බිට් ටොරන්ට් සහ ලිනක්ස්

  1. Page 2
  2. Page 3
  3. සම්පූර්ණ ලිපිය

සම-සම ජාලකරණයේ (peer to peer networking) වඩාත්ම ජනප්‍රිය භාවිතය තමයි බිට්ටොරන්ට්. ලිනක්ස් සඳහා ඇති සේවාලාභී බිට්ටොරන්ට් මෘදුකාංග (BitTorrent Clients) රාශියක් අතරින් මා ෆෙඩෝරා සඳහා භාවිතා කරන මෘදුකාංග ගැන සටහනක් තැබිමයි මේ කරන්නේ.

ෆෙඩෝරා වල ග්නොම් සඳහා පෙරනිමියෙන්ම ස්ථාපනය වී ඇති බිට්ටොරන්ට් මෘදුකාංගය තමයි ට්‍රාන්ස්මිෂන් (Transmission). එය සියළුම බිට්ටොරන්ට් මූලිකාංග වලින් සමන්විත සරල වේගවත් සැකසුමක්. භාවිතය ඉතාම පහසුයි. අන් සියළුම ග්නොම් මෘදුකාංග වගේම ඉතා සරල අතුරුමුහුණතකින් සමන්විතයි. මෙමරි පරිභෝජනයත් ඉතා අඩුයි.

රූපය: ට්‍රාන්ස්මිෂන්හි සරල අතුරුමුහුණත

සරල වීම නිසාම මෙහි ක්‍රියාකාරීත්වයත් යම් තරමකට සීමාසහිතයි. ට්‍රාන්ස්මිෂන් වල මා දුටු තවත් දුර්වලකමක් නම් බාගත කරන ගොනු අධික ලෙස දෘඩ තැටිය පුරා විසිරී (fragmented) තිබීමයි. ඉතින් ට්‍රාන්ස්මිෂන් වලට වඩා පහසුකම් වැඩි මෘදුකාංගයක් සමහරවිට අපට අවශ්‍ය වෙනවා.

රූපය: ට්‍රාන්ස්මිෂන් – බාගත කරන ටොරන්ට් එකෙහි විස්තර

<====>

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>