
  2. gcc, g++ ඇතුලු මෘදුකාංග නිමවීමට අවශ්‍ය මෙවලම් එකවර ස්ථාපනයට පහත විධානය දෙන්න.“sudo aptitude install build-essential”

Screenshot-Domain Join Authenticationඋබුන්ටු වල ඇති නැවුම්ම වෙනස ලෙස මා දකින්නේ ලයික්වයිස් (Likewise) සමග ගෙන එන Active Directory Integration පහසුකමයි. මේ පහසුකම ඉතා ආකර්ෂණීයයි. Winbind, keberos, pam ආදී එකී මෙකී නොකී දහසුකත් එකක් මෙවලම් ගැන මොකුත්ම දැනගන්න අවශ්‍ය නැහැ. වින්ඩෝස් XP පරිගණකයක් Active Directory එකට එක් කරනවා වගේම සරලව වැඩේ කල හැකියි. කොහොම වුණත් මාගේ අත්හදාබැලීම නම් සාර්ථක වුණේ නැහැ. (තවම බීටා නේ)

උබුන්ටු 8.04 සඳහා තවම http://sinhala.sourceforge.net/ වෙතින් සිංහල පැකේජ නිල වශයෙන් බාගත කල නොහැකි වුනත් උබුන්ටු 7.10 සඳහා ඇති මූල කිසිම ප්‍රශ්නයක් නැතුව උබුන්ටු 8.04 සඳහාත් ක්‍රියා කලා.

ubuntu-sinhala

Screenshot-prasan@WS089 උබුන්ටු වල තව එක් නව හඳුන්වාදීමක් තමයි UFW (Uncomplicated firewall) එක. හරිහමන් ෆයර්වෝල් එකක් නැතිව හිටි උබුන්ටුට මේක හොඳ විසඳුමක්. භාවිතය පහසුයි හැබැයි GUI එකක් නම් නැහැ (භාවිතය ඉතා පහසු නිසා GUI එකක් අවශ්‍යත් නැහැ මා හිතන හැටියට). හැබැයි ඉතින් ෆෙඩෝරා වල ඇති system-config-securitylevel ෆයර්වෝල් එක අංග සම්පූර්ණ භාවිතයත් ඉතා පහසු විසඳුමක් බවයි මා දකින්නේ.

මේ වෙනස්කම් වලට අමතරව වින්ඩෝස් වල සිටම උබුන්ටු ස්ථාපනයට මග සලසන Wubi (වුබි) ස්ථාපකයකුත් මේ වෙළුමට අඩංගුයි.

ඉතින් වැඩි විස්තර කීමට තවම කල් වැඩි නිසා භාවිතා කරම බලමු.