VirtualBox – මගේ ප්‍රියතම අතථ්‍ය යන්තරේ

දෙසැම්බර් 8th, 2007 | Tags:

ඔබ ලිනක්ස් සඳහා ඇති අතථ්‍ය යන්ත්‍ර (Virtual Machines) ගැන උනන්දුවක් දක්වනවාද? අතථ්‍ය යන්ත්‍රයක් කිව්වාම බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ VMware, Qemu වැනි විසඳුම් තමයි. වින්ඩෝස් සඳහා නම් Microsoft Virtual PC ත් තියෙනවා. නවතම ක්‍ෂුද්‍රසකසන (Microprocessors) අතථ්‍යකරණ සහාය දෘඩාංග මට්ටමින්ම (Hardware Virtualization) දක්වන නිසා මේ අතථ්‍ය යන්ත්‍ර දැන් පෙරට වඩා ඉතා වේගවත්.

VirtualBox කියන්නේ තවත් අතථ්‍ය යන්ත්‍ර විසඳුමක්. ලිනක්ස් සඳහා මෙන්ම වින්ඩෝස් සඳහාත් වෙලුම් පවතිනවා. ඉහත කී අතථ්‍ය යන්ත්‍ර වල ඇති සියලුම විශේෂාංග කැටි කරගත්ත VirtualBox විවෘත කේත මෘදුකාංගයක්. මා ෆෙඩෝරා සමග VirtualBox දැන් කලක පටන්ම භාවිතා කරනවා.

මා භාවිතා කර ඇති අතථ්‍ය යන්ත්‍ර අතුරින් භාවිතාව පහසුම හා වේගවත්ම විසඳුම වන්නේ VirtualBox. ස්ථාපනය සහ භාවිතාව ඉතාම පහසුයි. ඉතින් ඔබටත් තවත් මෙහෙයුම් පද්ධතියක් අත්හදා බැලීම වැනි අතථ්‍ය යන්ත්‍ර විසඳුමක් අවශ්‍ය විට VirtualBox යොදා ගන්න. VirtualBox, Qemu සහ VMware ගැන සන්සන්දනයක් සඳහා පහත යොමුව පිරික්සන්න.

http://www.linux-gamers.net/modules/smartsection/item.php?itemid=56

රූපය: VirtualBox ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතිය තුල වින්ඩෝස් 2000 මෙහෙයුම් පද්ධතිය ධාවනය කරමින්.



රූපය: VirtualBox අතුරුමුහුණත්

VirtualBox
ස්ථාපනය සඳහා පහත යොමුවට යන්න.

http://www.virtualbox.org/wiki/Downloads

  1. මලින්ත සමරකෝන් | Malinthe Samarakoon
    2008 January 14 at 21:49
    Reply | Quote | #1

    මමත් VirtualBox උත්සාහ කර බැලුවා. ඇත්තටම විශිෂ්ටයි! උබුන්ටු මත තමයි ස්ථාපනය කළේ. වින්ඩෝස් ධාවනය කර බැලුවා ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. හොඳින්ම ක්‍රියාත්මක වෙන්න නම් VirtualBoxGuestAdditions ස්ථාපනය කරගන්නට අවශ්‍යයි නේද?

  2. නාගයා
    2008 December 20 at 08:29
    Reply | Quote | #2

    ඊ8000 කාණ්ඩය නේද Virtualization සහාය දක්වන්නේ?අවාසනාවකට මගේ ඊ7000 කාණ්ඩය

  3. 2008 December 20 at 18:29
    Reply | Quote | #3

    ඔව් හැබැයි processor virtualization නැතත් VirtualBox සාමාන්‍ය processor එකක වුවත් හොඳට වැඩ කරනවා.

    ඔබ Virtual Private Servers වගේ විසඳුමක් Fedora/Xen/Virt මගින් සපයන්න අදහස් කරනවා නම් processor virtualization නැතුවම බැරිවෙයි නේද?

TOP