ඔබ ග්නොම් ඩෙස්ක්ටොප් එක භාවිතා කරන්නෙක් නම් ෆෙඩෝරා වල පෙරනිමියෙන් ස්ථාපනය කර ඇති ශ්‍රව්‍ය-දෘෂ්‍ය ධාවකය නම් ටොටම් (Totem). ටොටම් වලින් MPG, DIVX, MPEG2, WMA වැනි නිදහස් නොවන මාධ්‍ය ගොනු ධාවනය කල නොහැකියි.

ඉතින් මුල්වරට ෆෙඩෝරා ස්ථාපිත කල අපි හැමෝටම බලපාන ගැටළුවක් වන්නේ විවිධාකාර කේතක (Codecs) වලින් කේතනය කර ඇති මාධ්‍ය ගොනු මෙන්ම ඉන්ටර්නෙට් එක තුලින් ගලාඑන මාධ්‍ය දහරා වාදනය කරන්නේ කෙසේද යන්නයි.

මේ සඳහා ටොටම් විකල්ප දෙකක් භාවිතා කල හැකියි. එකක් තමයි Mplayer, අනෙක නම් VLC යි. Mplayer ස්ථාපනය සඳහා “sudo yum install mplayer mplayer-gui යන විධානය ලබාදෙන්න. VLC ස්ථාපනයට sudo yum install vlc යන විධානය ලබාදෙන්න. මේ ධාවක දෙකෙන්ම බොහොමයක්ම ශ්‍රව්‍ය-දෘෂ්‍ය ගොනු ධාවනය කල හැකියි. ඔබට රියල් (Real) ශ්‍රව්‍ය-දෘෂ්‍ය මාධ්‍ය ධාවනය අවශ්‍ය නම් RealPlayer Gold ධාවකය ලබාගන්න.



නමුත් හිතන්න ඔබට ටොටම් සඳහාම මේ ක්‍රියාකාරීත්වය ලබා ගත යුතුයි කියා. ඔබට ඇති එක විසඳුමක් තමයි ෆෙඩෝරා 8 සමග ස්ථාපනය වන CodecBuddy. මෙමගින් ඔබ පලමුවරට නිදහස් නොවන (proprietary or patent encumbered) මාධ්‍යයක් ධාවනය කිරීමට තැත් කල විට CodecBuddy තුලින් ඒ සඳහා අවශ්‍ය විකේතක (Codecs) මුදල් ගෙවා හෝ නොගෙවා ලබා ගැනීමට අවකාශ සලස්වනවා. නමුත් මෙයට වඩා හොඳ විසඳුමක් අපි සතුව තියෙනවා. ඒ තමයි Totem-Xine.

Totem-Xine යනු Totem වලට සෑම අතින්ම සමාන නමුත් totem භාවිතා කරන Gstreamer කේතක පද්ධතිය වෙනුවට Xine යනුවෙන් හැඳින්වෙන කේතක පද්ධතියක් භාවිතා කරන ධාවකයකුයි. මෙහි ඇති වාසිය නම් Totem-Xine, Totem ලෙසින්ම ග්නොම් සමග අනුගත වීමයි. ෆයර්ෆොක්ස් සඳහා plugin එකක් ලෙසත් Totem-Xine ක්‍රියා කරනවා. Totem-XIne ස්ථාපනයට,
“sudo yum remove totem totem-plparser totem-mozplugin rhythmbox”
“sudo yum install totem-xine totem-xine-mozplugin totem-plparser libdvdcss libdvdnav libdvdplay xine-lib-extras-nonfree rhythmbox”

යන විධාන ලබා දෙන්න.

ඉහත සියළු මෘදුකාංග ස්ථාපනයට නම් ඔබ් ලිව්නා ( http://rpm.livna.org/rlowiki/ ) සක්‍රීය කලයුතු වෙනවා. වැඩි විස්තර සඳහා මෙතන බලන්න. යම් මගින් මෘදුකාංග ස්ථාපනය

 

ලිනක්ස් සඳහා හොඳම දුරස්ථ පරිපාලන ක්‍රමය මොකක්ද? GUI එකක් අවශ්‍ය නැත්නම් අනිවාර්‍යයෙන්ම උත්තරය වෙනවා ඇත්තේ SSHයි. නමුත් GUI එකත් අවශ්‍ය නම්, ප්‍රථමයෙන්ම මතකයට එන්නේ VNC නේද?

ලිනක්ස් වලදී VNC දෙයාකාරයකට භාවිතා කල හැකියි. එකක් තමයි දැනට කොන්සෝල් එක හරහා ලොග් වී සිටින යූසර් ගේ ඩෙස්ක්ටොප් එක දුරස්ථව පරිපාලනය. මේ සඳහා භාවිතා කරන්නේ Vino සර්වර් එකයි. ඔබේ ඩෙස්ක්ටොප් එක තවෙකකුට පාලනය කිරීමට හෝ පෙන්වීමට අවශ්‍ය විට vino-preferences විධානය දීමෙන් මේ සඳහා පහසුකම් සලසාගත හැකියි. එසේම vncserver එක ස්ථාපනය මගින් එකම පරිගණකයට කිහිප දෙනෙකුට වුවත් එකවරම, අනන්‍යවම ලොග් විය හැකියි. ඉහත අවස්ථා දෙකේදීම භාවිතා කරන client-side මෘදුකාංගය නම් vncviewer එකයි.

නමුත් ප්‍රශ්නය VNC, මයික්‍රොසොෆ්ට් රිමෝට් ඩෙස්ක්ටොප් ( RDP) හා සසැඳිය හැකිද? විශේෂයෙන්ම අඩු වේගයක් ඇති ජාල සබඳතාවකදී නම් VNC වලට වඩා RDP ඉතා වේගවත්. ඉතින් ඔබ ලිනක්ස් පරිගණකය භාවිතා කරන්නේ client-end එකේ නම් ප්‍රශ්නයක් නැහැ. rdesktop හෝ tsclient ස්ථාපනය කර ගැනීමෙන් ලෙහෙසියෙන්ම මයික්‍රොසොෆ්ට් Terminal-Server එකක් සමග සම්භන්ද විය හැකියි.

Terminal Server හා සැසඳිය හැකි ලිනක්ස් විසඳුමක් අවශ්‍ය නම් විසඳුම FreeNX. මෙමගින් ඉතා අඩු වේගයක් සහිත ලින්ක් එකකදි පවා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන්. FreeNX සර්වර් එක ස්ථාපනය සඳහා පහත විධාන දෙන්න.
sudo yum install freenx

ඉන්පසු http://www.nomachine.com/ අවියෙන් NX client එක ස්ථාපනය කරගන්න. FreeNX භාවිතා කරන්නේ SSH ම නිසා SSH2 වල ඇති සියලු වාසි එය සතුයි. ඔබ දැනටමත් SSH භාවිතා කරනවා නම් Firewall එකේ වෙනස්කම් කලයුතු වන්නේ නැහැ.



 

ඔබට අවශ්‍ය මෘදුකාංගයේ නම දන්නවනම් ඉතා ලෙහෙසියෙන්ම එය ස්ථාපනය කර ගැනීම සඳහා yum (යම්) භාවිත කල හැකියි. මදක් පුරුදු වූ විට Yum මගින් මෘදුකාංග ස්ථාපනය Applications-> Add/Remove Software යන විධානයෙන් ක්‍රියාත්මක වන පිරුට් (Pirut) භාවිතයට වඩා ඉතා පහසුයි. (ඇත්තෙන්ම පිරුට් කියන්නේ යම් වලට අනුගත කල GUI එකක්)

යම් මගින් පෙරනිමියෙන් ස්ථාපනය කල හැක්කේ ෆෙඩෝරා නිල මෘදුකාංග පමනයි. ඉතින් තෙවන පාර්ශවීය මෘදුකාංග ස්ථාපනය සඳහා ලිව්නා ( http://rpm.livna.org/ ) වැනි අඩවියක් යම් සඳහා සක්‍රීය කලයුතු වෙනවා. ෆෙඩෝරා 8 වලදී නම් ලිව්නා, යම් සඳහා ස්ථාපනයට http://rpm.livna.org/livna-release-8.rpm යන rpm බහාලුම ඔබේ පද්ධතියේ ස්ථාපනය කරගන්න.


sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-8.rpm

ෆෙඩෝරා 9 සඳහා

sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-9.rpm

 

මගේ ප්‍රියතම ශ්‍රව්‍ය ධාවකය නම් XMMS යි. වින්ඩෝස් වලදී අපිට නැතුවම බැරි විනැම්ප් අතුරු මුහුණුතම ඇති XMMS විනැම්ප් ස්කින්ස් වලටත් සහාය දක්වනවා. ෆෙඩෝරා වලදී XMMS ස්ථාපනය කර ගැනීමට sudo yum install xmms xmms-mp3 ලෙස විධානය දෙන්න. xmms-mp3 වලින් තමයි MP3 ගොනු ධාවනයට සහාය දක්වන්නේ. (ලිව්නා අඩවිය yum සඳහා සක්‍රීය කිරීමට වග බලාගන්න)

© 2012 ෆෙඩෝරා ලිනක්ස් සටහන් Suffusion theme by Sayontan Sinha