ඔබට අවශ්‍ය මෘදුකාංගයේ නම දන්නවනම් ඉතා ලෙහෙසියෙන්ම එය ස්ථාපනය කර ගැනීම සඳහා yum (යම්) භාවිත කල හැකියි. මදක් පුරුදු වූ විට Yum මගින් මෘදුකාංග ස්ථාපනය Applications-> Add/Remove Software යන විධානයෙන් ක්‍රියාත්මක වන පිරුට් (Pirut) භාවිතයට වඩා ඉතා පහසුයි. (ඇත්තෙන්ම පිරුට් කියන්නේ යම් වලට අනුගත කල GUI එකක්)

යම් මගින් පෙරනිමියෙන් ස්ථාපනය කල හැක්කේ ෆෙඩෝරා නිල මෘදුකාංග පමනයි. ඉතින් තෙවන පාර්ශවීය මෘදුකාංග ස්ථාපනය සඳහා ලිව්නා ( http://rpm.livna.org/ ) වැනි අඩවියක් යම් සඳහා සක්‍රීය කලයුතු වෙනවා. ෆෙඩෝරා 8 වලදී නම් ලිව්නා, යම් සඳහා ස්ථාපනයට http://rpm.livna.org/livna-release-8.rpm යන rpm බහාලුම ඔබේ පද්ධතියේ ස්ථාපනය කරගන්න.


sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-8.rpm

ෆෙඩෝරා 9 සඳහා

sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-9.rpm

  2 Responses to “Yum මගින් මෘදුකාංග ස්ථාපනය”

  1. නියමයි,
    ඉතා හොද ඛ්ලෙග් එකක්

    චෑම්

  2. මමත් උඛුන්ටු පිලිබඳව ගැන මේ වගේ වැඩක් කරන්න ඉන්නෙ. වෙලාව තමයි අවුල

 Leave a Reply

(required)

(required)

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

   
© 2012 ෆෙඩෝරා ලිනක්ස් සටහන් Suffusion theme by Sayontan Sinha