ගූගල් ඩෙස්ක්ටොප් – සෙවුම් සහ දිවැවුම්

වසර 2004 දි විතර කරලියට ආව ගූග්ල් ඩෙස්ක්ටොප් සෙවුම් යන්ත්‍රය වින්ඩෝස් සඳහා නම් ඉතාම ජනප්‍රියයි. කොතරම් ජනප්‍රිය වුනාද කියනවනම් මයික්‍රොසොෆ්ට් සමාගමටත් ඔවුන්ගේ සාම්ප්‍රදායික සෙවුම් යාන්ත්‍රණය වෙනුවට වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් සර්වර් 2008 සමග මීට ක්‍රියාකාරීත්වයෙන් සමාන වින්ඩෝස් සර්ච් නම් මෙවලමක් හඳුන්වා දුන්නා.

මෙහි තිබෙන වාසිය තමයි ඔබේ පරිගණකයේ තිබෙන ගොනු, ස්ථාපිත මෘදුකාංග මෙන්ම ඉන්ටර්නෙට් එකද එකම අතුරුමුහුණතකින් සෙවීමට හැකිවීමයි. ගූග්ල් ඩෙස්ක්ටොප් ගොනු සෙවීමට විතරක් නෙවෙයි අපිට අවශ්‍ය මෘදුකාංග ඉතා ඉක්මනින් ධාවනය කිරීම සඳහාත් යොදාගන්න පුලුවන්. මෙය භාවිතා කරන සෙවුම් යන්ත්‍රය ඉතාම වේගවත්. පරිගණකය පිළිබඳ තොරතුරු සූචිකරණය (Indexed) කර භාවිතා කරන නිසා ලබා දෙන ප්‍රතිඵලත් විස්තර සහිතයි.

රූපය: ගූග්ල් ඩෙස්ක්ටොප් මගින් ගොනු සෙවීම, විස්තර සහිත ප්‍රතිඵල පිරික්සන්න

ගූග්ල් ඩෙස්ක්ටොප් මෙවලම ලිනක්ස් සඳහා මුදාහැරුණේ 2007 ජුනි මාසයේදි විතර. මේ මාස කිහිපය තුලදිම එය ලිනක්ස් සඳහා නැතුවම බැරි මෘදුකාංගයක් වෙලා. ඇත්තෙන්ම ලිනක්ස් සඳහා ගූග්ල් දායක්ත්වය ප්‍රශංසනීයයි.

ගූග්ල් ඩෙස්ක්ටොප් ලිනක්ස් වල අගය වැඩිකරනවා තවත් විදිහකින්. ඒ තමයි ඉතා කාර්‍යක්ෂම මෘදුකාංග ධාවකයක් (Application Launcher) ලෙස ක්‍රියා කිරීමෙන්. ඇත්තෙන්ම කාර්යක්ෂම මෘදුකාංග ධාවකයක් නූතන ඩෙස්ක්ටොප් එකක අනිවාර්ය අංගයක්. වින්ඩෝස් සඳහා ලෝන්චි (Launchy) මෙන්ම මැක් (Mac OS) සඳහා කිවික් සිල්වර් (QuickSilver) වැනි ආකර්ශනීය මෙවලම් තිබුණත් ලිනක්ස් තරමක් පසුපසිනුයි සිටියේ. නමුත් ගූග්ල් ක්ෂණික සෙවුම් කවුළුව (Quick Search Box) මේ අඩුව සෑහෙන දුරකට පුරවනවා. ඔබට අවශ්‍ය ගොනු සෙවීම මෙන්ම මෘදුකාංග ධාවනයත් මූසිකය අල්ලන්නේ නැතිවම කරගත හැකියි.

රූපය: ගූග්ල් ක්ෂණික සෙවුම් කවුළුව – CTRL+CTRL එබීමෙන් දියත් කරන්න

ෆෙඩෝරා සඳහා ගූග්ල් ඩෙස්ක්ටොප් පිහිටුවාගැනීමට පහත සබැඳියට යන්න.

හැබැයි ඉතින් ගූග්ල් වින්ඩෝස් වෙලුමේ ඇති ගූග්ල් ආයිත්තම් (Gadgets – ගැජට්ස් ) නම් තවමත් ලිනක්ස් සඳහා නිකුත් කර නැහැ. නුදුරු අනාගතයේදීම ඒ සඳහා සහායත් ලැබෙයි කියලා අපි හිතමු. ඒ වෙනතුරු අපිට gDesklets, superKaramba හෝ Screenlets භාවිතා කල හැකියි. වැඩි විස්තර ඉදිරි සටහනකින් බලාපොරොත්තු වෙන්න.


Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>